පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් තුන්කොන් තරගාවලියේ නිමා වූ 9 වැනි තරගයේදී බංග්ලාදේශයට එරෙහි ව කඩුලු 8ක ජයග්රහණයක් ලබා ගැනීමට ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්රීඩිකාවෝ සමත් වුණා.
>>සංජනා සහ ලිමංසා එක් ව පාකිස්තානය නැවතත් පරාජය කරයි
Faisalabad හී Iqbal ක්රීඩාංගණයේ දී අද (14දා) නිමා වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්රහණය කළ ශ්රී ලංකා ක්රීඩිකාවන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශ ක්රීඩිකාවෝ සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 58ක් පමණයි. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්රී ලංකා ක්රීඩිකාවෝ තවත් පන්දු 56ක් ඉතිරි ව තිබිය දී කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගන්නවා.
මෙම තරගයට ශ්රී ලංකා ක්රීඩිකාවෝ එක් වෙන්නේ පෙර තරගය හා එක් වූ කණ්ඩායමේ වෙනස්කම් ත්රිත්වයක් සිදු කරමිනුයි. එහි දී ශෂිනි ගිම්හානි, අසේනි තලගුණේ සහ ප්රමුදි මෙත්සරා අද තරගයට එක් කර නොගත් අතර ඒ වෙනුවට නෙතඟි ඉසුරාංජලී, යෙශලි ජිතාරා සහ සනුකි පතිරගේ එක් කර තිබුණා. එමෙන් ම තරගයේ කඩුලු රැකීමේ අත් ආවරණ සංජනා කාවින්දිගෙන් ඉවත් කර නෙතඟි ඉසුරාංජලී වෙත පවරා තිබුණා.
බංග්ලාදේශ කණ්ඩායම ද මෙම තරගය හා එක් වෙන්නේ පෙර ශ්රී ලංකාව හා තරගයට එක් වූ කණ්ඩායමේ වෙනස්කම් 3ක් සිදු කරමිනුයි. ඒ අනුව පෙර තරගය හා එක් වූ Bibi Ayesha, Sraboni Rani සහ Oddrita Nowshin වෙනුවට Shirina Khatun, Farjana Easmin සහ Jannatul Ferdousi මෙම තරගයට එක් කර තිබුණා.
ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම
චමුදි ප්රබෝදා (නායිකාව), විමෝක්ෂා බාලසූරිය, උමයංගනා පීරිස්, නෙත්මි උපේක්ෂා, ලිමංසා තිලකරත්න, නෙතඟි ඉසුරාංජලි (කඩුලු රකින්නිය), යෙසලි ජිතාරා, චමෝදි හේරත්, දනෝද්යා සෙව්මිණි, සංජනා කාවින්දි සහ සනුකි පතිරගේ.
බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම
Sadia Islam (නායිකාව), Mymuna Nahar Shorna, Ochena Jannat (කඩුලු රකින්නිය), Nishita Akter Nishi, Shirina Khatun, Farjana Easmin, Sadia Akter, Farjana Easmin, Tithi Das, Afrin Mimi සහ Jannatul Ferdousi
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 12ක් වෙද්දී දවා ගැනීමට ශ්රී ලංකා පන්දු යවන්නියෝ සමත් වෙනවා. එලෙසින් දැවී ගිය ඉනිමේ 6 වැනි කඩුල්ලට එක් වූ Mymuna Nahar Shorna සහ Sadia Akter ලකුණු 30ක සබඳතාවක් එක් කරනවා.
එහි දී ආරම්භක පිතිකාරිනී Mymuna Nahar Shorna පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 23ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය බවට පත් වූ අතර Sadia Akter ලබා ගත් ලකුණු සංඛ්යාව 17ක්. ඒ සඳහා ඇය පන්දු 26ක් වැය කර තිබුණා.
බංග්ලාදේශ ඉනිමේ අවසන් කඩුලු 4 ද ලකුණු 16ක් තුළ දවා ගැනීමට ශ්රී ලංකා පන්දු යවන්නියෝ සමත් වූ අතර එහි දී ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ ලිමංසා තිලකරත්න. ඇය තම පන්දුවාර 4 ලකුණු 13කට සීමා කරමින් කඩුලු 3ක් දවා ගන්නවා.
ඊට අමතර ව දනෝද්යා සෙව්මිණි ලකුණු 7කට කඩුලු 2ක් ද, යෙශලි ජිතාරා, චමෝදි ප්රබෝධා, චමෝදි හේරත් සහ සනුකි පතිරගේ කඩුල්ල බැගින් ද දවා ගත්තා.
- සංජනා පාකිස්තානයටත් සැරට තලයි
- සංජනා නැවතත් බංග්ලාදේශය අමාරුවේ දමයි
- චමුදිලාට පාකිස්තානයේ තුන්කොන් තරගාවලියක්
- ඕස්ට්රේලියා කාන්තා ක්රිකට් කණ්ඩායම දෙසැම්බරයේ මෙරටට
- 17න් පහළ තුන් දින තරගය විසඳුමක් නෑ
පිළිතුරු ශ්රී ලංකා ඉනිම අද ආරම්භ කරන්නේ විමෝක්ෂා බාලසූරිය හා සංජනා කාවින්දි වෙනුවට උමයංගනා පීරිස් එතැනට කැඳවමිනුයි. ඔවුන් දෙදෙනාගේ සබඳතාව ලකුණු 14කට සීමා වුණා.
උමයංගනා පීරිස් පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 9කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
ඉන් අනතුරුව කඩුල්ලට විමෝක්ෂා බාලසූරිය දැවී යනවා. ඇය දැවී යන විට පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් ලබා සිටියා.
තරගය ජයග්රහණයෙන් අවසන් වෙද්දී නෙත්මි උපේක්ෂා පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 17ක් ද සහ ලිමංසා තිලකරත්න පන්දු 8කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 10ක් ද ලබා සිටියා.
ශ්රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුලු ද්විත්වය Farjana Easmin සහ Tithi Das බෙදා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම– සියලුම දෙනා දැවී 58 (17.3) Mymuna Nahar Shorna 23,Sadia Akter 17, දනෝද්යා සෙව්මිණි 2/07, ලිමංසා තිලකරත්න 3/13
- ශ්රී ලංකාවයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම– කඩුලු 2ක් දැවී 59 (10.4) විමෝක්ෂා බාලසූරිය 22, නෙත්මි උපේක්ෂා නොදැවී 17, ලිමංසා තිලකරත්න නොදැවී 10
ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
තරගයේ වීරයා – ලිමංසා තිලකරත්න (ශ්රී ලංකාව)
මෙම තරගයත් සමඟින් තරගාවලියේ පළමු වටයේ තරග අවසන් වූ අතර ඒ අනුව ශ්රී ලංකාව තරග 6කින් තරග 5ක් ජයග්රහණ කරමින් ප්රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානයට ද, බංග්ලාදේශය තරග 6කින් තරග 3ක් ජයග්රහණය කරමින් ප්රසාද ලකුණු පුවරුවේ 2 වැනි ස්ථානයට ද සහ පාකිස්තානය තරග 6කින් තරගයක් පමණක් ජයග්රහණය කරමින් 3 වැනි ස්ථානයට ද පත් වුණා.
ඒ අනුව එම ලැයිස්තුවේ 1 වැනි සහ 2 වැනි ස්ථානවලට පත් ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත් අතර ඔවුන් එක්වෙන අවසන් මහා තරගය මේ මස 16 වැනිදා මෙම ක්රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.
වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් තුන්කොන් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.





















