දුල්සත් සහ ටෙනුෂ දවස වර්ණවත් කරයි

SLSCA U 19 Division I Limited Over Tournament 2026/27

2
SLSCA U 19 Division I Limited Over Tournament 2026/27

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගවල දී දුල්සත් නිම්විරු සහ ටෙනුෂ නිම්සර කැපී පෙණෙන පන්දු යවන්නන් බවට පත් වුණා.  

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ දකුණතින් පිට දඟ පන්දු යවන දුල්සත් නිම්විරු කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහි ව තම පන්දුවාර 10 නිලකුණු පන්දුවාර 5ක් ද සමඟින් ලකුණු 8කට සීමා කරමින් කඩුලු 6ක් දවා ගනිමින් දවසේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

ඊට අමතර ව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ වමතින් දඟ පන්දු යවන ටෙනුෂ නිම්සර කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට එරෙහි ව ලකුණු 8කට කඩුලු 5ක් දවා ගන්නවා.

මේ අතර අද නිමා වූ තරගවල දී කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ කවිත් ප්‍රනාන්දු (53), මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ මතීෂ අපෝන්සු (58), මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ඉශික විජේසේකර (57), කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ තෙනුක දම්සිලු (57) සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ නෙතුල එදිරිමාන්න (59) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

>>ආනන්දයේ දනිඳු ශතකයක් වාර්තා කරයි

නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර තරගය කරන්දෙණිය යුද හමුදා ක්‍රීඩාංගණයේ දී. (Tier A)

කාසියේ වාසිය – ඩී. එස්. සේනානායක විද්‍යාලය

  • ඩී. එස්. සේනානායක විද්‍යාලය – සියලුම දෙනා දැවී 117 (44.4)මියුරු බණ්ඩාර 29, හමීඩ් අෆ්ඩාල් 21, බිහාන් ගමගේ 24, ටෙනුර ඩයස් 2/30, ටෙනුෂ නිම්සර 5/08
  • රිච්මන්ඩ් විද්‍යාලය – කඩුලු 8ක් දැවී 118 (44.2) විනුද රවිශාන් 44, ටෙනුෂ නිම්සර 18, සදිල් ඩයස් 3/26, ඔෂධ පෙරේරා 2/25

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට කඩුලු 2ක ජයක්.

කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ කොළඹ සාන්ත පීතර විද්‍යාලය අතර තරගය කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී. (Tier A)

කාසියේ වාසිය – ලුම්බිණි විද්‍යාලය

  • සාන්ත පීතර විද්‍යාලය – සියලුම දෙනා දැවි 136(32.5) ජේසන් ප්‍රනාන්දු 38, ජොශුවා සෙබස්තියන් 24, ජනිත් පණ්ඩිරත්න 25, ලොනිත මෙත්මල් 3/33, එසඳ බිනෝද්‍ය 3/24
  • ලුම්බිණිවිද්‍යාලය – සියලුම දෙනා දැවී 78(22.5) යුදීශ ඉඳුවර 22, රෙනිශ් අන්තනී 3/05, ජනිත් පණ්ඩිතරත්න 4/19

කොළඹ සාන්ත පීතර විද්‍යාලයට ලකුණු 58ක ජයක්.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර තරගය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier A)

කාසියේ වාසිය – වෙස්ලි විද්‍යාලය

  • සාන්ත තෝමස්විද්‍යාලය – සියලුම දෙනාදැවි 139 (48.5) රැපියෙල් හෙට්ටිගේ 25, ලුදීශ මාතරගේ 17, ශම්මා ප්‍රනාන්දු 2/22, සෙනුර ලක්ශාන් 2/40
  • වෙස්ලිවිද්‍යාලය – කඩුලු 6ක් දැවී 140(44.1) ලිතුම් සෙනුජ නොදැවි 46, මෙත්නුල මායාදුන්න 21, ලිත්ම පෙරේරා නොදැවී 25, අභීත් පරණවිදාන 2/22

කොළඹ වෙස්ලි විද්‍යාලයට කඩුලු 4ක ජයක්.

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර තරගය කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier A)

කාසියේ වාසිය – තර්ස්ටන් විද්‍යාලය

  • සාන්ත ජෝසප් විද්‍යාලය – සියලුම දෙනා දැවි 193(44.4)යෙනුල දන්තනාරායන 38, අවීෂ සමාශ් 36, පමෝද දල්පදාදු 24, කවිත් ප්‍රනාන්දු 53, ජනුල් දම්හිරු 2/38, නිතිශ් කමලසූරිය 2/46, අකේන් ද අල්විස් 3/42
  • තර්ස්ටන්විද්‍යාලය – කඩුලු 7ක් දැවී 112(30.0) අකේන් ද අල්විස් 24, රචින්ත ද සිල්වා 42, නුශාන් පෙරේරා 2/25, විග්නේශ්වරන් ආකාශ් 3/21, විශ්ව පීරිස් 2/31

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 46ක ජයක්.

මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර තරගය මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier A)

කාසියේ වාසිය – මහානාම විද්‍යාලය

  • වේල්ස් කුමාරවිද්‍යාලය – කඩුලු 9ක්දැවි 141 (27.0) ප්‍රවීන් ද සිල්වා 20, මතීෂ අපෝන්සු 58, නෙතුල් අනුහස් 27, තවිරු පෙරේරා 3/18, සනුක ගනේපොල 2/28, නෙතුක කුලතුංග 2/17
  • මහානාමවිද්‍යාලය – කඩුලු 5ක් දැවී 145(18.4) සිනෙත් වීරරත්න 48, දුල්නෙත් අල්ගවත්ත නොදැවී 30, ඔජශ් ශන්කර් 3/47

කොළඹ මහානාම විද්‍යාලයට කඩුලු 5ක ජයක්.

මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය අතර තරගය මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier B)

කාසියේ වාසිය – සාන්ත ආනා විද්‍යාලය

  • සාන්ත සිල්වෙස්තර විද්‍යාලය – කඩුලු 6ක්දැවී 222(45.0) ඉශික විජේසේකර 57, අදිත්‍ය රණමුකගේ 34, ප්‍රභාගරන් ඉශාන් 45, කවීෂ චන්දිමාල් 41, නිර්වාන් රණසිංහ 20, චමෝද් ගුණතිලක 3/47, ඉමාෂ සමරවික්‍රම 2/43
  • සාන්ත ආනාවිද්‍යාලය – කඩුලු 2ක් දැවී 101(22.0) මෙලන් ජයසිංහ 22, ඉමාෂ සමරවික්‍රම 33, බිනරු දෙනුවන් නොදැවී 26

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 17ක ජයක්.

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය අතර තරගය කුරුණෑගල මලියදේව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier B)

කාසියේ වාසිය – ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය

  • ශ්‍රී ධර්මාලෝකවිද්‍යාලය – සියලුම දෙනාදැවී 128 (39.1) තෙනුක දම්සිලු 57, විපුන් සසංක 21, පිවිතුරු සිල්වා 2/19, ටශේන් සරත්චන්ද්‍ර 2/23, රිසිත් විජේසිංහ 2/25, ලක්දුල රත්නායක 3/22
  • මලියදේව විද්‍යාලය – කඩුලු 4ක්දැවී 129(32.2) පැහැසර බණ්ඩාර 25, රිසිත් විජේසිංහ නොදැවී 18, දුශාන් රාජපක්ෂ නොදැවී 40

කුරුණෑගල මලියදේව විද්‍යාලයට කඩුලු 6ක ජයක්.

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගය හොරණ Arons ක්‍රීඩාංගණයේ දී. (Tier B)

කාසියේ වාසිය – සාන්ත සෙබස්තියන් විද්‍යාලය

  • සාන්ත සෙබස්තියන්විද්‍යාලය – සියලුම දෙනා දැවී 72(31.2) මහීෂ මිහිදුම් 27, මෙතුශ ක්‍රිශ්මාල් 20, දුල්සත් නිම්විරු 6/08, මානිඳු පබසර 2/22
  • සාන්ත ඇලෝසියස් විද්‍යාලය – කඩුලු 3ක්දැවී 76(10.4) පුලිත බනුජ 18, දුල්සත් නිම්විරු 25

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයට කඩුලු 7ක ජයක්.

 

කොළඹ ආනන්ද විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර තරගය කොළඹ ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier B)

කාසියේ වාසිය – ආනන්ද විද්‍යාලය

  • දේවපතිරාජවිද්‍යාලය – කඩුලු 9ක්දැවී 145 (42.0) දෙනෙත් පැහැසර 33, යසිරු ලක්ෂාන් 38, දියත් සංජිත නොදැවී 20, ශාරද ජයරත්න 3/34, බිනුක රත්නායක 3/21, දනිඳු සෙල්ලපෙරුම 2/27
  • ආනන්ද විද්‍යාලය – කඩුල්ලක්දැවී 146(22.4) නෙතුල එදිරිමාන්න 59, දනිඳු සෙල්ලපෙරුම නොදැවී 39, රශාන් විජේරත්න නොදැවී 32

කොළඹ ආනන්ද විද්‍යාලයට කඩුලු 9ක ජයක්.

 

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier B)

කාසියේ වාසිය – ඉසිපතන විද්‍යාලය

  • සාන්ත තෝමස්විද්‍යාලය කඩුලු 7ක්දැවී 120 (20.0) අබ්දුල් රශීඩ් 28, තත්සර දෙව්මිත් නොදැවී 26, විශ්මිත සරෝජ් 2/09, නිර්මාල් රාජිත 3/17

තරගයේ විසඳුමක් නෑ.

අන්තර් පාසල් පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<