දසුන්, වනිඳු සහ භානුක නිදහස්; Pandya නැවතත් ගෙදර එයි!

IPL 2024

18188

නිමා වූ 2023 IPL තරගාවලියට ක්‍රීඩා කළ දසුන් ශානක, වනිඳු හසරංග සහ භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයින් 2024 ක්‍රීඩක වෙන්දේසියට පෙර තම සංචිත වලින් නිදහස් කිරීමට කණ්ඩායම් පියවර ගෙන තිබෙනවා.

එළඹෙන දෙසැම්බර් මස 19 වැනි දා පැවැත්වීමට නියමිත 2024 IPL ක්‍රීඩක වෙන්දේසියට පෙර තරගාවලියට සහභාගී වන කණ්ඩායම් දහයට ම ඉදිරි තරගවාරය වෙනුවෙන් රඳවා ගන්නා ක්‍රීඩකයින් තීරණය කිරීමට කාලය ලබා දී තිබුණා. එම කාලසීමාව ඊයේ (26) දිනයෙන් අවසන් වූ අතර ඊයේ සවස් බාගය වන විට ක්‍රිකට් ලොව ප්‍රධානතම මාතෘකාව බවට පත් වුනේ මෙම කණ්ඩායම් රඳවා ගන්නා සහ නිදහස් කරනා ක්‍රීඩකයින් කවුරුන් ද යන්නයි.

මෙහි දී 2023 IPL තරගාවලිය නියෝජනය කළ දසුන්, වනිඳු සහ භානුක කණ්ඩායම්වලින් ඉවතට විසි වී ගොස් තිබුණා. නමුත් වත්මන් IPL ශූරයින් වන Chennai Super Kings කණ්ඩායම නියෝජනය කරමින් කැපී පෙනෙන දක්ෂතා පෙන්වූ මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ තවදුරටත් සිය කණ්ඩායමේ රඳවා ගැනීමට CSK කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් තීරණය කර තිබෙනවා.

මේ අතර 2022 IPL ශූරයින් සහ වත්මන් අනුශූරයින් වන Gujarat Titans කණ්ඩායමේ නායකත්වය දැරූ Hardik Pandya සිය ආරම්භක IPL කණ්ඩායම වන Mumbai Indians වෙත නැවත යාමට සූදානම් බවට මීට පෙර මාධ්‍ය වාර්තා පළ වුනා. නමුත් ඊයේ සවස එම වාර්තා පිළිබඳ යම් සැකයක් ඇති කරමින් Pandya තවදුරටත් Gujarat Titans සමඟ ‍රඳවා තබා ගන්නා බවට පුවත් පල වුනා. කෙසේ නමුත් ඉන් පැය කිහිපයකට පසුව Pandya නැවතත් Mumbai Indians සමඟ එක් වන බව නිල වශයෙන් තහවුරු වුනා.

එමෙන්ම ගිය වර Mumbai Indians නියෝජනය කරමින් දක්ෂතා දැක්වූ ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩක Cameron Green මෙවර Royal Challengers Bangalore කණ්ඩායම වෙත ලබා ගෙන තිබෙනවා.

මීට අමතරව කණ්ඩායම් විසින් නිදහස් කළ ක්‍රීඩකයින් සහ තවදුරටත් රඳවා ගත් ක්‍රීඩක ලැයිස්තු මෙසේයි.

Mumbai Indians:

  • නිදහස් කළ ක්‍රීඩකයින්;

Arshad Khan, Ramandeep Singh, Hrithik Shokeen, Raghav Goyal, Jofra Archer, Tristan Stubbs, Duan Jansen, Jhye Richardson, Riley Meredith, Chris Jordan, Sandeep Warrier

  • වෙනත් කණ්ඩායම්වලින්;

Hardik Pandya, Romario Shepherd

  • වෙනත් කණ්ඩායම්වලට;

Cameron Green

  • රඳවා තබා ගත් ක්‍රීඩකයින්;

Rohit Sharma, Dewald Brevis, Suryakumar Yadav, Ishan Kishan, Tilak Varma, Tim David, Vishnu Vinod, Arjun Tendulkar, Shams Mulani, Nehal Wadhera, Jasprit Bumrah, Kumar Kartikeya, Piyush Chawla, Akash Madhwal, Jason Behrendorff

ඉතිරිව ඇති මුදල: කෝටි 17.75

Gujarat Titans:

Hardik නිදහස් කිරීමෙන් පසුව ඔවුන්ට නව නායකයකු ව සොයා ගැනීමට සිදු වී තිබෙනවා.

