Gautam Gambhir නැවතත් කල්කටාවට

Indian Premier League 2023

1676

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරන සුප්‍රකට Kolkata Knight Riders කණ්ඩායමේ උපදේශකයා ලෙස එම කණ්ඩායමේ හිටපු නායක Gautam Gambhir පත් කළ බව කණ්ඩායම් කළමනාකාරිත්වය තහවුරු කර තිබෙනවා. 

2011 සහ 2017 අතර කාලයේ Knight Riders කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ Gambhir 2012 සහ 2014 යන වසර වල දී ශූරතාවය දිනා දීමට සමත් වූ අතර බොහෝ අවස්ථා වල දී අවසන් කණ්ඩායම් 4 තුළ කණ්ඩායම රඳවා ගැනීමට ද ඔහු සමත් වුනා. 

“මම බොහෝ සංවේදී මනුස්සයකු නොවන අතර මේක මට වෙනස් ආකාරයේ දෙයක්. මේක මම පටන් ගත්ත තැනට ආයෙත් වතාවක් ආවා වගේ හැඟීමක් දැනෙන්නේ. රත්‍රං පාටට හුරු දම් පැහැ ජර්සිය නැවත අඳින එකයි මම දැන් හිතන්නේ.  

මම කණ්ඩායමට නැවත පැමිණෙනවා විතරක් නෙවෙයි මම ආදරය කරන නගරයට ආයෙම එන්න ලැබෙනවා. මම නැවත පැමිණෙනවා.”, යැයි Gautam Gambhir ප්‍රකාශ කළා.  

“ ඔහු (Gambhir) සෑම විටම අපේ පවුලේ කොටසක් වගේම අපේ නායකයා උපදේශකයෙකු ලෙස නැවතත් කණ්ඩායමට එනවා. ඔහුට කණ්ඩායමට බොහෝ සෙයින් මඟ හැරුණු අතර ඔහු අනෙක් පුහුණුකරුවන් සමඟ එක්ව ශක්තිමත් කණ්ඩායමක් සාදන ආකාරය අපි බලාගෙන ඉන්නවා”, යැයි කණ්ඩායම් සම හිමිකරු Shah Rukh Khan ප්‍රකාශ කළා.  

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම පුවත් ඔබ වෙත සමීප කිරීමටThePapare.comසූදානම්, රැඳී සිටින්නThePapare.comසමඟින්. 

Cricbuzz ඇසුරිනි. 

>>තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<