පිට පිට 5 වැනි වරටත් මැංගුස් එක්දින සටනේ ජය තිස්ස විද්‍යාලයට

1454

කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය සහ කළුතර විද්‍යාලය අතර 10 වැනි වරටත් පැවති මැංගුස් සටන වාර්ෂික සීමිත පන්දුවාර තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට අද (25) තිස්ස විද්‍යාලය සමත් විය.

පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී අද නිමා වූ මෙම තරගයෙන් තිස්ස විද්‍යාලය කඩුලු 4ක ජයක් ලැබුවේ තරගය නිමා වීමට තවත් පන්දුවාර 16ක් ඉතිරිව තිබිය දී ය. ඒ අනුව පැවති තරග අතුරින් තරග 8ක ජයග්‍රහණය තිස්ස විද්‍යාලයීය ක්‍රීඩකයෝ සතු වූ අතර ඉන් තරග 5කම ජයග්‍රහණ පිට පිට ලබා ගැනීමට ඔවුන් සමත් වූහ.

මැංගුස් හටනේ විසඳුමට කාලගුණය හරස් වේ; වීරයා යොහාන්

කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස මධ්‍ය විද්‍යාලය අතර 60 වැනි වරට පැවති මැංගුස් හටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය……..

කාසියේ වාසිය දිනූ කළුතර විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 161කි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ අවිශ්ක ලක්ෂාන් ය. ඔහු පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තේ ය.

තිස්ස ඉනිමේ දී වරෙක කඩුලු 3ක් දැවී ලකුණු 80ක් ලෙසින් ලකුණු පුවරුව සටහන්ව තිබුණ ද එසැනින් කඩුලු 7ක් දැවී ලකුණු 104ක් ලෙසින් ලකුණු පුවරුව යාවත්කාලීන කිරීමට තිස්ස විද්‍යාලයීය පන්දු යවන්නෝ සමත් වූහ.

අනතුරුව 7 වැනි කඩුල්ලට අවිශ්ක ලක්ෂාන් සහ චෙනුක ද සිල්වා එක්වෙමින් ලකුණු 49ක සබඳතාවක් එක් කරමින් විද්‍යාලයීය ඉනිම ගෞරවනීය තත්ත්වයකට ගෙන ආහ. එහි දී චෙනුක ද සිල්වා පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තේ ය. ඊට ප්‍රථම ආරම්භ පිතිකරු ලෙසින් පිටියට පිවිසි රවිඳු ජයවික්‍රම පන්දු 68ක දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 24ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය.

වාර්තා අලුත් කරමින් බෝයගොඩ ලබාගත් ශතකය නිසා ජය ත්‍රිත්වයට

මහනුවර සුප්‍රසිද්ධ පාසල් ද්විත්වයක් වන ත්‍රිත්ව විද්‍යාලය හා සාන්ත අන්තෝනි විද්‍යාලය අතර ………

පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යැවූ තාරක සඳරුවන් ලකුණු 35කට කඩුලු 4ක් දවා ගත්තේ ය. ඔහුගේ එම දක්ෂතාව තරගයේ දක්ෂතම පන්දු යවන්නා සේ ම තරගයේ වීරයා ලෙසින් නම් කිරීමට ද ඉවහල් විය. පාසල් ක්‍රිකට් සමයේ දී කඩුලු ශතකයක් ලබා ගනිමින් වාර්ෂික එක්දින තරගයට සහභාගී වූ වමතින් දඟපන්දු යවන රොහාන් සංජය අද තරගයේ දී පන්දු වාර 10ක් යැවූව ද, එක්දු කඩුල්ලක් හෝ ලබා ගැනීමට සමත් වූයේ නැත. දැවී ගිය අනෙක් කඩුලු රසාංජන අරවිඳු, මිතිර තෙනුර, සංචන ලංකා, කමේෂ් මධුශංක සහ සතින් හිමාෂ් විසින් එක් කඩුල්ල බැගින් බෙදා ගත්හ.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි තිස්ස විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 6ක් පමණක් දැවී තරගයේ 33.2 වැනි පන්දුවේ දී ජයග්‍රාහී ලකුණ ලබා ගත්තේ දැවැන්ත හයේ පහරක් එල්ල කරමිනි. ඒ අනුව ලකුණු පුවරුව 166ක් දක්වා කැරකැවුණ අතර වමත් පිතිකරු රොහාන් සංජය පන්දු 51ක දී හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 41ක් ලබා ගත්තේ ය.

අරවින්ද ද සිල්වා අභියෝගතා කුසලානය මහානාමයට

අරවින්ද ද සිල්වා අභියෝගතා කුසලානය වෙනුවෙන් කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය අතර ………..

ඔහුට අමතරව තිස්ස ඉනිම ගොඩ නැගීමේ දී තවත් වමත් පිතිකරුවෙක් වූ නිලුපුල් දර්ශන පන්දු 65ක දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තේ ය. ඔහු තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණි. නිලුපුල් සහ කෝසල රවිඳු 4 වැනි කඩුල්ලට ලකුණු 64ක සබඳතාවක් එක් කරමින් ඉනිමේ හොඳම කඩුලු ලකුණු සබඳතාව ද එක් කිරීමට සමත් වූහ. කෝසල පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තේ ය. මීට අමතරව ආරම්භක පිතිකරු රමේෂ් මධුශංක පන්දු 23ක දී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ඉතා ඉක්මන් ලකුණු 34ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී අවිශ්ක ලක්ෂාන් කඩුලු 3ක් ද, කවිඳු ජයවික්‍රම කඩුලු 2ක් ද දවා ගත්හ. තරගයේ දක්ෂතම පන්දු රකින්නා සම්මානය දිනා ගත්තේ කළුතර විද්‍යාලයේ චෙනුර ද සිල්වා ය.

කළුතර විද්‍යාලය; සියලුම දෙනා දැවී 161 (49.3) රවිඳු ජයවික්‍රම 24, විශාක ප්‍රනාන්දු 18, දුනිත් ජයතුංග 21, අවිශ්ක ලක්ෂාන් 31, චෙනුර ද සිල්වා 24, තාරක සඳරුවන් 4/35

තිස්ස විද්‍යාලය; කඩුලු 6ක් දැවී 166 (33.2) රමේෂ් මධුශංක 34, රොෂාන් සංජය 41, නිලුපුල් දර්ශන 43, කෝසල රවිඳු  22, කවිඳු ජයවික්‍රම 2/33, අවිශ්ක ලක්ෂාන් 3/27

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<