Hong Kong Sixes තරගාවලියේ ශ්රී ලංකාව සහභාගී වූ 2 වැනි තරගයේ දී ස්කෝට්ලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 26කින් පරාජයට පත් වුණා.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත ක්රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 144ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිමේ දී ශ්රී ලංකා ක්රීඩකයන්ට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 3ක් දැවී ලකුණු 118ක් පමණයි.
එම තරග පරාජයත් සමඟින් ශ්රී ලංකාව B කාණ්ඩයේ ප්රසාද ලකුණු පුවරුවේ 2 වැනි ස්ථානයට පත් වූ අතර ඔවුන් ඉදිරි තරගවල දී තරග වදින්නේ Plate ශූරතාවලිය යටතේයි. ස්කොට්ලන්ත කණ්ඩායම ලැබූ ජයග්රහණයත් සමඟින් Cup ශූරතාවලියේ අවසන් පූර්ව වටයට එක්වීමට සුදුසුකම් ලබා ගත්තා.
>>හැළඹගේ ගෙන් වෙඩිවන් ඉනිමක් බංග්ලාදේශය අනාථ කරයි<<
ශ්රී ලංකා කණ්ඩායම
සංගීත් කුරේ (නායක සහ කඩුලු රකින්නා), විශේන් හැළඹගේ, සචිත ජයතිලක, රවිඳු ප්රනාන්දු, මුදිත ලක්ෂාන් සහ චමිඳු විජේසිංහ.
ස්කොට්ලන්ත කණ්ඩායම
Finlay McCreath (නායක සහ කඩුලු රකින්නා), Michael Leask, Jack Jarvis, Lyle Robertson, Jasper Davidson, Safyaan Sharif.
කාසියේ වාසිය දිනා ගත් ශ්රී ලංකා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ස්කොට්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Michael Leask. ඔහු පන්දු 15ක දී හයේ පහර 10ක් සහ හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 70ක් ලබා ගත්තා.
ඊට අමතර ව නායක Finlay McCreath පන්දු 7ක දී හයේ පහර 4ක් සමඟින් ලකුණු 26ක් ලබා ගන්නවා. ඔවුන් දෙදෙනා එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 13ක දී ලකුණු 55ක් එක් කර තිබිය දී ආබාධිත තත්ත්වයක් මත Michael Leask පිටියෙන් ඉවත් වෙනවා. ඒ වෙද්දී ඔහු පන්දු 11කින් ලකුණු 50ක් ලබා සිටියා.
නැවත ඔහු පිටියට පිවිසෙන්නේ ඉනිමේ අවසන් කඩුල්ල ලෙස පන්දු 4කට මුහුණ දිමටයි. එම පන්දු 4 දී ඔහු හයේ පහර 3ක් සමඟින් ලකුණු 20ක් ලබා ගන්නවා.
ඔවුන් දෙදෙනාට අමතර ව Jasper Davidson පන්දු 6ක දී හයේ පහර 3ක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 22ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී මුදිත ලක්ෂාන් ලකුණු 45කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව රවිඳු ප්රනාන්දු සහ සචිත ජයතිලක කඩුල්ල බැගින් දවා ගන්නවා.
- ශ්රී ලංකා ක්රීඩකයෝ හෙට Hong Kong Sixes තරග බිමේ
- පාකිස්තානුවෝ තමන්ට එරෙහි වසර 51ක වාර්තාවක් සතු කර ගනී
- තුන්කොන් තරගාවලියේ දී හමුවෙන ප්රතිවාදීන්
- ශ්රී ලංකා යෞවනියෝ තුන්කොන් ශූරතාව දිනා ගනී
- කුසල් මෙන්ඩිස්ට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වත්
පිළිතුරු ශ්රී ලංකා ඉනිම විශේන් හැළඹගේ සහ සංගීත් කුරේ ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනාට 1 වැනි කඩුල්ලට පන්දු 19ක දී ලකුණු 55ක් ලබා ගන්නවා. විශේන් හැළඹගේ පන්දු 12කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමඟින් ලකුණු 30කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
සංගීත් කුරේ ඉනිමේ 2 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 9ක දී හයේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් ලබා සිටියා. රවිඳු ප්රනාන්දු ගේ ඉනිම පන්දු 2ක ලකුණු 6කට සීමා වුණා.
තරගය අවසන් වෙද්දී සචිත ජයතිලක පන්දු 9ක දී හයේ පහර 3ක් සහ හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 28ක් ද සහ මුදිත ලක්ෂාන් පන්දු 5ක දී හයේ පහර 4ක් සහ හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 28ක් ලබා සිටියා.
ඔවුන් දෙදෙනා සිව් වැනි කඩුල්ලට පන්දු 12ක දී ලකුණු 52ක සබඳතාවක් එක් කරනවා.
කඩුලු දවා ගැනීමේ දී දකුණතින් මඳ වේග පන්දු යැවූ Jasper Davidson ලකුණු 23ක් පමණක් ලබා දෙමින් එක ම පන්දු වාරයේ දී විශේන් හැළඹගේ, සංගීත් කුරේ සහ රවිඳු ප්රනාන්දු දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ස්කොට්ලන්තය – කඩුලු 4ක් දැවී 144 (6.0) Finlay McCreath 26, Michael Leask නොදැවී 70, Jasper Davidson 22, මුදිත ලක්ශාන් 2/45
- ශ්රී ලංකාව – කඩුලු 3ක් දැවී 118 (6.0) විශේන් හැළඹගේ 30, සංගීත් කුරේ 22, සචිත ජයතිලක නොදැවී 28, මුදිත ලක්ෂාන් නොදැවී 28 Jasper Davidson 3/23
ස්කොට්ලන්ත කණ්ඩායමට ලකුණු 26ක ජයක්.
තරගයේ වීරයා – Michael Leask
මෙම තරග පරාජයත් සමඟින් ශ්රී ලංකාව, ඕමානය සමඟින් Plate ශූරතාවලියේ 1 වැනි අවසන් පූර්ව තරගයට සහභාගී වීමට නියමිතයි.
දෙස් විදෙස් ක්රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















