Home Sinhala සුපිරි ජයක් ලැබූ ශ්‍රී ලංකාව 1-0ක් ලෙස පෙරමුණේ

සුපිරි ජයක් ලැබූ ශ්‍රී ලංකාව 1-0ක් ලෙස පෙරමුණේ

බටහිර ඉන්දීය කොදෙව් 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

1470

ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති පළමු යොවුන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද (27) සමත් වුනා.

එක්දින තරග 3කින් සහ සිව්දින තරග දෙකකින් සමන්විත මේ තරගාවලියේ තරග සියල්ලම දඹුල්ලේ දී පැවැත්වෙන අතර අද තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොදෙව්වන් පළමුව පන්දුවට පහර දුන්නා.

එහි දී නායක Stephan Pascal සහ Adrian Weir ලකුණු 58ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් කොදෙව් ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නා. අනතුරුව ක්‍රියාත්මක වුනු දකුණතින් වේගපන්දු යවන ගරුක සංකෙත් සහ දිනුර කළුපහන ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් කොදෙව් මැදපෙළ කඩුලු 5ක් ලකුණු 38ක් තුල දවාලමින් කොදෙව් ඉනිම සෑහෙන පසුපසට ඇද දැමුවේ ලකුණු 96/6ක් ලෙස කොදෙව් ලකුණු සටහන සටහන් කරමින්.

කෙසේ නමුත් පුහුණු තරගයේ දී ද පසුපෙළින් පැමිණ අර්ධ ශතකයක් ලබා ගත් අංක 7 පිතිකරු Nathan Sealy පන්දු 82ක් තුල ලකුණු 75ක් ලබාගෙන කොදෙව් ඉනිම සටන්කාමී මට්ටමක් දක්වා රැගෙන ගියා. ඔහුගේ අගනා ඉනිමට 4 පහර 5ක් සහ 6 පහර 3ක් ඇතුළත් වුනා. Tarrique Edward ලකුණු 27යි. ඔවුන් දෙදෙනා එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 74ක සබඳතාවයක් ගොඩනැංවූවා.

අවසානයේ දී ඔවුන් සියල්ලන්ම දැවී ලකුණු 223ක් ලබා ගත් අතර ගරුක සංකෙත් සිය පන්දුවාර 10 තුල ලකුණු 48කට කඩුලු 5ක් දවා ගත්තා. කළුපහන කඩුලු 3ක් දවා ගන්නා විට, වමතින් දඟපන්දු යවන විශ්ව ලහිරු සහ මල්ෂ තරුපති කඩුල්ල බැගින් දවා ගත්තා. එසේම විහස් තෙව්මික කඩුලු ලබා නොගත් නමුත් සිය පන්දුවාර 10 ලකුණු 27කට සීමා කිරීම කැපී පෙනුණා.

සුපුන් වඩුගේ – මනුල කුලරත්නගේ සබඳතාවය ශ්‍රී ලංකාව දිනවයි
● දඹුල්ලේ දී හමුවන කොදෙව් යෞවනයෝ
● Naseem Shah ඇෆ්ගනිස්තානයේ භයානක ම සිහිනයක් බවට පත්වෙයි!
● වනිඳුට සහ චමීරට ආසියානු කුසලානය අහිමි වෙයි!
● මාලිංග නැවතත් Mumbai Indians සමඟ එක් වෙයි!

ලකුණු 224ක් හඹා ගිය ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු දෙක ලෙස නායක සිනෙත් ජයවර්ධන සහ පුලිඳු පෙරේරා ලකුණු 11ක් තුල දැවී ගියා. අනතුරුව තෙවැනි කඩුල්ල වෙනුවෙන් අගනා ලකුණු 134ක සුපිරි ශතක සබඳතාවයක් ගොඩනැංවීමට රවිශාන් ද සිල්වා සහ සුපුන් වඩුගේ සමත් වුනා.

වඩුගේ පුහුණු එක්දින තරගයේ දී ද අර්ධ ශතකයක් ලබාගෙන දස්කම් දැක්වූ අතර ඔහු සිය රිද්මය තවදුරටත් පවත්වා ගෙන යමින් මේ තරගයේ දී පන්දු 78ක් තුල 4 පහර 8ක් එල්ල කරමින් ලකුණු 56ක් වාර්තා කළා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ඉනිමට ස්ථාවරත්වය රැගෙන ආ රවිශාන් 4 පහර 7ක් සහ 6 පහරක් එල්ල කරමින් පන්දු 85ක් තුල ලකුණු 65ක් ලබා ගත්තා. රවිශාන් සහ වඩුගේ දෙදෙනාම සිය මංගල යොවුන් ජාත්‍යන්තර එක්දින තරගය තුලම අර්ධ ශතක ලබාගෙන දස්කම් දැක්වීම මෙහි දී දැකගන්නට ලැබුණු තවත් සුවිශේෂී සිදුවීමක්.

