Home Sinhala සුපුන් වඩුගේ – මනුල කුලරත්නගේ සබඳතාවය ශ්‍රී ලංකාව දිනවයි

සුපුන් වඩුගේ – මනුල කුලරත්නගේ සබඳතාවය ශ්‍රී ලංකාව දිනවයි

බටහිර ඉන්දීය කොදෙව් 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

2761
බටහිර ඉන්දීය කොදෙව් 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති පුහුණු එක්දින ක්‍රිකට් තරගය අද (25) CCC පිටියේ දී නිමා වුනා. එම තරගයෙන් කඩුලු 3ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක හිරාන් ජයසුන්දර පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කළා. එහි දී ඔවුන් පන්දුවාර 48කුත් පන්දු 2ක් තුල සියල්ලන්ම දැවී ලකුණු 227ක් ලබා ගත් අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු Nathan Sealy ලකුණු 54ක් ලබා ගත්තා.

වමතින් දඟපන්දු යවන යූරි කොත්තිගොඩ ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් කොදෙව් පළමු කඩුලු 4 ලකුණු 42ක් තුල දවාගෙන ඔවුන්ගේ ඉනිමේ ආරම්භය අස්ථාවර කළ නමුත්, අංක 9 පිතිකරු ලෙස පැමිණි Nathan Sealy වටා එක්වුණු කොදෙව් පසුපෙළ පිතිකරුවන් අවසන් කඩුලු 6 තුල ලකුණු 185ක් ලබා ගත්තා.

ඒ සඳහා ආරම්භය ලබා දෙමින් ඉනිමේ වාර්තා වුනු හොඳම සබඳතාවය ගොඩනැංවූ Steve Wedderburn සහ අංක 3 පිතිකරු Joshua Dorne 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 55ක සබඳතාවයක් ගොඩනැංවූවා.

ඉනිමේ ස්ථාවරත්වය වෙනුවෙන් පළමු අඩිතාලම සකස් කළ දකුණත් පිතිකරු Joshua Dorne පන්දු 59ක් තුල 4 පහර 4ක් සහ 6 පහරක් එල්ල කරමින් ලකුණු 43ක් ලබා ගත් අතර 5 වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වුනු අර්ධ ශතක සබඳතාවය බිඳ දමමින් යූරි ලකුණු 25ක් ලබා ගත් Wedderburnගේ කඩුල්ල දවා ගත්තා.

ලකුණු 140කට කඩුලු 8ක් ලෙස සටහන් වුනු කොදෙව් ලකුණු සටහන ලකුණු 227ක් දක්වා රැගෙන යන්නට 9 වැනි සහ 10 වැනි කඩුල්ල වෙනුවෙන් පිළිවෙළින් වාර්තා වුනු ලකුණු 42 සහ ලකුණු 45 සබඳතාවයන් ඔවුන්ට සවියක් වුනා.

පන්දු යැවීමේ දී යූරි පන්දුවාර 9ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 36කට කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දක්වන විට, දිනුක තෙන්නකෝන් සහ මනුල කුලරත්න කඩුලු දෙක බැගින් දවාගෙන දස්කම් දැක්වූවා.

අසිත ප්‍රනාන්දුට County ක්‍රිකට් වරම්
දඹුල්ලේ දී හමුවන කොදෙව් යෞවනයෝ
Naseem Shah ඇෆ්ගනිස්තානයේ භයානක ම සිහිනයක් බවට පත්වෙයි!
වනිඳුට සහ චමීරට ආසියානු කුසලානය අහිමි වෙයි!
මාලිංග නැවතත් Mumbai Indians සමඟ එක් වෙයි!

ලකුණු 228ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 56ක් තුල බිඳ වැටීමෙන් අනතුරුව 4 වැනි කඩුල්ල වෙනුවෙන් දිනිරු අබේවික්‍රමසිංහ සහ සුපුන් වඩුගේ එක්ව ලකුණු 39ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ඉනිම නැවත වරක් ස්ථාවර කළා.

>>Photos – West Indies U19 tour of Sri Lanka 2023 – Warm up Game<<

ලකුණු 154කට කඩුලු 7ක් බිඳ වැටී තිබුණු අවස්ථාවේ දී අංක 4 පිතිකරු ලෙස පිටියේ ස්ථාවරව සිටි වමත් පිතිකරු සුපුන් වඩුගේ සමඟ එක්වූ මනුල කුලරත්න 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 88ක් තුල තීරණාත්මක ලකුණු 74*ක නොදැවුණු සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය තහවුරු කළා.

අගනා ඉනිමක් දියත් කළ සුපුන් වඩුගේ පන්දු 105 තුල නොදැවී ලකුණු 84*ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණු අතර ඔහුගේ ඉනිමට 4 පහර 9ක් සහ 6 පහරක් ඇතුළත් වුනා. මනුල කුලරත්න නොදැවී ලකුණු 35*ක් ලබා ගත්තේ 4 පහර 2ක් එල්ල කරමින්. පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක Deshawn James කඩුලු 2ක් දවා ගත්තා.

ශ්‍රී ලංකාව සහ කොදෙව් 19න් පහළ කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින තරග 3කින් සහ සිව්දින තරග දෙකකින් සමන්විත තරගාවලිය අගෝස්තු 27 සිට සැප්තැම්බර් 15 දක්වා දඹුල්ලේ දී පැවැත්වෙනවා. තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට රැගෙන එන්නට ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com අපි සූදානම්.

A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: controllers/Embed.php

Line Number: 86

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 86
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once


A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: embed/match_result.php

Line Number: 115

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/views/embed/match_result.php
Line: 115
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 92
Function: view

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<