ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය හෙට (31) සිට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
විස්සයි විස්ස තරගාවලියට නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සුපුරුදු ලෙසින් ම චමරි අතපත්තු වෙත හිමි ව ඇති අතර බංග්ලාදේශ සංචාරය අහිමි වූ විශ්මි ගුණරත්න නැවත කණ්ඩායම හා එක් ව සිටිනවා.
ඊට අමතර ව 17 වැනි වියේ පසුවෙන ප්‍රවේගවත් පිතිකාරිනී සංජනා කාවින්දි සහ වමතින් දඟ පන්දු යවන චමුදි ප්‍රබෝධා ද මෙම සංචිතයේ සුවිශේෂී ස්ථාන හිමිකර ගෙන සිටින අතර ඊට අමතර ව පෙර එක්දින තරගාවලිය නියෝජනය නොකළ කෞෂිනි නානායක්කාර, සුගන්දිකා කුමාරි, මල්කා මදාරා සහ කාව්‍යා කාවින්දිට ද මෙම කණ්ඩායමේ ස්ථාන හිමි ව තිබෙනවා.
ඔවුන්ට අමතර ව පාකිස්තානය සමඟින් වූ එක්දින තරගාවලිය නියෝජනය කළ හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, ඉමේෂා දුලානි, නිලක්ෂිකා සිල්වා, කවීෂා දිල්හාරි, නිමාෂා මීපගේ, ඉමේෂා දුලානි, රශ්මිකා සෙව්වන්දි සහ කාව්‍යා කාවින්දි ද මෙම කණ්ඩායමේ ද අසුන් ගෙන තිබෙනවා.
පාකිස්තාන කණ්ඩායමේ ද නායකත්වය සුපුරුදු ලෙසින් ම Muneeba Ali වෙත හිමි ව තිබෙන අතර මෙම කණ්ඩායම සඳහා Eman Naseer, Eyman Fatima, Humna Bilal, Shawaal Zulfiqar සහ Tuba Hassan අලුතින් ම එක් ව සිටිනවා.
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ වසර 24කට පසුව පාකිස්තානය පරාජය කරයි
- පාකිස්තානුවෝ පළමු තරගය පහසුවෙන් ම ජය ගනී
- ශ්‍රී ලංකා සහ පාකිස්තානු කාන්තාවන්ගේ සූරියවැව හටන
- ඉසුරු ප්‍රනාන්දුත් ද්විත්ව ශතකලාභී ලැයිස්තුවට එක් වෙයි
- Galle Gallants පළමු ජය ලබයි
ශ්‍රී ලංකා කාන්තා විස්සයි විස්ස සංචිතය
චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හසිනි පෙරේරා, සංජනා කාවින්දි, හර්ෂිතා සමරවික්‍රම, ඉමේෂා දුලානි, නිලක්ෂිකා සිල්වා, කෞෂිනී නානායක්කාර, කවීෂා දිල්හාරි, නිමාෂා මීපගේ, චමුදි ප්‍රබෝධා, සුගන්දිකා කුමාරි, මල්කි මදාරා, කාව්‍යා කාවින්දි සහ රශ්මිකා සෙව්වන්දි.
පාකිස්තාන කාන්තා විස්සයි විස්ස සංචිතය
Muneeba Ali (නායිකාව සහ කඩුලු රකින්නිය), Ayesha Zafar, Eman Naseer, Eyman Fatima, Humna Bilal, Maham Anees, Momina Riasat, Najiha Alvi, Nashra Sundhu, Saira Jabeen, Shawaal Zulfiqar, Tasmia Rubab, Tuba Hassan, Umm-e-Hani, Waheeda Akhtar.
විස්සයි විස්ස ජාත්‍යන්ත තරග කාලසටහන
1 වැනි තරගය – ජුලි 31 වැනිදා
2 වැනි තරගය – අගෝස්තු 2 වැනිදා
3 වැනි තරගය – අගෝස්තු 4 වැනිදා
දෙරට අතර පැවැති එක්දින තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් 2-1ක් ලෙසින් ජයග්‍රහණය කළ බැවින් මෙම තරගාවලිය තියුණු මුහුණුවරක් ගනු අතැයි විශ්වාස කළ හැකියි.
පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















