22 වැනි වරටත් පැවැත්වෙන Hong Kong Sixes තරගාවලිය සඳහා සහභාගී වන ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සඳහා 7 දෙනෙක්ගෙන් යුත් සංචිතයක් ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව විසින් පසුගියදා නම් කෙරුණා.
මෙම කණ්ඩායමේ නායකත්වය 31 හැවිරිදි වියේ පසුවෙන සංගීත් කුරේ වෙත හිමි ව තිබෙන අතර ඊට නිමා වූ Major Club එක්දින ක්රිකට් තරගාවලියේ දක්ෂතම පිතිකරු බවට පත් වූ BRC කණ්ඩායම නියෝජනය කළ 26 වැනි වියේ පසුවෙන මොවින් සුබසිංහ ද ඇතුලත් ව සිටිනවා. එමෙන් ම ඊට අමතර ව ශ්රී ලංකා විස්සයි විස්ස තරගවරම්ලාභී රවිඳු ප්රනාන්දු ද ඇතුලත්.
ශ්රී ලංකා සය සාමාජික කණ්ඩායම
- සංගීත් කුරේ (නායක)
- මොවින් සුබසිංහ
- විශේන් හැළඹගේ
- චමිඳු විජේසිංහ
- සචිත ජයතිලක
- රවිඳු ප්රනාන්දු
- මුදිත ලක්ෂාන්
- පාකිස්තානයට එරෙහි ටෙස්ට් සංචිතය නම් කරයි
- දුවිඳු සහ මුදිත පන්දු යැවීමේ දී දක්ෂතා දක්වයි
- මිලාන් රත්නායක තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වයි
- Major Club විස්සයි විස්සෙන් සොයගත් මිණි කැට
- පළමු දිනයේ ම මොවින්ගෙන් මල්වෙඩිවන් ඉනිමක්
මෙම තරගාවලිය ඔක්තෝබර් 20 වැනිදා සිට නොවැම්බර් 01 වැනිදා දක්වා Mong Kok හී Mission Road ක්රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියට කණ්ඩායම් 12ක් සහභාගී වන අතර එහි දී ශ්රී ලංකාව B කාණ්ඩයෙන් තරගාවලියට එක් වීමට නියමිතයි. ඔවුන්ගේ ප්රතිවාදීන් වෙන්නේ බංග්ලාදේශය සහ ස්කොට්ලන්තයයි.
ශ්රී ලංකා තරග කාලසටහන
1 වැනි තරගය : ඔක්තෝබර් 30 වැනිදා බංග්ලාදේශය සමඟ
2 වැනි තරගය : ඔක්තෝබර් 31 වැනිදා ස්කොට්ලන්තය සමඟ
මෙම තරගාවලිය Cup Finals, Plate Finals සහ Bowl Finals යන අදියර 3ක් යටතේ පැවැත්වීමට නියමිත අතර ශ්රී ලංකාව මෙම තරගාවලියේ මිට පෙර 2007 සහ 2024 වසර ද්විත්වයේ ශූරතාව ද සහ 1993 සහ 2004 යන වසර අනුශූරතාව ද දිනා තිබෙනවා. නිමා වූ වසරේ ලහිරු මධුශංක ගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා කණ්ඩායමට Bowl කුසලානය දිනා ගත්තා.
දෙස් විදෙස් ක්රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















