ඔෂාන් ද්විත්ව ශතකයකින් දිනය සරසයි

U19 Division 1 Schools Cricket Tournament 2023/24

608
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග රැසක් අද (27) ක්‍රියාත්මක වුනා.

මෙම තරගවල දී ජයග්‍රහණ ලබා ගැනීමට කැලණිය ගුරුකුල විද්‍යාලය, කොළඹ මහානාම විද්‍යාලය, මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය, කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය විසින් සමත් වුනා.

ඊයේ (26) දිනයේ මෙන්ම, අද දිනයේ ද ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට ක්‍රීඩකයකු විසින් සමත් වූ අතර, ෛඉට අමතරව තවත් විශේෂ දස්කම් රැසක් ද අද වාර්තා වුනා.

එවන් ක්‍රීඩක දක්ෂතා කිහිපයක් පහතින්,

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය වෙනුවෙන් විරාන් චමුදිත කඩුලු 6 දසකමක් ප්‍රදර්ශනය කරන අතරේ කැලණිය ගුරුකුල විද්‍යාලය වෙනුවෙන් පූර්ණ කල්හාර කඩුලු 5 දක්ෂතාවක් ප්‍රදර්ශනය කළා. එමෙන්ම ගුරුකුල විද්‍යාලය වෙනුවෙන් තත්සර එශාන් ඉනිම දෙකේ දී කඩුලු 9ක් සහ පිත්තෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට ද සමත් වුනා.

කොළඹ මහානාම විද්‍යාලය වෙනුවෙන් ඉනුක කරන්නාගොඩ කඩුලු 5 දස්කමක් ද සමඟින් ඉනිම් දෙක තුළ කඩුලු 7ක් සහ වටිනා අර්ධ ශතකයක් ද ලබා ගැනීමට සමත් වුනා.

කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් තාරුක මනරම් කඩුලු 5 දස්කමක් ප්‍රදර්ශනය කළා.

ගාල්ල සාන්ත ඇලෝශියස් විද්‍යාලය වෙනුවෙන් දුල්සත් නිම්විරු කඩුලු 5 දස්කමක් ප්‍රදර්ශනය කළා.

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් ඔශාන් ද සිල්වා විශිෂ්ට ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා.

කොළඹ ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් ප්‍රවීන් මනීෂ කඩුලු 5 දස්කමක් ප්‍රදර්ශනය කළා.

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයේ අමිත සන්දීප කඩුලු 7 දස්කමක් ප්‍රදර්ශනය කළා.

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාල නායක තිසර ඒකනායක ශතකයක් රැස් කිරීමට සමත් වුනා.

පළමු කොටසේ Tier A තරග

මාතර සාන්ත සර්වේශස් විද්‍යාල සහ කැලණිය ගුරුකුල විද්‍යාලය

උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 26  27)

  • මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය – 132/10 (26.3) රිසිනු කිත්මුක 52, තත්සර එශාන් 5/23, පූර්ණ කල්හාර 3/27 & 111/9 (43.4) විවිරාන් චමුදිත 29, පූර්ණ කල්හාර 5/55, තත්සර එශාන් 4/40
  • කැලණිය ගුරුකුල විද්‍යාලය– 357/9 (80.2) දෙනුර දිමන්සිත් 80, තත්සර එශාන් 61, විරාන් චමුදිත 6/113

කැලණිය ගුරුකුල විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 114ක ජයක්.

මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය

කිරිමණ්ඩ මාවත ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 26  27)

  • මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය– 137/10 (48.1) ලෙවින් ප්‍රනාන්දු 32, චාමික හීනටිගල 4/28 & 108/10 (27.4) රමිත් බණ්ඩාර 34, ඉනුක කරන්නාගොඩ 5/38, රශ්මික පෙරේරා 3/29
  • කොළඹ මහානාම විද්‍යාලය– 247/10 (62.5) ඉනුක කරන්නාගොඩ 78, දුල්නිත් සිගේරා 65, නිලේශ් පෙරේරා 3/53, යොහාන් ආලෝක 4/40

කොළඹ මහානාම විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 02ක ජයක්.න්

කොළඹ රාජකීය විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය

රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 26  27)

  • කොළඹ රාජකීය විද්‍යාලය– 251/10 (83.1) සිනෙත් ජයවර්ධන 102, රමිරු පෙරේරා 57, මනුග ගුරුගේ 3/23 & 48/3
  • මාතර සාන්ත තෝමස් විද්‍යාලය– 241/10 (101) කුමේශ් නුවන්ජන 58, ලෝශිත දික්සිත් 57, රයන් සුගතදාස 2/45

තරගය ජය පරාජයෙන් තොරයි, කොළඹ රාජකීය විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය

සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 26  27)

  • මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය– 206/10 (61) කවීෂ පියුමාල් 54, කෞශික කුමාරසිංහ 31, දිනුක් සේරසිංහ 3/37, ලහිරු අමරසේකර 3/52 & 218/5d (51) තිසර ඒකනායක 101*, ඉඳුවර ගලපිටගේ 61*, යෙනුල දෙව්තුස 3/79
  • කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය– 290/10(82.3) සෙනුජ වකුණුගොඩ 87, අභිශේක් ජයවීර 57, කවීෂ පියුමාල් 5/92, බිමාශ් විදුදය 3/51

තරගය ජය පරාජයෙන් තොරයි, කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

කටුනායක BOI ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 27  28)

  • මහනුවර ත්‍රිත්ව විද්‍යාලය– 196/10 (73.5) දිමන්ත මහවිතාන 50, සුපුන් වඩුගේ 39, සිහත් රාමනායක 3/31
  • ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය– 40/0 (17)

පළමු දිනයට තරගය නතර කළා.

