ලෝක කුසලානයේ දී ඉන්දියාව දරුණු ගැටලුවක?

1158
India's Hardik Pandya bowls during the third Twenty20 international cricket match between New Zealand and India in Hamilton on February 10, 2019. (Photo by MICHAEL BRADLEY / AFP)

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට තවත් දින 100කට ආසන්න කාලයක් තිබිය දී ලෝක කුසලාන ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම වන ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ඉන්දීය කණ්ඩායම දැඩි අර්බුදයකට ලක්ව තිබේ.

ඒ ඔවුන්ගේ ප්‍රධානතම තුන් ඉරියව් ක්‍රීඩකයා වන හර්දික් පාන්ඩ්‍යා ආබාධයක් හේතුවෙන් එම තරගාවලියට සහභාගී නොවීමයි.

කොදෙව්වන්ගේ වාර්තාගත ඉනිමට රෝයි සහ රූට් අකුල් හෙළයි

ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසයේ වැඩිම හයේ පහර එල්ල කළ ඉනිම පරාජය කළ එංගලන්ත ක්‍රීඩකයෝ අද (21) උදෑසන නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය අතර…

ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ හර්දික් පාන්ඩ්‍යා පිට කොන්දේ ආබාධයකට ලක්ව ඇති බවත්, ඒ හේතුවෙන් ඔහුව වැඩිදුර ප්‍රතිකාර කටයුතු සඳහා ඉන්දියාවේ බැංගලෝර් හි පිහිටි ජාතික ක්‍රිකට් ඇකඩමිය වෙත යොමු කරන බවයි.

ඒ අනුව ඕස්ට්‍රේලියානු එක්දින තරගාවලියට නම් කළ ඉන්දීය එක්දින සංචිතයේ ස්ථානයක් අහිමි වූ රවීන්ද්‍ර ජඩේජා ආබාධයට ලක්වූ හර්දික් පාන්ඩ්‍යා වෙනුවට නැවතත් ඉන්දීය සංචිතයට කැඳවා තිබේ.

ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩ්‍යා පිට කොන්ද ආශ්‍රිතව ඇතිවූ ආබාධ තත්වයෙන් යම්තාක් දුරට සුවය ලැබුවේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දීයි. නිමාවට පත්වු ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයත් සමඟ පැවති තරගයේ දී ඔහු මෙම ආබාධයට ලක්විය. මේ හේතුවෙන් පාන්ඩ්‍යාට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති ක්‍රිකට් තරගාවලියත්, ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති ටෙස්ට් තරග දෙකත් අහිමි විය.

පසුගිය දෙසැම්බර් මාසයේ දී ඉන්දීය පළමු පෙළ තරගවල දී දක්ෂතා දැක්වූ පාන්ඩ්‍යා ඔහු නැවතත් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සුදුසු බව බලධාරීන්ට පෙන්වූ අතර එම දක්ෂතා හේතුවෙන් නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලියට ද ඔහුට අවස්ථාව හිමි විය.

තික්ෂිල, ශෙහාන් සහ ධනුෂ්ක අර්ධ ශතක රැස්කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Major විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (21) පෙරවරුවේ පැවති තරග අතරින් එස්. එස්. සී. ක්‍රීඩකයෝ පරාජය කරමින්…

මෙවර ලෝක කුසලානයට සහභාගී වන ප්‍රබලතම කණ්ඩායමක් ලෙස සැලකෙන ඉන්දීය කණ්ඩායමට සිය අවසන් සංචිතය තීරණය කිරීමේ දී පාන්ඩ්‍යාගේ මෙම ආබාධ තත්වය ප්‍රබල ගැටලුවක් වනු ඇත. මන්ද ඉන්දීය කණ්ඩායමේ මැදපෙළ ශක්තිමත් කිරීමට මෙන්ම පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කිරීමට ද පාන්ඩ්‍යා අත්‍යවශ්‍ය වීම නිසයි.

එමෙන්ම හර්දික් පාන්ඩ්‍යාගේ මෙම ආබාධ තත්වය දෙස ඉන්දීය ක්‍රීඩාලෝලීන්ගේ අවධානය යොමුව තිබෙන්නේ ඉන්දීය ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ මෙන්ම ලොව පුරා ක්‍රිකට්ලෝලීන් ඇඟිලි ගනිමින් සිටින ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට තවත් ඇත්තේ මාසයකට ආසන්න කාලයක් වීම හේතුවෙනුයි.

මෙම ආබාධ තත්වය පූර්ණ ලෙස සුව නොවුනහොත් එළඹෙන මාර්තු මස 23 වැනිදා ආරම්භ වන ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායමක් වන මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩකයෙකු වන හර්දික් පාන්ඩ්‍යාට එම තරගාවලිය අහිමි වීමේ අවදානමක් ද පවති.

අලුත් ක්‍රීඩකයෙක් කණ්ඩායමට; කාසියේ වාසිය සත්කාරකයින්ට

පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේ එංගලන්තයට එරෙහිව ලබා ගත් එක්දින තරග ජයග්‍රහණයට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිනූ පළමු ජයග්‍රහණය ලබා ගත් තරගාවලියේ දෙවන…

කෙසේ වෙතත් යම් හෙයකින් පාන්ඩ්‍යායට ලෝක කුසලානය අහිමි වුවහොත් ඔහු වෙනුවට විජේ ශන්කර්ව අත්හදා බැලීමට ඉන්දීය ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.

නිමාවට පත්වූ නවසීලන්ත තරග සංචාරයේ දී ද විජේ ශන්කර් හර්දික් පාන්ඩ්‍යා වෙනුවට ඉන්දීය සංචිතය ක්‍රීඩා කළේය.

ඉන්දියාව වෙනුවෙන් එක්දින තරග 45ක දී ඉනිම් 29ක් ක්‍රීඩා කර ඇති පාන්ඩ්‍යා අර්ධ ශතක 4ක් ද සමඟින් මේ වන විට එක්දින ලකුණු 731ක් රැස් කරගෙන සිටින අතර පන්දුවාර විස්සයි විස්ස පිටියේ තරග 38ක ඉනිම් 24ක දී ඔහු ලකුණු 296ක් රැස් කරගෙන තිබේ.

පිතිකරණයෙන් පමණක් නොව පන්දු යැවීමෙන් ද දක්ෂතා දක්වන ඔහු ඉන්දියාව වෙනුවෙන් එක්දින තරග 45ක දී කඩුලු 44ක්, පන්දුවාර විස්සයි විස්ස තරග බිමේ දී කඩුලු 36ක් දවා ගෙන තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<