මතීෂගේ පිත්තෙන් ශතකයක් – මලියදේවයින් රජ ගමනක

183
37th Battle of the Rocks

ඇතුගල්පුර ක්‍රිකට් සැණකෙළිය ආරම්භ කරමින් කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාල අතර පැවැත්වෙන ’37 වැනි ඇතුගල්පුර මහා ක්‍රිකට් සටන’ අද (13) කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. 

තෝමසුවෝ තරගයේ පාලනය අත නොහරී

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර 141 වැනි නිල් මහා සටනේ දෙවැනි

ඒ අනුව 2019/20 තරග වාරයේ දෙදින ක්‍රිකට් ගැටුමේ ආරම්භය සටහන් කරමින් කාසියේ වාසිය දිනා ගැනීමට පස්වැනි වසරේ වර්ණලාභියෙකු වන කුරුණෑගල සාන්ත ආනා නායක කවිඳු රණසිංහ සමත් වූ අතර ඔහු මුලින්ම පන්දුවට පහර දීමේ අවස්ථාව කුරුණෑගල මලියදේව ක්‍රීඩකයින්ට ලබා දුන්නේය. 

තරගයේ සිය පළමු ඉනිම ආරම්භ කරමින් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට මලියදේවයන් සමත් වූ අතර පළමු කඩුල්ලට ඔවුන් ලකුණු 56ක සබඳතාවයක් සිය ලකුණු පුවරුවට එක් කළහ. එහි දී එම සබඳතාවය බිඳ දැමීමට සාන්ත ආනාවේ කවිඳු රණසිංහ සමත් වූ අතර පළමු කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් වූයේ ලකුණු 28ක් ලබා සිටි අමීෂ තෙන්නකෝන්ය.

Photos : 37th Battle of the Rocks Maliyadeva College vs St. Anne’s College – Day 1

දිනය තුල වාර්තා වූ සුපිරි ඉනිමට හිමිකම් කියූ ආරම්භක පිතිකරු මතීෂ වීරසිංහ එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් කණ්ඩායම විශාල ලකුණු පුවරුවක් වෙත රැගෙන යාමට සමත් විය. දෙවන කඩුල්ලට ද ලකුණු 50 සබදතාවයක් පිහිටුවීමට ඒ අනුව මඟපෑදුණි. 

මලියදේවයින් වෙනුවෙන් දෙවන විශිෂ්ටම ඉනිම දියත් කිරීමට අර්ධ ශතක ඉනිමක් ක්‍රීඩා කළ  මුල්පෙළ පිතිකරු ගයාන් වීරසිංහ සමත් වූ අතර ඔහු ලකුණු පුවරුවට ලකුණු 58ක් එකතු කළේය. සෙසු පිතිකරුවන් වන ඉෂාර මුණසිංහ සහ චාලුක අතපත්තු යන ක්‍රීඩකයින් අර්ධ ශතක ආසන්නයේ දී ලකුණු 43 බැගින් රැස් කර සිටිය දී දැවී ගියේය. 

බංග්ලාදේශ ක්‍රිකට් තද තීරණයක; සංගීත ප්‍රසංගයකුත් අවලංගුයි

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ ආසියානු XI කණ්ඩායම හා ලෝක XI කණ්ඩායම

එමෙන්ම මලියදේව ලකුණු පුවරුව ශක්තිමත් කිරීමට සෙසු පිතිකරුවන් වන අමීෂ තෙන්නකෝන් සහ නායක මුදිත ප්‍රේමදාස මඳ දායකත්වයක් ලබා දෙමින් පිළිවෙළින් ලකුණු 28ක් සහ 26ක් වශයෙන් රැස්කිරීමට සමත් විය. 

ඒ අනුව ඇතුගල්පුර මහා ක්‍රිකට් ගැටුමේ පළමු දිනය නිමාවට පත් වන විට සිය පළමු ඉනිමට මලියදේවයින් ශක්තිමත් ස්ථානයක රැඳෙමින් පන්දුවාර 103 පන්දු 05ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 331ක් රැස්කරගෙන සිටින අතර හෙට (14) තරගයේ තීරණාත්මක අවසන් දිනයයි. 

සාන්ත ආනා විද්‍යාලය වෙනුවෙන් සාර්ථකම පන්දු යවන්නා වීමට කවිඳු රණසිංහ සමත් වූ අතර ඔහු ලකුණු 57ක් තුල කඩුලු 2ක් දවාලීය. 

කුරුණෑගල මලියදේව විද්‍යාලය: මතීෂ වීරසිංහ 113, ගයාන් වීරසිංහ 58, ඉෂාර මුණසිංහ 43, චාලුක අතපත්තු 43, කවිඳු රණසිංහ 2/57

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<