පළමු කොටසේ Tier B තරග

කොළඹ ආනන්ද විද්‍යාලය සහ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය

කදිරන ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 26  27)

  • කොළඹ ආනන්ද විද්‍යාලය– 366/8d (79) කිත්ම විතානපතිරණ 130, කෙනුල් ද සොයිසා 100, හිමාල් රවිහංස 3/91
  • වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය– 209/10 (68.3) හන්ස මිහිරංග 51, විශ්ව රාජපක්ෂ 31, අශින්ස නයිනායක 3/42, යසිඳු කිරිඇල්ල 3/49 & 149/5 (f/o) (41) දසුන් පෙරේරා 82, ඉසුරු ජයසේකර 42,අශින්ස නයිනායක 4/21

තරගය ජය පරාජයෙන් තොරයි, ආනන්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය

ධර්මපාල විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 26  27)

  • පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය – 147/10 (56) තිමෝත් පතිනායක 31, ඉසුරු ගුණසේකර 3/25, නිමේශ් සිල්වා 3/42& 192/8d (47) ප්‍රවීන් රන්හිරු 76, නිමේෂ සිල්වා 2/37
  • මහනුවර සිල්වෙස්තර විද්‍යාලය – 162/10 (50.1) අකිල වික්‍රමසිංහ 47, ආදිත්‍ය වඩුගේ 35, චිතුම් බැද්දගේ 4/58 & 181/6 (42) කාශ්‍යප දිසානායක 93, අනුහස් ඇල්දෙනිය 2/31

මහනුවර සිල්වෙස්තර විද්‍යාලට කඩුලු 4ක ජයක්.

ගාල්ල මහින්ද විද්‍යාලය සහ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය

මහින්ද විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 27  28)

  • ගාල්ල මහින්ද විද්‍යාලය– 89/10 (38.5) ප්‍රමේශ් මදුභාශණ 27, නිම්න ප්‍රනාන්දු 5/35, තාරුක මනරම් 3/15 & 78/3 (29)
  • කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය– 75/10 (26.1) මලීෂ සිතුම් 14, සදෙව් නෙත්මින 4/36

තරගය පළමු දිනයට නතර කළා.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ ගාල්ල සාන්ත  ඇලෝශියස් විද්‍යාලය

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 27  28)

  • අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය– 183/10 (55.4) චනුක ද සිල්වා 48, රන්දුල් සමරහේවා 30, දුල්සත් නිම්විරු 5/62
  • ගාල්ල සාන්ත ඇලෝශියස් විද්‍යාලය– 138/5 (44) දෙනෙත් දෙව්මිණ 56*, ඉශාන් අනුරාධ 2/23

පළමු දිනයට තරගය නතර කළා.

සාම්ප්‍රදායික දෙදින තරග

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය

කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි  26  27)

  • කෝට්ටේ ජනාධිපති විද්‍යාලය– 84/10 (37.4) දහම් උසිඳු 23, සහන් කෞශල්‍ය 5/20 & 126/10 (44.5) ඉසර කාන්චන 46, ප්‍රවීන් මනීෂ 5/52
  • කොළඹ ලුම්බිණි විද්‍යාලය – 514/9 (89.3) සහන් කෞශල්‍ය 206, අශාන් ශනිල්ක 76, බිම්සර වීරසිංහ 57, සිතුම් ඕෂධ 4/123

කොළඹ ලුම්බිණි විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 304ක ජයක්.

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය

සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 26  27)

  • වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය – 70/10 (14.5) රිද්ම කොළඹගේ 11, සනුජ නිඳුවර 6/19 & 219/10 (43.5) රවිඳු ජයසංක 56, අමිත සන්දීප 33, කෙවින් නානායක්කාර 5/81
  • කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය– 78/10 (20.1) බුද්ධිම නන්දසිරි 28, අමිත සන්දීප 3/4, කවිඳු සේනාධි 3/10 & 181/10 (56.4) චමිත් සසේන්ජන 70, අමිත සන්දීප 7/84

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයට ලකුණු 30ක ජයක්.

කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය

  • කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය – 186/10 (41.2) රන්දීශ බණ්ඩාරනායක 29, මලිත පෙරේරා 28, අචල පෙරේරා 5/40, ප්‍රින්ස් ප්‍රනාන්දු 4/51 & 107/4 (31) චනුල් අතලේ 30*, රුසඳු සිල්වා 2/32
  • මොරටුව වේල්ස් කුමර විද්‍යාලය – 457/8d (128) ඔශාන් ද සිල්වා 213, රුසඳු සිල්වා 80, දෙහෙම් නිර්මාල් ගවිරු සෙහස් 4/86

තරගය ජය පරාජයෙන් තොරයි, වේල්ස් කුමර විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ සාන්ත පීතර විද්‍යාලය

සාන්ත තෝමස් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 27  28)

  • ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය– 300/8d (87.3) ආකාශ් ප්‍රනාන්දු 65, මහිත් පෙරේරා 47
  • කොළඹ සාන්ත පීතර විද්‍යාලය– 26/0 (10)

පළමු දිනයට තරගය නතර කළා.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<