ශ්‍රී ලංකා සහ පාකිස්තානු කාන්තාවන්ගේ සූරියවැව හටන

Pakistan Women tour of Sri Lanka 2026

2
Pakistan Women tour of Sri Lanka 2026

එක්දින ජාත්‍යන්තර තරග 3ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 3ක් සඳහා සහභාගී වීමට මෙරට පැමිණි පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරය හෙට (23) සිට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරග සංචාරයේ සියලු තරග හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට යෝජිතයි.

එක්දින ජාත්‍යන්තර තරග කාලසටහන

1 වැනි තරගය – ජුලි 23 වැනිදා

2 වැනි තරගය – ජුලි 25 වැනිදා

3 වැනි තරගය – ජුලි 28 වැනිදා

විස්සයි විස්ස ජාත්‍යන්ත තරග කාලසටහන

1 වැනි තරගය – ජුලි 31 වැනිදා

2 වැනි තරගය – අගෝස්තු 2 වැනිදා

3 වැනි තරගය – අගෝස්තු 4 වැනිදා

දෙරට ක්‍රීඩිකාවෝ මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 34ක දී එකිනෙකා හමුව ඇති අතර එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අවස්ථා 22ක දී සහ පාකිස්තාන ක්‍රීඩිකාවෝ අවසථා 11ක දී ජයග්‍රහණය හිමිකරගෙන සිටින අතර එම ඉතිහාසයට විසඳුමකින් තොරව අවසන් වූ මෙරට දී පැවැති 2025 ලෝක කුසලාන තරගාවලියේ තරගය ද තිබෙනවා.

දෙරට ක්‍රීඩිකාවෝ විස්සයි විස්ස ජාත්‍යන්තර 21ක දී මේ දක්වා එකිනෙකා හමුව ඇති අතර ඉන් තරග 11ක ජයග්‍රහණ පාකිස්තානය සතු වෙද්දී ශ්‍රී ලංකාවට හිමි ව ඇත්තේ තරග 9ක ජයග්‍රහණයයි. අනෙක් තරගය ඉතිහාසයට එක් ව ඇත්තේ නොවිසඳුණ තරගයක් ලෙසයි.

පාකිස්තාන කාන්තා කණ්ඩායම

තරගාවලිය සඳහා එක් වෙන පාකිස්තාන කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය Fatima Sana වෙත හිමි වි ඇති අතර විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ Muneeba Ali වෙතයි.

24 හැවිරිදි Fatima Sana මේ වෙද්දී එක්දින ජාත්‍යන්තර තරග 61කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 63කට සහභාගී වී සිටින අතර එහි දී එක්දින ජාත්‍යන්තර කඩුලු 82ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුලු 59ක් ලබා සිටින විශ්වසනීය දකුණත් මඳ වේග පන්දු යවන්නියක්.

පිතිකාරිනියක් ලෙසින් ද ඇය එක්දින ජාත්‍යන්තර ලකුණු 785ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර ලකුණු 800ක් ලබා සිටිනවා. ශ්‍රී ලංකාවට එරෙහි ව පාකිස්තානය මෙහෙයවූ 6 වැනි එක්දින නායිකාව වූ Fatima Sana මීට පෙර එක් වතාවක් ශ්‍රී ලංකාවට එරෙහිව කණ්ඩායම මෙහෙයවා තිබෙනවා. එම තරගය නිමා වෙන්නේ විසඳුමකින් තොරවයි.

පාකිස්තාන විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය හිමි වමත් ඉදිරි පෙළ පිතිකාරිනියක් සහ කඩුලු රැකීමේ අත් ආවරණ ද පළදින Muneeba Ali මේ වෙද්දී එක්දින ජාත්‍යන්තර තරග 62ක දී ශතකයක් සහ අර්ධ ශතක 5ක් ද සමඟින් ලකුණු 1386ක් ද සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 94ක දී ශතක ද්විත්වයක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 1712ක් ද ලබා සිටින ක්‍රීඩිකාවක්.

පාකිස්තානයේ විස්සයි විස්ස තරග පිටියේ 11 වැනි නායිකාව වන Muneeba Ali, ශ්‍රී ලංකාවට එරෙහි ව විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකට නායකත්වය දෙන පාකිස්තානයේ 5 වැනි ක්‍රීඩිකාවයි.

