නවසීලන්ත ක්‍රීඩකයාට ලෝක කුසලානය මග හැරෙයි ද?

351
NAPIER, NEW ZEALAND - FEBRUARY 13: Tom Latham of New Zealand during Game 1 of the One Day International series between New Zealand v Bangladesh at McLean Park on February 13, 2019 in Napier, New Zealand. (Photo by Kerry Marshall/Getty Images)

ICC ක්‍රිකට් ලෝක කුසලානයේ නවසීලන්තයේ පළමු තරගය එළඹෙන ජුනි 1 දා ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වෙන අතර නවසීලන්ත කඩුලු රකින පිතිකරු ටොම් ලේතම් ඇඟිල්ලේ ආබාධයක් නිසා එම තරගයට සහභාගී නොවනු ඇතැයි වාර්තා වේ.පසුගිය සතියේ දී ඕස්ට්‍රේලියාව සමඟ පැවති පුහුණු සැසියක් අතරතුර ඔහු මෙසේ ආබාධයකට ලක්ව තිබුණි.

ජේසන් රෝයි හා බෙන් ස්ටෝක්ස් පාකිස්තානය හඬවයි

පාකිස්තානය හා එංගලන්තය අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ ඊයේ (17)….

කඩුලු රකිමින් සිටිය දී ඔහු මෙලෙස ආබාධයකට ලක් වූ අතර පසුව ඔහු පිටියෙන් පිටතට ගියේ ප්‍රතිකාර ලබා ගැනීමේ අරමුණින්.

stuff.co.nz වෙබ් අඩවියට අනුව මේ වන විට සුවය ලබමින් සිටින ටොම් ලේතම්ට වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහුට ලෝක කුසලානය සඳහා සහභාගී වීමට එංගලන්තය කරා පිටත්ව යා හැකි බවයි. කෙසේ වෙතත් ඔහු පූර්ණ සුවය ලබන තුරු පෙර පුහුණු වීමේ තරග දෙක හා ශ්‍රී ලංකාව සමඟින් තරගයට සහභාගී වීම අවිනිශ්චිත වනු ඇත.

ලේතම්ගේ ආබාධය සුව අතට නොහැරුනොත් ටොම් බ්ලන්ඩෙල් කණ්ඩායමට එක්වීමට නියමිත අතර එසේ වුණහොත් ඔහු 1987න් පසු ලෝක කුසලානයක් තුළදී සිය මංගල තරගය ක්‍රීඩා කරන පළමු ක්‍රීඩකයා බවට පත් වනු ඇත.

නවසීලන්ත තේරීම් කමිටු සාමාජික ගැවින් ලාර්සන් තහවුරු කර සිටියේ සෙයිෆර්ට් හා ටෙස්ට් කඩුලු රකින ක්‍රීඩක බී. ජේ වොට්ලින් ද අතිරේක කඩුලු රකින්නන් ලෙස සංචිතයේ සිටියත් ඔවුන් කණ්ඩායම සමඟ එළඹෙන ඉරිදා එංගලන්තය කරා පිටව නොයන බවයි.

තෙවරක්ම කොදෙව්වන් පැරදූ බංගලියන්ට තුන්කොන් ශූරතාවයක්!

අයර්ලන්තයේ දී පැවති තරග 7කින් සමන්විත එක්දින තරගාවලිය අපරාජිතවම ජය ගැනීමට බංග්ලාදේශ….

“ලේතම්ගේ තත්වය අපි ඉදිරි තරගවල දී බලනවා, අපි තරගයෙන් තරගය ඉදිරියට යන්නේ, අපිත් එක්ක අපේ වෛද්‍යවරුත් එහෙට යනවා, ඔවුන් ඒ පිළිබඳ වගබලා ගනීවී, අතිරේක කඩුලු රකින ක්‍රීඩකයින් පවා හොඳින් ක්‍රීඩා කරමින් සිටිනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<