සීතල අතරින් සෙනිරු සහ ඩිලාන් ඉදිරියට එති

251
Youth Olympic 2018
Image Courtesy - NOCSL

ආර්ජෙන්ටිනාවේ දැන් ක්‍රියාත්මක යූත් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් යටතේ මීටර 400 බාලක ඉසව්ව නියෝජනය කළ ඩිලාන් බෝගොඩ සහ උස පැනීමේ ඉසව්ව නියෝජනය කළ සෙනිරු අමරසිංහ අදාළ තරග ඉසව්වල ඉදිරි තරග වටය සඳහා සුදුසුකම් ලබමින් ශ්‍රී ලංකාවට කිසියම් බලාපොරොත්තුවක් එක් කිරීමට ඊයේ (11) රාත්‍රියේ දී සමත් වූහ.

ජකර්තාවෙන් ශ්‍රී ලංකාවට සිව්වැනි රන් පදක්කමත්

3 වන ආසියානු පැරා මලල ක්‍රීඩා තරගාවලියේ සිව්වැනි දිනය අද (11) ක්‍රියාත්මක වූ අතර..

මෙහි දී ප්‍රථමයෙන්ම තරග වැදි උස පැනීමේ ක්‍රීඩක සෙනිරු අමරසිංහ මීටර 2.05ක උසක් වාර්තා කරමින් මූලික වටය යටතේ සිව්වැනි ස්ථානයට තේරී පත්විය. මෙම මූලික වටය යටතේ සෙනිරුට වඩා වැඩි උසක් වාර්තා කිරීමට චීනයේ චෙන් ලොන්ග් (මීටර 2.13), ෆින්ලන්තයේ මැටිලා අටු (මීටර 2.09) සහ යුක්‍රේනයේ ඔලේ ඩුරොශුක් (2.09) යන ක්‍රීඩකයින් සමත් වුවත්, විස්තර විචාරකයින්ගේ වැඩි අවධානයක් සෙනිරුට හිමි වීම කැපී පෙනුණි.

මෙය සෙනිරුගේ හොඳම කාලය නොවන නමුත් තරග ක්‍රියාත්මක බුවනෝස් අයර්ස් හි පවතින අධික ශීතල තත්ත්වය ඔහුගේ දක්ෂතාවයන්හි උපරිමයට පැමිණීමට බාධාවක් වී තිබේ. මීටර 2ක සීමාවේ සිට සිය තරග වැදීම ආරම්භ කළ සෙනිරු කිසිදු අභියෝගකින් තොරව මීටර 2.05ක් දක්වා වූ උස තරණය කිරීමට සමත් වුවත් මීටර 2.09 උස නියෝජනය කිරීමේ දී ඔහු අසාර්ථකත්වයට පත්විය.

කෙසේ වෙතත් සෙනිරුගේ ඉහළම දක්ෂතාව ලෙසින් සටහන් වන්නේ යූත් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබීම වෙනුවෙන් තායිලන්තයේ බැංකොක් නුවර පැවති තරගාවලියේ දී වාර්තා කරන ලද මීටර 2.14ක උස තරණය කිරීමය. එම තරගාවලියේ රිදී පදක්කම දිනා ගනිමින් යූත් ඔලිම්පික් වරම් දිනා ගත් සෙනිරු දෙවැනි වූයේ එම තරගාවලියේ රන් පදක්කම දිනා ගත් ලොන්ග් චෙන් විසින් වාර්තා කරන ලද මීටර 2.17ක උසට පමණි.

සෙනිරු සමඟින් ලොංග් චෙන්ග් ද මෙම තරගාවලියට ක්‍රීඩා කරන අතර ඔහුගේ දක්ෂතාවය ද සටහන් වන්නේ මීටර 2.13ක් ලෙසිනි. එයින් පැහැදිළිවම ගම්‍ය වන්නේ ආර්ජෙන්ටිනාවේ පවතින අධික ශීතල ක්‍රීඩකයින්ගේ සුපුරුදු දක්ෂතාවන්වලට පැහැදිළිවම අභියෝගයක් වී තිබෙන බවයි. කොළඹ රාජකීය විදුහලෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් ලද සෙනිරු  සහභාගි වන මීළඟ තරග වටය ලබන 14 වැනිදා හෙවත් ශ්‍රී ලංකාවෙන් 15 වැනි දින අලුයම් කාලයේ පැවැත්වීමට නියමිතය.

ජාතික ක්‍රීඩාවේ මහා මංගල්‍යය ඇරඹේ

44 වන ජාතික මහා ක්‍රීඩා උළෙල අද (11) පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේ දී..

අනතුරුව පැවති මීටර 400 ඉසව්ව නියෝජනය කරන ලද ඩිලාන් බෝගොඩ සිය ඉසව්ව තත්පර 48.52කින් නිමා කරමින් පෞද්ගලික ක්‍රීඩා දිවියේ හොඳම තරග නිමි කාලය සටහන් කර ගත්තේය. මෙවර තරගාවලියේ මූලික වටයේ සිව්වැනි තරග ඉසව්ව නියෝජනය කළ ඩිලාන්, තෙවැනි ස්ථානයට පත් වෙමින් ඉදිරි වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේය. ඒ අනුව මෙම ඉසව්වේ ක්‍රීඩකයින් වාර්තා කරන ලද සමස්ත තරග නිමා කාලය ගෙන බැලීමේ දී ඩිලාන් බෝගොඩ  5 වැනි ස්ථානය හිමිවීම ද කැපී පෙනෙයි.

මීට පෙර ඩිලාන්ගේ හොඳම තරග නිමි කාලය ලෙසින් සටහන් වූයේ තායිලන්තයේ බැංකොක් නුවර දී වාර්තා කරන ලද තත්පර 48.58ක කාලය යි.  කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහල නියෝජනය කරමින් මෙම යූත් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීමට වරම් ලද ඩිලාන්ට සෙනිරු පරිදිම බුවනෝස් අයස්ර්හි පවතින ශීත කාලගුණය හරස් වුවද උපරිම දක්ෂතාවයෙන් ඔබ්බට යෑමට හැකි වීම විශේෂත්වයක් ලෙසින් සඳහන් කළ හැක.

යොවුන් ඔලිම්පික් තරගාවලියට සුදුස්සන් තේරීම වෙනුවෙන් තායිලන්තයේ බැංකොක් නුවර දී පැවති සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී තත්පර 48.58ක කාලයක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගත් ඩිලාන් තෙවැනි වරටත් ක්‍රියාත්මක යොවුන් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීමේ වරම දිනා ගත්තේය. ඒ අනුව ඩිලාන් බෝගොඩ සහභාගි වන මීළඟ තරග වටය ලබන 14 වැනිදා පස්වරුවේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<