ඕමානය කඩුලු 5කින් ශ්‍රී ලංකාව පරාජය කරයි

Hong Kong Sixes 2026

2

Hong Kong Sixes තරගාවලියේ Plate ශූරතාවලියේ අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕමානය වෙතින් කඩුලු 5ක පරාජයකට ලක් වූවා.  

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 92ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඕමාන ක්‍රීඩකයෝ තවත් පන්දු 8ක් ද ඉතිරි කර ගනිමින් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තා. 

හැළඹගේ ගෙන් වෙඩිවන් ඉනිමක් බංග්ලාදේශය අනාථ කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම 

සංගීත් කුරේ (නායක), විශේන් හැළඹගේ (කඩුලු රකින්නා), මොවින් සුබසිංහ,  සචිත ජයතිලක, මුදිත ලක්ෂාන් සහ චමිඳු විජේසිංහ. 

 

ඕමාන් කණ්ඩායම 

Aamir Kaleem (නායක) Zohaib Amanat, Usman Ali, Sami Hassan (කඩුලු රකින්නා), Muzahir Raza සහ Shafiq Jan. 

කාසියේ වාසිය දිනා ගත් ඕමාන් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වෙන්නේ නැහැ.  

නායක සංගීත් කුරේ තමන් මුහුණ දුන් 2 වැනි පන්දුවේ දී ලකුණු නොලබා ම දැවී යනවා. ඉන් අනතුරු ව විශේන් හැළඹගේ හා එක් වූ මොවින් සුබසිංහ 17ක දී ලකුණු 49ක සබඳතාවක් එක් කරනවා.  

විශේන් හැළඹගේ පන්දු 12ක දී හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් සමඟින් ලකුණු 37කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.  

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව මොවින් සුබසිංහ ද පන්ද 10ක දී හයේ පහර 3ක් සහ හතරේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ලබා සිටිය දී දැවී යන අතර  ඉන් අනතුරු ව ශ්‍රී ලංකා ඉනිමට පන්දු 8ක දී හයේ පහර 2ක් සමඟින් ලකුණු 17ක් එක් කිරීමට සචිත ජයතිලක සමත් වෙනවා.  

ඔවුන්ට අමතර ව මුදිත ලක්ෂාන් පන්දු 2ක දී ලකුණු 4ක් ද සහ චමිඳු විජේසිංහ පන්දු 2ක දී ලකුණු 4ක් ද එක් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කළා.  

කඩුලු දවා ගැනීමේ දී Muzahir Raza ලකුණු 27කට කඩුලු 2ක් ද, Aamir Kaleem සහ Zohaib Amanat කඩුල්ල බැගින් ද දවා ගත්තා.    

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඕමාන කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ Zohaib Amanat සහ Usman Ali එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 26ක දී ලකුණු 86ක සබඳතාවක් එක් කරනවා.  

Usman Ali පන්දු 14ක දී හයේ පහර 7ක් සමඟින් ලකුණු 46කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටුණා.  

තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී Zohaib Amanat පන්දු 13ක දී හයේ පහර 5ක් සහ හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 43ක් ද සහ නායක Aamir Kaleem නොදැවී ලකුණක් ද ලබා සිටියා.  

ඕමාන ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය මුදිත ලක්ෂාන් සතු වුණා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව  

  • ශ්‍රී ලංකාව – කඩුලු 5ක් දැවී 92 (6.0) විශේන් හැළඹගේ 37, මොවින් සුබසිංහ 28, Muzahir Raza 2/27 
  • ඕමානය – කඩුල්ලක් දැවී 93 (4.4) Zohaib Amanat නොදැවී 43, Usman Ali 46, මුදිත ලක්ෂාන් 1/08

ඕමාන කණ්ඩායමට කඩුලු 5ක ජයක්. 

තරගයේ වීරයා – Muzahir Raza (ඕමානය) 

මෙම තරග පරාජයත් සමඟින් ශ්‍රී ලංකාව, තරගාවලියේ 7 වැනි ස්ථානය තෝරා ගන්නා තරගයට සත්කාරක හොංකොං කණ්ඩායම හා සමඟ එක් වීමට නියමිතයි. එම තරගය හෙට (01) පෙරවරු 8.05ට පැවැත්වේ.  

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<