HB සහ OVI සන්නාමයන් ශ්‍රී ලංකාවටත් පැමිණෙයි

515

2020 වසරේ දී ඩුබායි හිදී ආරම්භ වුනු ශ්‍රී ලාංකික සමාගමක් වන HB Sports Private Limited ආයතනයේ HB සහ OVI යන ක්‍රිකට් උපකරණ සන්නාමය තවදුරටත් ව්‍යාප්ත කරමින් ශ්‍රී ලංකාවටත් දැන් එම සන්නාමය පැමිණ තිබෙනවා.

වසර දෙකකට වැඩි මේ කෙටි කාලය තුල ක්‍රීඩකයින් අතර වැඩි ජනාදරයක් දිනාගෙන තිබෙන මේ HB ක්‍රීඩා උපකරණ සන්නාමය මේ වන විට ශ්‍රී ලංකාව තුල නිල වශයෙන් සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම ඊයේ (17) දිනයේ දී සිදු කෙරුණු අතර එහි නිල ආරම්භක උත්සවය වෙළඳසේවා ක්‍රිකට් සංගම් පරිශ්‍රයේ දී පැවැත්වුනා.

>>Photos – HB & OVI Cricket equipment launching ceremony<<

HB for the Real Heros යන පාඨය සහිතව 2020 වසරේ ඉතාමත් දුෂ්කර කාල සමයක හිරන්ත බැද්දගේ (නිර්මාතෘ) සහ ඔහුගේ ව්‍යාපාරික සහායක ජයාන් ජයවර්ධන යන ශ්‍රී ලාංකිකයින් දෙදෙනා එක්ව ආරම්භ කළ මේ ආයතනය මේ වන විට ලෝකයේ රටවල් රැසක සිය ව්‍යාපාරික කටයුතු දියත් කරමින් සිටින ආයතනයක්.

මේ සියලුම ක්‍රිකට් උපකරණ නිර්මාණය කිරීම ඔවුන් විසින්ම සිදු කිරීම HB Sports Private Limited යන ශ්‍රී ලාංකික ආයතනයේ තිබෙන සුවිශේෂී විශේෂත්වයක්.

එහි නිෂ්පාදන සන්නාමයන් දෙකක් තිබෙන අතර එහි ප්‍රධානතම සන්නාමය වන්නේ ‘HB’ යන සන්නාම නාමයයි. HB සන්නාමය ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ සිටින ක්‍රීඩකයින් සඳහා නිර්මාණය කරනු ලබන ක්‍රීඩා උපකරණ සඳහා භාවිත කරුණු ලබන සන්නාමයයි.

එසේම එහි දෙවැනි සන්නාමය වන්නේ ‘OVI’ යන සන්නාමයයි. පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා නිර්මාණය කරනු ලබන ක්‍රීඩා උපකරණ සඳහා භාවිත කරැණු ලබන සන්නාමය එයයි.

“ශ්‍රී ලාංකිකයෙක් ලෙස මට මේ සන්නාමය හරහා ලෝකයා ඉදිරියට යන්නට හැකි වීම මට ලැබුණු විශාල අවස්ථාවක් සහ ගෞරවයක්. 2020 වසරේ දී මම සහ ව්‍යාපාරික සහායක ජයාන් ජයවර්ධන එක්ව ඉතාමත් අසීරු කාලයක ආරම්භ කළ මේ ආයතනය හරහා අපිට අලුත් අලුත් ආකාරයට සිතමින් නව නිර්මාණයන් කරන්න අවස්ථාවක් ලබා දුන්නා.

අපේ සන්නාමය යටතේ නිර්මාණය වන ක්‍රීඩා උපකරණ බහරේන්, කටාර් ඇතුළු තවත් රටවල් කිහිපයකම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් මේ වන විට භාවිතා කරනවා.”

“අපේ නිර්මාණයන් සහ අපේ උපකරණ වල ගුණාත්මක භාවය සහ නිමාව ගැන අපි ලොකු සැලකිල්ලක් දක්වනවා. එම ගුණාත්මක ක්‍රීඩා උපකරණ ශ්‍රී ලංකාව තුල අපේ රටේ සිටින ක්‍රීඩකයින්ට සාධාරණ මිලකට ලබා දීම අපේ ආයතනයේ බලාපොරොත්තුවක්.

මේ නිර්මාණයන් සිදු කරන්නේ අපිමයි, බොහෝමයක් නිර්මාණ අතින්මයි සිදු කරන්නේ ඒ සඳහා අපි සතුව හොඳින් පුහුණුව ලැබූ ශිල්පීන් සිටීම අපිට ඉතාමත් හොඳ ශක්තියක්. එසේම අපේ රටේ අනාගත ක්‍රිකට් ක්‍රීඩාව භාර ගන්න ඉන්න දරුවන් වෙනුවන්මයි අපි OVI ක්‍රිකට් උපකරණ නිර්මාණය කරන්නේ. ඒ වගේම අපි දැනටමත් මතුගම සාන්ත මරියා විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා අපගේ අනුග්‍රාහකත්වයක් ලබා දී තිබෙනවා,” යැයි එහි නිර්මාතෘ හිරන්ත බැද්දගේ මහතා මාධ්‍ය හමුව අමතමින් මෙහි දී පවසා සිටියා.

මේ අවස්ථාව සඳහා ගරු බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ආමාත්‍ය ගරු විදුර වික්‍රමනායක, ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක හෂාන් තිලකරත්න, වෙළඳසේවා ක්‍රිකට් සංගමයේ සභාපති නලින් වික්‍රමසිංහ,  ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් J.A.K.S ඉන්ද්‍රජිත්, විභාග කොමසාරිස් ජනරාල් L. M. D. ධර්මසේන යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ නිෂ්පාදනය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම වෙනුවෙන් පැවති උත්සව අවස්ථාව සඳහා සම්බන්ධ වී සිටියා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<