තාරුක සහ දුල්සත් ඇලෝශියස් විද්‍යාලයට වටිනා ජයක් ගෙන දෙයි

U19 Division 1 School Cricket Tournament 2023/24

199
U19 Division 1 School Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (08) දිනයෙන් අවසන් වුනා.

මෙම තරගවල දී ජයග්‍රහණ වාර්තා කිරීමට කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝශියස් විද්‍යාලය විසින් සමත් වුනා.

මෙම තරගවල ක්‍රීඩක දක්ෂතා සැකෙවින්,

කොළඹ නාලන්දා සහ කැලණිය ගුරුකුල විද්‍යාල අතර පැවැත්වුණු තරගයේ දී නාලන්දාව වෙනුවෙන් සදෙව් සමරසිංහ ලකුණු 155ක් වාර්තා කිරීමට සමත් වූ අතර, ගුරුකුල විද්‍යාලය වෙනුවෙන් දෙනුර දිමන්සිත් ලකුණු 125ක් ලබා ගැනීමට සමත් වුනා.

කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලයේ හිමරු දේශාන් විසින් වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයට එරෙහිව කඩුලු 5 දස්කමක් ද සමඟ සමස්ත තරගයේ කඩුලු 8ක් දවා ගැනීමට සමත් වුනා.

කොළඹ ඉසිපතන විද්‍යාලයට එරෙහිව මහනුවර ධර්මරාජයේ පුලිඳු පෙරේරාගේ පිත්තෙන් ප්‍රවේගකාරී ශතකයක් වාර්තා වුනා. පන්දු 75ක් තුළ ලකුණු 133ක් ලබා ගත් පුලිඳුගේ ඉනිමට හතරේ පහර 16ක් සහ හයේ පහර 9ක් අන්තර්ගත වීම විශේෂත්වයක්. මෙම තරගයේ දී ම කොළඹ ඉසිපතන විද්‍යාලයේ සිතුක ගුණවර්ධන ද කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වුනා.

ගාල්ල ඇලෝශියස් විද්‍යාලයේ තාරුක පෙරේරා ආනන්ද විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ කඩුලු 6ක් සමඟින් සමස්ත තරගයේ කඩුලු 9ක් දවා ගැනීමට සමත් වූ අතර, දුල්සත් නිම්විරු ආනන්ද දෙවන ඉනිමේ කඩුලු 6ක් දවා ගැනීමට සමත් වුනා. එමෙන්ම ආනන්ද විද්‍යාලය වෙනුවෙන් අශින්ස නයිනායක කඩුලු 5 දස්කමක් සමඟින් සමස්ත තරගයේ කඩුලු 7ක් බිඳ හෙළීමට සමත් වුනා.

පළමු කොටසේ Tier A තරග

කොළඹ නාලන්දා විද්‍යාලය සහ කැලණිය ගුරුකුල විද්‍යාලය

නාලන්දා විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 08 – 08)

  • කොළඹ නාලන්දා විද්‍යාලය – 277/10 (79.4) සදෙව් සමරසිංහ 155, තරුශ කොඩිකාර 4/58, පූර්ණ කල්හාර 3/95 & 132/8d (42.2) සජිත විතානගේ 50,පූර්ණ කල්හාර 3/29
  • කැලණිය ගුරුකුල විද්‍යාලය – 241/10 (72.1) දෙනුර දිමන්සිත් 125, තිසර දෙව්දුණු 4/39 & 0/0

තරගය ජය පරාජයෙන් තොරයි, කොළඹ නාලන්දා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

පළමු කොටසේ Tier B තරග

වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය සහ කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය

බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 07 – 08)

  • කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය – 237/10 (70.1) හිවින් කෙනුල 50, සනුක චෙරාන් 36, අමල් පෙරේරා 4/46, තරිඳු එශාන් 3/36
  • වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය – 61/10 (29.3) කවිඳු ප්‍රේමරත්න 12, හිමරු දේශාන් 5/24, ආකාශ් දෙව්මිණ 3/7 & 112/10 (37.5) කවිත් ප්‍රනාන්දු 36, දසුන් පෙරේරා 30, ආකාශ් දෙව්මිණ 4/28, හිමරු දේශාන් 3/45

කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 64ක ජයක්.

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය

කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 07 – 08)

  • මහනුවර ධර්මරාජ විද්‍යාලය – 266/10 (74.2) පුලිඳු පෙරේරා 133, ලක්වින් අබේසිංහ 38, සිතුක ගුණවර්ධන 5/65 & 202/5 (41.2) ඔනජිත් ද සිල්වා 87, පුලිඳු පෙරේරා 37, චනුල් දිනෝත් 2/43
  • කොළඹ ඉසිපතන විද්‍යාලය – 170/10 (55.3) කෙවින් සැමුවෙල් 57, ශෙහාන් මාරසිංහ 4/40 & 4/1

තරගය ජය පරාජයෙන් තොරයි, මහනුවර ධර්මරාජ විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කොළඹ ආනන්ද විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝශියස් විද්‍යාලය

කරන්දෙනිය යුද හමුදා ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 07 – 08)

  • කොළඹ ආනන්ද විද්‍යාලය – 142/10 (51.2) අයේශ් ශශිමාල් 33, තාරුක පෙරේරා 6/29 & 50/10 (36.5) අශින්ස නයිනායක 8*, දුල්සත් නිම්විරු 6/17, තාරුක පෙරේරා 3/19
  • ගාල්ල සාන්ත ඇලෝශියස් විද්‍යාලය – 136/10 (43.3) හසිත සුරංග 46, අශින්ස නයිනායක 5/42 & 59/4 (13.2) චාර්ය පරණවිතාන 26*, අශින්ස නයිනායක 2/35

ගාල්ල සාන්ත ඇලෝශියස් විද්‍යාලයට කඩුලු 6ක ජයක්.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<