ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියට තවත් ද්විත්ව ශතකයක් අද (21) ආරම්භ වූ තරගවල දී එක් වුණා.
ඒ BRC කණ්ඩායමේ ඉසුරු ප්‍රනාන්දු වෙතින්. ඔහු Ace Capital CC කණ්ඩායමට එරෙහි ව පන්දු 251කට මුහුණ දෙමින් හතරේ පහර 23ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 201ක් ලබා ගත්තා. ඔහු මෙම තරගයේ දී ලිත්ම පෙරේරා හා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 251ක දී ලකුණු 217ක් ලබා ගන්නවා.
එහි දී ලිත්ම පෙරේරා තරගය පළමු දිනයට නතර කරන විට පන්දු 128කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 109ක් ලබා සිටියා.
මේ අතර Nugegoda S & WC කණ්ඩායමේ ලහිරු දවටගේ Navy SC කණ්ඩායමට එරෙහි ව පන්දු 229කට මුහුණ දෙමින් හතරේ පහර 23ක් සමඟින් නොදැවී ලකුණු 191ක් ලබා සිටියා.
CCC කණ්ඩායමේ අංජල බණ්ඩාර Leo CC කණ්ඩායමට එරෙහි ව පන්දු 220කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සමඟින් ලකුණු 157ක්, Kurunegala SC කණ්ඩායමේ ජනිත් රවිශ්ක Kandy Customs SC කණ්ඩායමට එරෙහි ව පන්දු 194කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 128ක් සහ Chilaw Marians CC කණ්ඩායමේ දර්ශක සංදීප් Galle CC කණ්ඩායමට එරෙහි ව පන්දු 136කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 101ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී අද අවසන් වූ Chilaw Marians CC සහ Galle CC අතර තරගයේ දී Chilaw Marians CC කණ්ඩායමේ මෙලන් හංසක Galle CC කණ්ඩායමට එරෙහි ව කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් වෙනවා. එය මෙවර තරගාවලියේ මංගල කඩුලු ත්‍රිත්වයි.
මේ අතර පිතිකරුවන් අතුරින් Police SC කණ්ඩායමේ ධනුජ ඉඳුවර (97), NCC කණ්ඩායමේ ශවීන් පෙරේරා (53), Panadura SC කණ්ඩායමේ අසදිස ද සිල්වා (50), SSC කණ්ඩායමේ රිවිත් ජයසූරිය (56) සහ ශෙවෝන් ඩැනියෙල් (නොදැවී 61), Kurunegala SC කණ්ඩායමේ යශ්මිත් ජයසුන්දර (67), Nugegoda S & WC කණ්ඩායමේ දසිස් මංචනායක (81), CCC කණ්ඩායමේ සනුල් විරරත්න (70) සහ Chilaw Marians CC කණ්ඩායමේ යසිරු ලක්ෂාන් (65) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟ පන්දු යවන SSC කණ්ඩායමේ මල්ශ ප්‍රනාන්දු Panadura SC කණ්ඩායමේ කඩුලු 7ක් ලකුණු 39කට දවා ගනිමින් දක්ෂතා දක්වන අතර ඊට අමතර ව Galle CC කණ්ඩායමේ මානිත රාජපක්ෂ (5/44), Negombo CC කණ්ඩායමේ ශෙහාන් ප්‍රමෝද් (5/64), Bloomfield C & AC කණ්ඩායමේ තරින්ද ගුරුගේ (5/38) ද පන්දු යැවීමේ දී දක්ෂතා දැක් වූවා.
- ශක්ති සහ ඉඳුවර දක්ෂතා දක්වයි
- මානස සහ හිරුණ ද්විත්ව ශතක සමාජයට
- හිරුන් ජයසුන්දර ද්විත්ව ශතකයක් ලබා ගනී
- සෙනුජ වැකුණගොඩගෙන් ද්විත්ව ශතකයක්
- මල්ෂ පිට පිට 2 වැනි ශතකයත් වාර්තා කරයි
අද ආරම්භ වූ තරගවල කෙටි ලකුණු පුවරු
Tamil Union C & AC සහ Bloomfield C & AC අතර තරගය, කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.
- Tamil Union C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 152 (62.1) සචිරු හංසල 25, සචිර වැලිවත්ත 43, කවීෂ පියුමාල් 2/39, තරිඳු ගුරුගේ 5/38, අසිත වන්නිනායක 2/18
- Bloomfield C & AC– පළමු ඉනිම කඩුලු 3ක් දැවී 81 (25.0) හසිත අමරසිංහ 36, මිනෙත් ප්‍රේමරත්න 39, විහස් තෙව්මික 2/24
Bloomfield C & AC කණ්ඩායම ලකුණු 71ක් පිටුපසින්.
NCC සහ United Southern SC අතර තරගය, කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.
- NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 131 (27.4)ගවිරු සෙන්හස් 30, ශවීන් පෙරේරා 53, සුමේධ සම්පත් 4/29, දමේස් මතිසාන් 3/18
- United Southern SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 153 (47.3)සෙහස් ආශිංස 29, රනුදුල් මාබරණ නොදැවී 40, කවීෂ කල්පන 25, ශක්ති උදාර 2/55, සන්තුල් විජේරත්න 3/22, නදිෂ් යසිරු 2/08
- NCC –දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 38 (8.3) දමේස් මතිසාන් 2/11
NCC කණ්ඩායම ලකුණු 16ක් ඉදිරියෙන්.
