පන්දුව රජ කළ දිනයක් නිමා වෙයි

U19 Division 1 School Cricket Tournament 2023/24

79
U19 Division 1 School Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (03) ක්‍රියාත්මක වුනා.

මෙම තරගවලින් ජයග්‍රහණ ලබා ගැනීමට කොළඹ සාන්ත පීතර විද්‍යාලය, කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට හැකියාව ලැබුණා.

අද දිනයේ පැවැත්වුණු තරගවල ක්‍රීඩක දක්ෂතා සැකෙවින්,

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව ඉනිමක ජයක් කරා තම විද්‍යාලය රැගෙන යාමට කොළඹ සාන්ත පීතර විද්‍යාලයේ ශෙනෝන් රොද්‍රිගෝ විසින් සමත් වුනේ පළමු ඉනිමේ කඩුලු 4ක් සහ දෙවන ඉනිමේ කඩුලු 6 සමඟ සමස්ත තරගයේ කඩුලු 10ක් බිඳ හෙළමිනුයි.

මේ අතර ධර්මාශෝකය ඉනිමක පරාජයෙන් ගලවා ගැනීමට සටන් කළ නායක රන්දුල් සමරහේවා විශිෂ්ට ශතකයක් ලබා ගැනීමට සමත් වුනා. එහි දී ඔහු විසින් පන්දු 121කින් ලකුණු 113ක් ලබා ගැනීමට සමත් වූ අතර ඒ වෙනුවෙන් හතරේ පහර 15ක් සහ එක් හයේ පහරක් අඩංගු වුනා. නමුත් අවාසනාවන්ත ලෙස ඔහුගේ උත්සාහය ව්‍යර්ථ වී ගියා.

ගාල්ල මහින්ද විද්‍යාලය සමග පැවැත්වුණු තරගයේ දී මහනුවර ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් දුලාර බන්දුලසේන පළමු ඉනිමේ කඩුලු 4 සහ දෙවන ඉනිමේ කඩුලු 6 දවා ගැනීමට සමත් වුනා. මෙම තරගයේ දී ම මහින්ද විද්‍යාලය වෙනුවෙන් සෙනුක දංගමුව ධර්මරාජ පළමු ඉනිමේ කඩුලු 7ක් දවා ගැනීමට සමත් වුනා.

මහනුවර සාන්ත ආනා විද්‍යාලය සමඟ පැවැත්වුණු තරගයේ දී මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ජයග්‍රහණයක් ලබා ගැනීමට උර දුන් නායක මනුජ චන්තුක පළමු ඉනිමේ කඩුලු 7ක් සහ දෙවන ඉනිමේ කඩුලු 5ක් සමඟින් සමස්ත තරගයේ කඩුලු 12ක් දවා ගැනීමට සමත් වුනා.

පළමු කොටසේ Tier B තරග

කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය

අම්බලන්ගොඩ නගරසභා ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 2 – 3)

  • කොළඹ සාන්ත පීතර විද්‍යාලය – 417/9d (72.1) ඔවීන් සල්ගාදු 138, දිලන දම්සර 119, විශේන් හැළඹගේ 79, සෙනිත හැළඹගේ 7/130
  • අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය – 125/10 (37.5) රන්දුල් සමරහේවා 18, ශෙනෝන් රොද්‍රිගෝ 4/39 & 248/10 (f/o) (45.3) රන්දුල් සමරහේවා 113, විශ්ව දිමුතු 38, ශෙනෝන් රොද්‍රිගෝ 6/100, ලශ්මික පෙරේරා 3/37

කොළඹ සාන්ත පීතර විද්‍යාලය ඉනිමක සහ ලකුණු 44ක ජයක්.

කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය සහ කොළඹ සහිරා විද්‍යාලය

සහිරා විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 01 – 02)

  • කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය – 301/9 (75.1) නදීර දේශාන් 82, සනුක චෙරාන් 69, යොහාන් සමින්ද 3/66, තරුශ නවෝද්‍ය 3/59 & 28/0 (6.3)
  • කොළඹ සහිරා විද්‍යාලය – 157/9 (46.4) රොශාන් කරීම් 47, උමාර් ඉම්රාන් 32, ආකාශ් දෙව්මිණ 3/55 & 168/9 (f/o) (43.2) Thabith Rizficar 36, ඉස්මත් සයාන් 51*, ආකාශ් දෙව්මිණ 3/71, හිමරු දේශාන් 3/51

කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලයට කඩුලු 10ක ජයක්.

ගාල්ල මහින්ද විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය

ධර්මරාජ විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 02 – 03)

  • ගාල්ල මහින්ද විද්‍යාලය – 196/10 (77) දුල්සිත් දර්ශන 59, ප්‍රමේෂ් මදුභාෂණ 45, දක්ෂික මනුකල්ප 5/59, දුලාර බන්දුලසේන 4/50 & 137/10 (55.3) දුල්සිත් දර්ශන 47, දුලාර බන්දුලසේන 6/40
  • මහනුවර ධර්මරාජ විද්‍යාලය – 185/10 (61.5) ලක්වින් අබේසිංහ 44, ඉසුරු පන්නල 40, සෙනුක දංගමුව 7/42 & 26/1 (3)

තරගය ජය පරාජයෙන් තොරයි, ගාල්ල මහින්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

සාම්ප්‍රදායික දෙදින තරග

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

සාන්ත ආනා විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 02 – 03)

  • කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය – 130/10 (46.1) බුද්ධිම නන්දසිරි 76, මනුජ චන්තුක 7/40 & 128/10 (53.4) මහිම කොටුවිල 42, යශ්මින් ජයසුන්දර 30, මනුජ චන්තුක 5/48, මලින්ත සිල්වා 3/25
  • මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 248/8d (81) නවෝද් ප්‍රනාන්දු 60, කොශේන්ද්‍ර ප්‍රනාන්දු 53, කෙවින් නානායක්කාර 3/92 & 13/0 (2.1)

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට කඩුලු 10ක ජයක්.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<