මෙම කණ්ඩායම් වෙනුවෙන් නම් කරන ලද කණ්ඩායමේ Ayesha Zafar, Maham Anees, Momina Riasat, Muneeba Ali, Najiha Alvi, Nashra Sundhu, Saira Jabeen, Umm-e-Hani සහ Waheeda Akhter කණ්ඩායම් ද්විත්වයට ම නම් කර තිබෙන අතර Fatima Sana, Gull Feroza, Sadaf Shamas, Sidra Amin, Syeda Aroob Shah සහ Tasmia Rubab එක්දින සංචිතයට පමණක් ද සහ Eman Naseer, Eyman Fatima, Humna Bilal, Shawaal Zulfiqar, Tasmia Rubab සහ Tuba Hassan විස්සයි විස්ස සංචිතයට පමණක් නම් කර තිබෙනවා.

ඒ අතුරින් වයස අවුරුදු 19න් පහළ පාකිස්තාන කාන්තා කණ්ඩායම් නියෝජනය කළ දක්ෂ පිතිකාරිනියක් ලෙසින් වර්ගීකරණයට ලක් Eman Naseer සහ Maham Anees මෙන් ම වමතින් දඟ පන්දු යවන Momina Riasat පළමු වතාවට පාකිස්තාන කාන්තා ජාතික කණ්ඩායමට නම් කර තිබෙනවා.

ඔවුන්ට අමතර ව Najiha Alvi, Umm-e-Hani සහ Waheeda Akhtar ද කලකට පසුව පාකිස්තාන සංචිත සඳහා එක් කර තිබෙනවා.

පාකිස්තාන එක්දින කාන්තා ක්‍රිකට් සංචිතය

 

Fatima Sana (නායිකාව), Ayesha Zafar, Gull Feroza, Maham Anees, Momina Riasat, Muneeba Ali (කඩුලු රකින්නිය), Najiha Alvi, Nashra Sundhu, Sadaf Shamas, Saira Jabeen, Sidra Amin, Syeda Aroob Shah, Tasmia Rubab, Umm-e-Hani, Waheeda Akhter.

පාකිස්තාන කාන්තා විස්සයි විස්ස සංචිතය 

 

Muneeba Ali (නායිකාව සහ කඩුලු රකින්නිය), Ayesha Zafar, Eman Naseer, Eyman Fatima, Humna Bilal, Maham Anees, Momina Riasat, Najiha Alvi, Nashra Sundhu, Saira Jabeen, Shawaal Zulfiqar, Tasmia Rubab, Tuba Hassan, Umm-e-Hani, Waheeda Akhtar.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම

පාකිස්තාන තරගාවලිය සඳහා එක් වෙන ශ්‍රී ලංකා කාන්තා එක්දින සංචිතයේ වගකීම නැවත වතාවක් චමරි අතපත්තු වෙත හිමි ව තිබෙන අතර උප

චමරි අතපත්තු පාකිස්තානයට එරෙහි ව මෙතෙක් තරග 10ක් මෙහෙයවා ඇති අතර එහි දී ජයග්‍රහණය කරා කණ්ඩායම මෙහෙයවීමට හැකි වී ඇත්තේ එක් තරගයක දී පමණක් වන අතර අනෙකුත් තරග ලැයිස්තු ගත ව ඇත්තේ පරාජිත තරග 8ක් සහ විසඳුමකින් තොරව අවසන් වූ තරගයක් ලෙසයි.

ඇය පාකිස්තානයට එරෙහි ව විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 14ක් මෙහෙයවා ඇති අතර ඉන් තරග 6ක් ජයග්‍රහණ කරද්දී තරග 8ක් පරාජිත තරග සේ ඉතිහාසයට එක් ව තිබෙනවා.

ඇයත් සමඟින් මේ වසරේ බංග්ලාදේශ තරගාවලිය හා එක් වූ කණ්ඩායමේ බහුතරයක් ක්‍රීඩිකාවෝ මෙම තරගාවලිය හා සමඟ ද එක් වෙනවා. ඒ අතුරින් විශ්මි ගුණරත්න, ඉමේෂා දුලානි, හර්ෂිතා සමරවික්‍රම, හංසිමා කරුණාරත්න සහ හසිනි පෙරේරා ඉදිරි පෙළ පිතිකාරිනියන් ලෙසින් ද අනුෂ්කා සංජීවන සහ නිලක්ෂිකා සිල්වා මැද පෙළ පිතිකාරිනියන් ලෙසින් සංචිතයට එක් ව සිටිනවා.