  • නිදහස් කළ ක්‍රීඩකයින්;

දසුන් ශානක, Alzarri Joseph, Odean Smith, Yash Dayal, KS Bharat, Shivam Mavi, Urvil Patel, Pradeep Sangwan

  • වෙනත් කණ්ඩායම්වලට;

Hardik Pandya

  • රඳවා තබා ගත් ක්‍රීඩකයින්;

David Miller, Shubman Gill, Matthew Wade, Wriddhiman Saha, Kane Williamson, Abhinav Manohar, B Sai Sudharsan, Darshan Nalkande, Vijay Shankar, Jayant Yadav, Rahul Tewatia, Mohammed Shami, Noor Ahmad, R Sai Kishore, Rashid Khan, Josh Little, Mohit Sharma

ඉතිරි වී ඇති මුදල; කෝටි 38.15

Royal Challengers Bangalore:

වනිඳු, Harshal, Hazelwood, Willey සහ Wayne Parnell යන සියලු පන්දු යවන්නන් නිදහස් කිරීමෙන් පසුව ඔවුන්ට දැන් නවතම පන්දු යැවීමේ බළඇණියක් නිර්මාණය කර ගැනීමට සිදු වී තිබෙනවා.

  • නිදහස් කළ ක්‍රීඩකයින්;

වනිඳු හසරංග, Harshal Patel, Josh Hazlewood, Finn Allen, Michael Bracewell, David Willey, Wayne Parnell, Sonu Yadav, Avinash Singh, Siddharth Kaul, Kedar Jadhav

  • වෙනත් කණ්ඩායම්වලට;

Shahbaz Ahmed

  • වෙනත් කණ්ඩායම්වලින්; Mayank Dagar, Cameron Green
  • රඳවා තබා ගත් ක්‍රීඩකයින්;

Faf du Plessis, Rajat Patidar, Virat Kohli, Anuj Rawat, Dinesh Karthik, Suyash Prabhudessai, Will Jacks, Glenn Maxwell, Mahipal Lomror, Karn Sharma, Manoj Bhandage, Akash Deep, Mohammed Siraj, Reece Topley, Himanshu Sharma, Rajan Kumar, Vyshak Vijaykumar

ඉතිරි වී ඇති මුදල; කෝටි 23.25

Chennai Super Kings:

පසුගිය තරග වාරයෙන් පසුව ක්‍රීඩාවට සමු දුන් Ambati Rayudu සහ සිය කාර්ය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් ඉවත් වූ Ben Stokes හැරුණු කොට CSKහි විශේෂ වෙනස් කම් රැසක් සිදු වී නැහැ. කෙසේ වෙතත් Stokes වෙනුවට වෙනත් විදෙස් ක්‍රීඩකයකු වෙනුවෙන් ඔවුන් මීළඟ වෙන්දේසියේ දී මුදල් ආයෝජනය කරනු ඇති.

  • නිදහස් කළ ක්‍රීඩකයින්;

Ambati Rayudu, Ben Stokes, Dwaine Pretorious, Bhagath Varma, Subhranshu Senapati, Akash Singh, Kyle Jamieson, Sisanda Magala

  • රඳවා තබා ගත් ක්‍රීඩකයින්;

මහීෂ් තීක්ශණ, මතීෂ පතිරණ,

MS Dhoni, Devon Conway, Ruturaj Gaikwad, Ajinkya Rahane, Shaik Rasheed, Ravindra Jadeja, Mitchell Santner, Moeen Ali, Shivam Dube, Nishant Sindhu, Ajay Mandal, Rajvardhan Hangargekar, Deepak Chahar, Mukesh Chowdhary, Prashant Solanki, Simarjeet Singh, Tushar Deshpande