CCC සහ Leo CC අතර තරගය, කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.
- CCC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 328 (89.3)සනුල් වීරරත්න 70, අංජල බණ්ඩාර 157, අගිත කුඩලිගම 29, විශ්ව රාජපක්ෂ 2/54, ඔෂද ගිම්හාන් 2/79, නෙත්ම කරුණාරත්න 4/65
BRC සහ Ace Capital CC අතර තරගය, කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී.
- BRC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 387 (86.0) ඉසුරු ප්‍රනාන්දු 201, ලිනාල් සුබසිංහ 23, ලිත්ම පෙරේරා නොදැවී 109, කෞෂික කුමාරසිංහ 4/75
Nugegoda S & WC සහ Navy SC අතර තරගය, පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.
- Nugegoda S & WC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 410 (90.0)ලහිරු දවටගේ නොදැවී 191, දසිස් මංචනායක 81, ජනෙත් කෞශාල් 36, අකේන් පෙරේරා 37, සඳුන් මෙන්ඩිස් නොදැවී 21, රුවින් සංකල්ප 2/88
Negombo CC සහ Police SC අතර තරගය, කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.
- Police SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 207 (50.1)ධනුජ ඉඳුවර 97, තරුන් පෙරේරා 39, අමිත පෙරේරා 4/66, ශෙහාන් ප්‍රමෝද් 5/64
- Negombo CC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 117 (37.5)විශාල් රුක්ෂාන් 27, තත්සර ඒශාන් නොදැවී 29, මොහොමඩ් මුර්ශාඩ් නොදැවී 29, දමිත් කප්පාගොඩ 3/39
Negombo CC කණ්ඩායම ලකුණු 90ක් පිටුපසින්.
Kurunegala SC සහ Kandy Customs SC අතර තරගය, කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.
- Kurunegala SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 314 (83.1)දිනුග අබේසේකර 21, ජයමින් මුතුකුමාරණ 31, ජනිත් රවිශ්ක 128, යශ්මිත් ජයසුන්දර 67, අදීශ පබසර 5/100, නඳුන් සිල්වා 3/54
- Kandy Customs SC – පළමු ඉනිම කඩුල්ලක් දැවී 15 (4.0)
Kandy Customs SC කණ්ඩායම ලකුණු 299ක් පිටුපසින්.
SSC සහ Panadura SC අතර තරගය, කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී.
- Panadura SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 177 (51.5)චාර්ය පරණවිතාන 43, අසදිස ද සිල්වා 50, නේක්ෂ ඉද්දමල්ගොඩ 27, මල්ශාන් ප්‍රනාන්දු 7/39, යොහාන් දේවප්‍රිය 2/27
- SSC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 176 (38.0)රිවිත් ජයසූරිය 56, කවීන් ප්‍රනාන්දු 33, ශෙවෝන් ඩැනියෙල් නොදැවී 61, රනුද සෝමරත්න නොදැවී 22, මලින්ත සිල්වා 2/38
SSC කණ්ඩායම ලකුණක් පිටුපසින්.
Moors SC සහ Ragama CC අතර තරගය, කොළඹ Moors ක්‍රීඩාංගණයේ දී.
- Ragama CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 183 (55.3)ලහිරු අබේසිංහ 50, සසිඳු බැට්ටගේ 30, දසිත් ගුණතිලක 53, දිනිත් කුමාරසිංහ 4/32, ඉඳුවර උදාන 3/53, සඳරු මල්ශාන් 3/44
- Moors SC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 110 (23.0)සඳරු මල්ශාන් නොදැවී 37, කවීෂ ලියනාරච්චි 3/24, මලීෂ සිල්වා 4/18
Moors SC ලකුණු 73ක් පිටුපසින්.
මෙම තරග සියල්ල ම හෙට (22) 2 වැනි සහ අවසන් දිනයටත් පැවැත්වීමට නියමිතයි.
අද අවසන් වූ තරගවල කෙටි ලකුණු පුවරුව
Galle CC සහ Chilaw Marians CC අතර තරගය, මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී.
- Chilaw Marians CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 142 (44.2) ගිම්හාන් රසාංජන 35, දර්ශක සංදීප් 54, විසල් බාරත 3/21, මානිත රාජපක්ෂ 5/44
- Galle CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 80 (28.2)තෙවිඳු රශ්මික 28, බෙවින් ජයවර්ධන 31, තිමිර ඉරුශික 4/19, මෙලන් හංසක 6/36
- Chilaw Marians CC- දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 314 (72.1) කෙවින් සැමුවෙල් 20, මහීෂ තරිඳු 27, ගිම්හාන් රසාංජන 34, දර්ශක සංදීප් 101, යසිරු ලක්ෂාන් 65, කලන ලියනගේ නොදැවී 24, මානිත රාජපක්ෂ 4/95, චතුම් ලක්ප්‍රිය 3/92
- Galle CC- දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 124 (23.0) බෙවින් ජයවර්ධන 27, තෙවිඳු රශ්මික නොදැවී 24, මෙලන් හංසක 3/52
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Chilaw Marians CC කණ්ඩායමට)
JanithIsuru FernandoMalshan
වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