නායිකා චමරි අතපත්තු සමඟින් කණඩායමට එක් ව ඇති තුන් ඉරියව් ක්‍රීඩිකාවන් වෙන්නේ කවීෂා දිල්හාරි, රශ්මිකා සෙව්වන්දි සහ දෙව්මි විහංඟා වන අතර සංචිතයට එක් කර ඇති පන්දු යවන්නියන් වෙන්නේ කාව්‍යා කාවින්දි, නිමාෂා මීපගේ, ඉනෝකා රණවීර සහ චේතනා විමුක්තියි.

ශ්‍රී ලංකා කාන්තා එක්දින සංචිතය

 

චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, හංසිමා කරුණාරත්න, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, අනුශ්කා සංජීවනී, චේතනා විමුක්ති, ඉනෝකා රණවීර, නිමාෂා මීපගේ, ඉමේෂා දුලානි, දෙව්මි විහංඟා, රශ්මිකා සෙව්වන්දි සහ කාව්‍යා කාවින්දි.

ශ්‍රී ලංකාව ජයග්‍රහණයකින් ලෝක කුසලාන ගමන නිමා කරයි

චමරි ආවේශ වෙයි, අයර්ලන්තයට එරෙහිව කඩුලු 9ක ජයක්

දෙරට ක්‍රීඩිකාවෝ ද්විත්ව තරගාවලියක් සඳහා එක් වෙන 4 වැනි අවස්ථාවයි මේ. ඔවුනොවුන් පළමු වරට තරගාවලියක දී එකිනෙකා හමුවෙන්නේ මිට වසර 28කට පෙර 1998 වසරේ පාකිස්තාන කණ්ඩායමේ මෙරට සංචාරයේදීයි. එහි දී පැවැති තරග 3කින් යුත් එක්දින තරගාවලිය 3-0ක් ලෙසින් ජයග්‍රහණය කරන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දෙරට අතර පැවැති එක ම ටෙස්ට් තරගයෙන් ද ජයග්‍රහණය කරනවා.

ඉන් අනතුරු ව දෙරට ක්‍රීඩිකාවෝ නැවත හමුවෙන්නේ 2002 වසරේ දී නැවත වතාවක් පාකිස්තාන කණ්ඩායමේ මෙරට සංචාරයේදීයි. එම තරගාවලියට එක්දින තරග 6ක් ඇතුලත් වූ අතර එහි දී තරග 6-0ක සුපිරි ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.

2011 වසරේ දී එක් එක්දින තරගයක් සඳහා සහභාගී වන පාකිස්තාන ක්‍රීඩිකාවෝ එය ජයග්‍රහණය කරමින් මෙරටින් පිටත් වෙන අතර අනතුරු ව 2015 වසරේ දී පාකිස්තානයේ සත්කාරකත්වයෙන් යුත් එක්දින තරගාවලියක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙනවා. තරග 3කින් යුත් එම එක්දින තරගාවලියේ සියලු තරග ජයග්‍රහණය කරන්නේ පාකිස්තාන කණ්ඩායමයි.

එම තරග සංචාරයට විස්සයි විස්ස තරග 3කින් යුත් තරගාවලියක් ද ඇතුලත් වූ අතර එය දෙරට අතර පැවැති පළමු ද්විත්ව රටවල් අතර පැවැති විස්සයි විස්ස තරගාවලියයි. එම තරගාවලියේ ජයග්‍රහණය 2-1ක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සතු වෙනවා.

ඉන් අනතුරු ව දෙරට ක්‍රීඩිකාවෝ නැවත වතාවක් ද්විත්ව තරගාවලියක දී හමුවෙන්නේ 2018 වසරේ දී පාකිස්තාන කණ්ඩායමේ මෙරට සංචාරයේදීයි. ඊට එක්දින ජාත්‍යන්තර තරග 3ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 3ක් ඇතුලත් වූ අතර එහි දී එක්දින තරගාවලිය 3-0ක් ලෙසත් සහ විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙසත් ජයග්‍රහණය කිරිමට සංචාරක පාකිස්තාන ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.

දෙරට ක්‍රීඩිකාවෝ අවසන් වරට ද්විත්ව තරගාවලියක දී හමුවෙන්නේ 2022 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේදීයි. එහි දී තරග 3කින් යුත් එක්දින තරගාවලිය 2-1ක් ලෙසින් ද සහ තරග 3කින් යුත් විස්සයි විස්ස තරගාවලිය 3-0ක් ලෙසිනුත් ජය ගැනීමට පාකිස්තාන ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.

මෙම තරගාවලිය එතැන් සිටයි…

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<