ඉතිරි වී ඇති මුදල; කෝටි 31.4

Delhi Capitals:

කලක පටන් අසාර්ථක වන Prithvi Shaw තවදුරටත් කණ්ඩායමේ රඳවා ගැනීමට Capitals තීරණය කළත් Rilee Rossouw, Rovman Powell සහ Phil Salt වැනි ප්‍රවේගකාරී පිතිකරුවන් සංචිතයෙන් නිදහස් කර තිබීම විශේෂත්වයක්.

  • නිදහස් කළ ක්‍රීඩකයින්;

Rilee Rossouw, Chetan Sakariya, Rovman Powell, Manish Pandey, Phil Salt, Mustafizur Rahman, Kamlesh Nagarkoti, Ripal Patel, Sarfaraz Khan, Aman Khan, Priyam Garg

  • රඳවා තබා ගත් ක්‍රීඩකයින්; Rishabh Pant, David Warner, Prithvi Shaw, Yash Dhull, Abishek Porel, Axar Patel, Lalit Yadav, Mitchell Marsh, Pravin Dubey, Vicky Ostwal, Anrich Nortje, Kuldeep Yadav, Lungi Ngidi, Khaleel Ahmed, Ishant Sharma, Mukesh Kumar

ඉතිරි වී ඇති මුදල; කෝටි 28.95

Rajasthan Royals:

Royals විසින් Jason Holder සහ Joe Root යන දෙදෙනා ම සංචිතයෙන් නිදහස් කර තිබෙනවා.

  • නිදහස් කළ ක්‍රීඩකයින්;

Joe Root, Abdul Basith, Jason Holder, Akash Vashisht, Kuldip Yadav, Obed McCoy, M Ashwin, KC Cariappa, KM Asif

  • වෙනත් කණ්ඩායම්වලට;

Devdutt Padikkal

  • වෙනත් කණ්ඩායම්වලින්;

Avesh Khan

  • රඳවා තබා ගත් ක්‍රීඩකයින්;

Sanju Samson, Jos Buttler, Shimron Hetmyer, Yashasvi Jaiswal, Dhruv Jurel, Riyan Parag, Donovan Ferreira, Kunal Rathore, R Ashwin, Kuldeep Sen, Navdeep Saini, Sandeep Sharma, Trent Boult, Yuzvendra Chahal, Adam Zampa, Prasidh Krishna

ඉතිරි වී ඇති මුදල; කෝටි 14.5

Punjab Kings:

භානුකට අමතරව තවත් ප්‍රවේගකාරී පිතිකරුවකු ලෙස නම් දරා ඇති Shahrukh Khan ද මෙවර සංචිතයෙන් නිදහස් කර තිබෙනවා. නමුත් තවත් ප්‍රවේගකාරී පිතිකරුවන් කිහිප දෙනෙකු ම ඔවුන් සතුයි.

  • නිදහස් කළ ක්‍රීඩකයින්;

භානුක රාජපක්ෂ, Shahrukh Khan, Raj Bawa, Baltej Dhanda, Mohit Rathee

  • රඳවා තබා ගත් ක්‍රීඩකයින්; Shikhar Dhawan, Jitesh Sharma, Jonny Bairstow, Prabhsimran Singh, Liam Livingstone, Atharva Taide, Rishi Dhawan, Sam Curran, Sikandar Raza, Shivam Singh, Harpreet Brar, Arshdeep Singh, Kagiso Rabada, Nathan Ellis, Rahul Chahar, Vidwath Kaverappa, Harpreet Bhatia

ඉතිරි වී ඇති මුදල; කෝටි 29.1

Kolkata Knight Riders:

RCB සේ ම KKR ද සිය වේගපන්දු තුරුම්පු වන Lockie Ferguson, Tim Southee සහ Shardul Takur යන ක්‍රීඩකයින් ව නිදහස් කර තිබෙනවා. එමෙන්ම Linton Das සහ N Jagadeesan නිදහස් කිරීමෙන් පසු ඔවුන්ට ඉතිරි වී ඇති එකම කඩුලු රකින්නා වන්නේ Rahmanullah Gurbaz පමණයි.