>>Photos – West Indies U19 tour of Sri Lanka 2023 – 1st Youth ODI<<

එම ශතක සබඳතාවයෙන් බැට කෑ කොදෙව් පන්දු යවන්නන් හට 5 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ කළුපහන සහ කඩුලු රකින පිතිකරු ශාරුජන් ශන්මුගනාතන් ලකුණු 76*ක නොදැවුණු සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ජය තහවුරු කළා.

ශ්‍රී ලංකා ඉනිමේ වාර්තා වුනු තෙවැනි අර්ධ ශතක ලබා ගත් කළුපහන සිය තුන් ඉරියව් දස්කම් දක්වමින් දවා ගත් කඩුලු 3ට අමතරව පිතිකරණයෙන් නොදැවී ලකුණු 52*ක් ලබා ගත්තා. පන්දු 42ක් තුල වාර්තා වුනු ඔහුගේ අගනා ඉනිම 4 පහර 7කින් සහ 6 පහරකින් වර්ණවත් වුනා.

අවසානයේ දී ශ්‍රී ලංකාව පන්දුවාර 43කුත් එක් පන්දුවක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 224ක් ලබාගෙන සිය ඉලක්කය සපුරා ගත්තා. පන්දු යැවීමේ දී Nathan Edward කඩුලු 3ක් දවා ගත්තා.

Result


Sri Lanka U19
224/4 (43.1)

West Indies U19
223/10 (49.1)

Batsmen R B 4s 6s SR
Adrian Weir c Vishwa Rajapakse b Vishva Lahiru 32 45 4 2 71.11
Stephan Pascal c Sharujan Shanmuganathan b Garuka Sanketh 29 36 4 0 80.56
Joshua Dorne b Malsha Tharupathi 0 3 0 0 0.00
Jordan Johnson c Dinura Kalupahana b Garuka Sanketh 18 28 2 0 64.29
Steve Wedderburn b Garuka Sanketh 0 2 0 0 0.00
Jewel Andrew c Vishwa Rajapakse b Sasanka Nirmal 11 25 0 1 44.00
Tarrique Edward c & b 27 53 0 0 50.94
Nathan Sealy b Garuka Sanketh 75 82 5 3 91.46
Nathan Edwards c Sharujan Shanmuganathan b Dinura Kalupahana 9 9 1 0 100.00
Reon Edwards not out 9 10 1 0 90.00
Isai Thorne c Sineth Jayawardena b Dinura Kalupahana 1 2 0 0 50.00


Extras 12 (b 0 , lb 4 , nb 0, w 8, pen 0)
Total 223/10 (49.1 Overs, RR: 4.54)
Bowling O M R W Econ
Garuka Sanketh 10 0 48 5 4.80
Dinura Kalupahana 8.1 0 45 3 5.56
Vishva Lahiru 10 3 28 1 2.80
Malsha Tharupathi 9 0 51 1 5.67
Vihas Thewmika 10 0 27 0 2.70
Vishwa Rajapakse 2 0 20 0 10.00


Batsmen R B 4s 6s SR
Pulindu Perera c Stephan Pascal b Reon Edwards 11 17 1 1 64.71
Sineth Jayawardena c & b Nathan Edwards 0 2 0 0 0.00
Ravishan Nethsara c Nathan Sealy b Nathan Edwards 65 85 7 1 76.47
Supun Waduge c & b Nathan Edwards 56 78 8 0 71.79
Dinura Kalupahana not out 52 42 7 1 123.81
Sharujan Shanmuganathan not out 20 35 3 0 57.14


Extras 20 (b 0 , lb 0 , nb 0, w 20, pen 0)
Total 224/4 (43.1 Overs, RR: 5.19)
Bowling O M R W Econ
Nathan Edwards 8 1 43 3 5.38
Reon Edwards 8.1 1 49 1 6.05
Nathan Sealy 10 0 38 0 3.80
Isai Thorne 8 0 44 0 5.50
Tarrique Edward 9 0 50 0 5.56



දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගය මේ මස 30 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. එහි තොරතුරු ද ඔබ වෙතට රැගෙන එන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්ග

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<