ඔවීන් සහ දිලන ද්විත්ව ශතක සබඳතාවක් කරා!

U19 Division 1 Schools Cricket Tournament 2023/24

460

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (02) ක්‍රියාත්මක වුනා.

මෙම තරගවල දී ජයග්‍රහණ ලබා ගැනීමට මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයට, මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට, කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයට සහ කොළඹ ඉසිපතන විද්‍යාලයට හැකියාව ලැබුණා.

අද දිනයේ ක්‍රීඩකයින් විසින් දැක් වූ කැපී පෙනෙන දක්ෂතා මෙසේයි,

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් නායක තිසර ඒකනායක කඩුලු 5 දස්කම් දෙකක් දැක්වීමට සමත් වූ අතර, පිත්තෙන් ද අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා.

මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ අචල පෙරේරා විසින් කඩුලු 7 දස්කමක් සමඟින් සමස්ත කඩුලු 11ක් දවා ගැනීමට සමත් වුනා.

කුරුණෑගල මලියදේව විද්‍යාලය වෙනුවෙන් දිමත් අබේසිංහට කඩුලු 5 අවස්ථා දෙකක් සටහන් කර ගැනීමට හැකියාව ලැබුණු අතර, මලියදේවයේ අර්ජුන් සත්සර ද කඩුලු 5 දක්ෂතාවක් දැක්වීමට සමත් වුනා.

එමෙන්ම කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය වෙනුවෙන් රන්දීශ බණ්ඩාරනායක ඉනිම් දෙකේ දී ම කඩුලු 6 බැගින් දවා ගනිමින් සමස්ත තරගයේ කඩුලු 12ක දස්කමක් ප්‍රදර්ශනය කළා.

කොළඹ ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් කෙවින් සැමුවෙල් කඩුලු 5 දස්කමක් දක්වද්දී, තරුශ්ක අශෙල් කඩුලු 6 දස්කමක් ප්‍රදර්ශනය කිරීමට සමත් වුනා.

එමෙන්ම මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය වෙනුවෙන් කවීෂ චන්දිමාල් කඩුලු 6 දස්කමක් ප්‍රදර්ශනය කළා.

කොළඹ සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් ඔවීන් සල්ගාදු සහ දිලන දම්සර ශතක වාර්තා කල අතර, ඔවුන් දෙදෙනා විසින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව අද ආරම්භ වූ තරගයේ දී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 249ක දැවැන්ත සබඳතාවක් පිහිටුවීමට ද සමත් වුනා. එමෙන්ම මෙම තරගයේ දී ධර්මාශෝකයේ සෙනිත හැළඹගේ කඩුලු 7ක් දවා ගැනීමට සමත් වීමත් විශේෂත්වයක්.

මහනුවර ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් දක්ෂික මනුකල්ප කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වුනා.

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් මනුජ චන්තුක කඩුලු 7 දස්කමක් ප්‍රදර්ශනය කිරීමට සමත් වුනා.

පළමු කොටසේ Tier A තරග

කැලණිය ගුරුකුල විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය

සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 01 – 02)

  • කැලණිය ගුරුකුල විද්‍යාලය – 145/10 (50.1) තත්සර එශාන් 47, තිසර ඒකනායක 5/37 & 152/10 (41) තත්සර එශාන් 32, තිසර ඒකනායක 5/72, කෙවන් රමික 3/17
  • මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය – 206/10 (53.2) තිසර ඒකනායක 62, ජනිත් රත්නසිරි 53, පූර්ණ කල්හාර 5/68 & 94/7 (19) ජනුක රත්නායක 35

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයට කඩුලු 3ක ජයක්.

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය

දොඹගොඩ SLOAC ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 01 – 02)

  • මොරටුව වේල්ස් කුමර විද්‍යාලය – 199/10 (62.5) ඔෂාන් ද සිල්වා 54, මිනෙත් ප්‍රනාන්දු 4/59 & 71/1 (22) රිවිත් ජයසූරිය 38
  • මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය – 92/10 (24.5) ඕෂධ ගුණසිංහ 15, අචල පෙරේරා 7/22 & 174/10 (f/o) (46) යොහාන් ආලෝක 41, හස්තික ද සිල්වා 49, අචල පෙරේරා 4/64, රසිඳු ප්‍රනාන්දු 3/20

මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට කඩුලු 9ක ජයක්.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය

උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 01 – 02)

  • ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය – 140/10 (45) මල්ෂ තරුපති 32, නවිජ ද සේරම් 3/17, ජිමුත් ඉද්දමල්ගොඩ 3/31 & 203/8d (56) තමිඳු ප්‍රදීප්ත 64, සිහත් රාමනායක 34, මනුග ගුරුගේ 4/73, නවිජ ද සේරම් 3/41
  • මාතර සාන්ත තෝමස් විද්‍යාලය – 135/10 (65.3) තත්සර දෙව්මිත් 42, පෙසඳු සන්ජන් 34, ශැරෝන් අභිශේක් 5/25, මල්ෂ තරුපති 3/56 & 85/3 (29)

තරගය ජය පරාජයෙන් තොරයි, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය

කුරුණෑගල මලියදේව විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 01 – 02)

  • කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය – 155/10 (44.3) පෙසඳු වීරසිංහ 43, ගවිරු සෙහස් 32, දිමත් අබේසිංහ 5/45 & 167/10 (64) පෙසඳු වීරසිංහ 44, දිමත් අබේසිංහ 5/65, අර්ජුන් සත්සර 5/80
  • කුරුනෑගල මලියදේව විද්‍යාලය – 144/10 (47.4) දිමන්ත අරුශ 40, ගයන වීරසිංහ 35, රන්දීශ බණ්ඩාරනායක 6/36 & 88/10 (36.3) ප්‍රවීන් රුකුනායක 20, රන්දීශ බණ්ඩාරනායක 6/23

කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයට ලකුණු 90ක ජයක්.

පළමු කොටසේ Tier B තරග

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය

බෝයාගනේ යුධ හමුදා ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 01 – 02)

  • කොළඹ ඉසිපතන විද්‍යාලය – 151/10 (40) ලෙසඳු කල්පගේ 37, රුචිත් රොද්‍රිගෝ 34, නිමේෂ සිල්වා 4/24, අරුශ ජයසිංහ 3/36 & 157/9d (56) කෙවින් සැමුවෙල් 31, කවීෂ චන්දිමාල් 6/35
  • මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය – 69/10 (25.2) වගීෂ හන්සල 24, කෙවින් සැමුවෙල් 5/22 & 65/10 (31.4) කාෂ්‍යප දිසානායක 26, තරුශ්ක අශෙල් 6/25, සිතුක ගුණවර්ධන 4/34

කොළඹ ඉසිපතන විද්‍යාලයට ලකුණු 174ක ජයක් හිමි වුනා.

කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය

අම්බලන්ගොඩ නගරසභා ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 2 – 3)

  • කොළඹ සාන්ත පීතර විද්‍යාලය – 417/9d (72.1) ඔවීන් සල්ගාදු 138, දිලන දම්සර 119, විශේන් හැළඹගේ 79, සෙනිත හැළඹගේ 7/130
  • අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය – 77/7 (25) රන්දුල් සමරහේවා 18, ශෙන්නන් රොද්‍රිගෝ 3/27

තරගය පළමු දිනට නතර කළා.

කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය සහ කොළඹ සහිරා විද්‍යාලය

සහිරා විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 01 – 02)

  • කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය – 301/9 (75.1) නදීර දේශාන් 82, සනුක චෙරාන් 69, යොහාන් සමින්ද 3/66, තරුශ නවෝද්‍ය 3/59
  • කොළඹ සහිරා විද්‍යාලය – 87/2 (22)

තරගය පළමු දිනයට නතර කළා.

ගාල්ල මහින්ද විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය

ධර්මරාජ විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 02 – 03)

  • ගාල්ල මහින්ද විද්‍යාලය – 196/10 (77) දුල්සිත් දර්ශන 59, ප්‍රමේෂ් මදුභාෂණ 45, දක්ෂික මනුකල්ප 5/59, දුලාර බන්දුලසේන 4/50
  • මහනුවර ධර්මරාජ විද්‍යාලය – 73/2 (21)

තරගය පළමු දිනයට නතර කළා.

සාම්ප්‍රදායික දෙදින තරග

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

සාන්ත ආනා විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 02 – 03)

  • කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය – 130/10 (46.1) බුද්ධිම නන්දසිරි 76, මනුජ චන්තුක 7/40
  • මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 126/6 (51) නවෝද් ප්‍රනාන්දු 32*, කෙවින් නානායක්කාර 3/31

පළමු දිනයට තරගය නතර කළා.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<