Bairstow නැවත පැමිණෙද්දී, Archer ඉවතට

අයර්ලන්ත කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2023

780

දිගින් දිගටම පීඩා විඳින වැළමිටේ ආබාධය නිසා එංගලන්ත ක්‍රීඩක Jofra Archer හට මෙවර ගිම්හාන තරග වාරයේ සියලු තරග අහිමි වන බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර සිටියා.

එම නිසා ඔහුට අයර්ලන්තය සමඟ පැවැත්වෙන නියමිත ටෙස්ට් තරගය අහිමි වන අතර ආබාධයක් නිසා පිටියෙන් ඉවත්ව සිටි Jonny Bairstow නැවතත් සංචිතයට කැඳවා තිබෙනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කරමින් සිටින අතරවාරයේ ඇති වූ ආබාධ තත්වය නිසා ඔහු නැවතත් එංගලන්තයට පැමිණි අතර ඔහු මේ වන විට එංගලන්ත සහ Sussex වෛද්‍ය කණ්ඩායම්වල අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙනවා.

Jofra Archerට මේ කාලසීමාව ඉතාම කලකිරීමක් සහිත කාලසීමාවක්. නැවත ආබාධ තත්වය මතු වෙන තුරු ඔහු ඉතා හොඳින් සුවය ලබමින් සිටියේ. අපිට ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් සිටින්නේ. මට විශ්වාසයි ඔහු එංගලන්තය වෙනුවෙන් නැවතත් තරග ජයග්‍රහණය කරනවා දැක ගන්න අපිට පුළුවන් වෙයි කියලා. අපි බලාපොරොත්තු වෙනවා ඒක ඉක්මනින් ම වෙයි කියලා,” යැයි එංගලන්ත ක්‍රිකට් කළමනාකරු Rob Key ප්‍රකාශ කළා.

පසුගිය අගෝස්තු මාසයේ සිට ආබාධයක් නිසා ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටි Jonny Bairstow නැවත කඩුලු රකින්නා ලෙස සංචිතයට පැමිණ ඇති අතර ඔහු කණ්ඩායමට එක් වන්නේ Ben Foakesගේ ස්ථානයටයි.

Ben Foakes කණ්ඩායමෙන් ඉවත් කිරීමේ තීරණය පහසු එකක් වුනේ නැහැ. ඔහු පසුගිය වසරේ එංගලන්තය වෙනුවෙන් ඉතාම හොඳින් ක්‍රීඩා කළා. නමුත් Bairstow යනු පසුගිය කාලසීමාවේ ලොව ඉහළ දස්කම් පෙන්නුම් කළ ක්‍රීඩකයින්ගෙන් කෙනෙක්,” යැයි Key වැඩි දුරටත් ප්‍රකාශ කළා.

එමෙන්ම 2022 මාර්තු මාසයෙන් පසු Chris Woakes නැවතත් එංගලන්ත සංචිතයට කැඳවා තිබෙන අතර ඔහු අවසන් වරට මව්බිමේ දී ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර තිබෙන්නේ 2020 වසරේයි. ඔහුට අමතරව නවසීලන්ත තරගාවලියේ දී විවේකයක් ගත් Mark Wood ද මෙම සංචිතයට ඇතුළත්.

අයර්ලන්ත තරගාවලියට නම් කළ එංගලන්ත සංචිතය: Ben Stokes (C), James Anderson, Jonathan Bairstow, Stuart Broad, Harry Brook, Zak Crawley, Ben Duckett, Dan Lawrence, Jack Leach, Ollie Pope, Matthew Potts, Ollie Robinson, Joe Root, Chris Woakes, Mark Wood

Cricbuzz ඇසුරිනි.

Eng vs IRE, Ireland tour of England 2023, Ireland tour of England 2023