  • නිදහස් කළ ක්‍රීඩකයින්; Tim Southee, Umesh Yadav, Lockie Ferguson, Shardul Thakur, Mandeep Singh, Kulwant Khejroliya, N Jagadeesan, David Wiese, Aarya Desai, Litton Das, Johnson Charles, Shakib Al Hasan
  • රඳවා තබා ගත් ක්‍රීඩකයින්;

Nitish Rana, Rinku Singh, Rahmanullah Gurbaz, Shreyas Iyer, Jason Roy, Anukul Roy, Andre Russel, Venkatesh Iyer, Suyash Sharma, Harshit Rana, Sunil Narine, Vaibhav Arora, Varun Chakravarthy

ඉතිරි වී ඇති මුදල; කෝටි 32.7

Sunrisers Hyderabad:

SRH ගිය වර ක්‍රීඩක වෙන්දේසියෙන් තම සංචිතයට එක් කර ගත් Harry Brook මෙවර සංචිතයෙන් නිදහස් කර තිබෙනවා. එමෙන්ම දඟපන්දු යවන්නන් වූ Adil Rashid, Akeal Hosein සහ Mayank Dagar තිදෙනා ම නිදහස් කර තිබීමත් විශේෂත්වයක්.

  • නිදහස් කළ ක්‍රීඩකයින්;

Harry Brook, Adil Rashid, Akeal Hosein, Karthik Tyagi, Vivrant Sharma, Samarth Vyas

  • වෙනත් කණ්ඩායම්වලට;

Mayank Dagar

  • වෙනත් කණ්ඩායම්වලින්; Shahbaz Ahmed
  • රඳවා තබා ගත් ක්‍රීඩකයින්;

Abdul Samad, Aiden Markram, Rahul Tripathi, Glenn Phillips, Mayank Agarwal, Heinrich Klaasen, Anmolpreet Singh, Upendra Yadav, Nitish Kumar Reddy, Abhishek Sharma, Marco Jansen, Washington Sundar, Sanvir Singh, Bhuvneshwar Kumar, Fazalhaq Farooqi, T Natarajan, Umran Malik, Mayank Markande

ඉතිරි වී ඇති මුදල; කෝටි 34

Lucknow Super Giants:

LSG විසින් ක්‍රීඩකයින් අට දෙනෙක් නිදහස් කළත් ඔවුන් කිසිවකු හෝ ගිය වර කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයින් ලෙස ක්‍රීඩා කළ අය නොවීම විශේෂත්වයක්.

  • නිදහස් කළ ක්‍රීඩකයින්;

Daniel Sams, Karun Nair, Jaydev Unadkat, Manan Vohra, Karan Sharma, Suryansh Shedge, Swapnil Singh, Arpit Guleria

  • වෙනත් කණ්ඩායම්වලට; Romario Shepherd, Avesh Khan
  • වෙනත් කණ්ඩායම්වලින්; Devdutt Padikkal
  • රඳවා තබා ගත් ක්‍රීඩකයින්;

KL Rahul, Quinton de Kock, Nicholas Pooran, Ayush Badoni, Deepak Hooda, K Gowtham, Krunal Pandya, Kyle Mayers, Marcus Stoinis, Prerak Mankad, Yudhvir Singh, Mark Wood, Mayank Yadav, Mohsin Khan, Ravi Bishnoi, Yash Thakur, Amit Mishra, Naveen-ul-Haq

ඉතිරි වී ඇති මුදල; කෝටි 13.15

මෙවර IPL ක්‍රීඩක වෙන්දේසිය මඟින් මෙම සංචිතවල තවත් වෙනස්කම් රැසක් සිදු වනු ඇති. ඒ සම්බන්ධ තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<