Warner හා Sunrisers අතර සීතල යුද්ධයක්

6225

David Warner හා Sunrisers Hyderabad කණ්ඩායම අතර පෙර තිබුණු සුහදතාව දැන් නොමැති බව මාධ්‍ය වාර්තා කරනවා. 2021 IPL තරග වාරය මැද දී Sunrisers Hyderabad විසින් David Warner නායකත්වයෙන් නෙරපූ අතර පසුව ඔහුව කණ්ඩායමෙනුත් නෙරපා දැමුණා.

එළඹෙන ජනවාරි මාසයේ දී IPL තරගාවලියේ දැවැන්තම ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වීමට නියමිත අතර Warnerගේ IPL අනාගතය පිළිබඳව තවමත් පවතින්නේ ප්‍රශ්නාර්ථයක්.

Warner, Sunrisers තමාව කණ්ඩායමේ රඳවා ගැනීම සම්බන්ධයෙන් ස්තුති කළත් කණ්ඩායම හා Warner අතර තවමත් එතරම් සුහද බවක් නැහැ. කණ්ඩායම හා Warner අතර සීතල යුද්ධයක් පවතින බව පෙන්නුම් කරමින් Warner, SRH කණ්ඩායමේ අධ්‍යක්ෂක Tom Moody හට වාග් ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

ඕස්ට්‍රේලියාව නැවත වතාවක් අළුබඳුන ජය ගැනීම ගැන අදහස් දක්වමින් Tom Moody මෙසේ Twitter පණිවිඩයක් නිකුත් කර තිබුණා.

“ඕස්ට්‍රේලියාව  සම්පූර්ණයෙන්ම එංගලන්තය විනාශ කළා. එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ සියලුම හිඩැස් වසා දැමුවේ ක්‍රීඩකයින් දෙදෙනෙක් විසිනුයි.”

මෙයට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය ක්‍රිකට් රසිකයෙකු Moodyගෙන් මෙසේ අසා තිබුණා.

SRH කණ්ඩායමට ක්‍රීඩක වෙන්දේසිය හොඳ වෙයි ද?”, Warner මේ පණිවිඩයට ප්‍රතිචාර දක්වමින් “මම සැක කරනවා” යනුවෙන් පවසා තිබුණා.

ඊට සුළු මොහොතකට පසුව SRH කණ්ඩායම Twitter පණිවිඩයක් ඔස්සේ Warnerට සුබ පතා තිබුණා. “අළුබඳුන ජයග්‍රහණයට සුබ පැතුම්. ඔබ නැවත හොඳ රිද්මයට පැමිණ තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. අනෙක් අතට අපි ක්‍රීඩක වෙන්දේසියේ දී ඔබට හොඳ තැනක් ප්‍රාර්ථනා කරනවා.”

Warner 2014 වසරෙන් පසුව ලකුණු 500කට වඩා අඩුවෙන් රැස් කළ එකම IPL තරගාවලියේ වුනේ 2021 තරගාවලියයි. කෙසේ වෙතත් ඔහු ලෝක කුසලානයේ තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේ සාමාන්‍ය 48.16ක් සමඟ ලකුණු 289ක් රැස් කර ගනිමිනුයි.

HindustanTimes ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<