2018 වසරේ ලෝක පාපන්දු පිටියේ හොඳම ක්‍රීඩකයෝ කවුරුන්ද?

400

පෘතුගාල සුපිරි තරුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (ජුවෙන්ටස්, පෘතුගාලය), ක්‍රොඒෂියානු මැදපෙළ ක්‍රීඩක ලුකා මොඩ්රික් (රියාල් මැඩ්රිඩ්, ක්‍රොඒෂියානු) හා මොහොමඩ් සලාහ් (ලිවර්පූල්/ඊජිප්තුව) ගේ නම් 2018 හොඳම FIFA පිරිමි පාපන්දු ක්‍රීඩකයාගේ සම්මානය සඳහා සඳුදා නම් කෙරිණි.

ටොටන්හැම් නොසිතූ ලෙස පරාජය වෙද්දී ප්‍රබල කණ්ඩායම් සියල්ල ජය ගනී

එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව්වැනි සති අන්තය පසුගිය සෙනසුරාදා හා ඉරිදා ක්‍රියාත්මක …

විශේෂම කරුණ නම් සුපිරි බාර්සිලෝනා ක්‍රීඩක, ආර්ජෙන්ටිනා නායක ලයනල් මෙසී මෙවර නාම යෝජනා ලැයිස්තුවට ඇතුළු නොවීමයි. ලෝක කුසලානය දිනූ ප්‍රංශ කණ්ඩායමේ එකදු ක්‍රීඩකයෙකු හෝ ලැයිස්තුවට ඇතුළු නොවීමත් විශේෂත්වයක්.

යුරෝපයේ (UEFA) වසරේ හොඳම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත් මොඩ්රික් සහ ලිවර්පූල් කණ්ඩායම ශූරයින්ගේ ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේ තෙක් රැගෙන ආ සලාහ් පළමු වතාවට මෙම සම්මානය සඳහා නිර්දේශ වී ඇති අතර පසුගිය වසර දෙකේම එම සම්මානය දිනා ගත්තේ සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝයි.

හොඳම පිරිමි පුහුණුකරුවාගේ තනතුරට හිටපු රියාල් මැඩ්රිඩ් පුහුණුකරු සිනේඩින් සිඩෑන්, ප්‍රංශ පුහුණුකරු Didier Deschamps හා ක්‍රොඒෂියාවේ Zlatko Dalic නිර්දේශ වී තිබේ.   

අඛණ්ඩව තෙවන වරටත් සිඩෑන් රියාල් මැඩ්රිඩ් කණ්ඩායම ශූරයින්ගේ කුසලානයේ අවසන් මහා තරගය කරා රැගෙන යාමට සමත් වූ අතර ඒ හේතුව මත සිඩෑන් මෙම ලැයිස්තුවේ පෙරමුණේම සිටියි.

කෙසේ නමුත් ලෝක කුසලානය දිනූ ප්‍රංශ පුහුණුකරු Deschamps හා ක්‍රොඒෂියාව පළමු වතාවට ලෝක කුසලාන අවසන් මහා තරගයකට රැගෙන ගිය Dalic ද සිඩෑන්ට තියුණු සටනක් දෙනු ඇත.

බෙල්ජියම් ගෝල රකින ක්‍රීඩක Thibaut Courtois (රියාල් මැඩ්රිඩ්), ප්‍රංශයේ හියුගෝ ල්ලෝරිස් (ටෝටන්හැම්) හා ඩෙන්මාර්කයේ Kasper Schmeichel (ලෙස්ටර් සිටි) FIFA හොඳම ගෝල රකින්නාගේ සම්මානයට නිර්දේශ වී තිබේ.

ශූරයින්ගේ ලීග් තරගාවලියේ කාලසටහන එළි දැක්වේ; වසරේ ක්‍රීඩකයා මෝඩ්රික්

2018-19 තරග වාරය සඳහා UEFA ශූරයින්ගේ ලීග් තරගාවලියේ කාණ්ඩ තේරීම ඉකුත් 30 වැනිදා ප්‍රංශයේ…

FIFA විශිෂ්ට ක්‍රීඩකයින් හා විශේෂඥයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් සියලු සම්මාන සඳහා ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් යුතු ලැයිස්තුවක් සකස් කළ අතර ජාතික කණ්ඩායම් නායකයින්, පුහුණුකරුවන්, තෝරාගත් මාධ්‍යවේදීන් හා ප්‍රේක්ෂකයින්ගෙන් සැදුම්ලත් ජූරියක් මගින් ජයග්‍රාහකයා තෝරාගනු ලැබේ.

එළඹෙන සැප්තැම්බර් 24 දා රෝයල් ලන්ඩන් ශාලාවේ පැවැත්වෙන උත්සවයක දී ජයග්‍රාහකයින් එළිදැක්වීමට නියමිතයි.

සම්මානවලට නිර්දේශ වූ ක්‍රීඩකයින් හා පුහුණුකරුවන්

ක්‍රීඩකයා

  • ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ – ජුවෙන්ටස්, පෘතුගාලය
  • ලුකා මොඩ්රික් – රියාල් මැඩ්රිඩ්, ක්‍රොඒෂියාව
  • මොහොමඩ් සලාහ් – ලිවර්පූල්, ඊජිප්තුව

ක්‍රීඩිකාව

  • Ada Hegerberg – ලියොන්, නෝර්වේ
  • Dzsenifer Marozsan – ලියොන්, ජර්මනිය
  • Marta – ඔර්ලන්ඩෝ ප්‍රයිඩ්, බ්‍රසීලය

පිරිමි පුහුණුකරු

  • Zlatko Dalic – ක්‍රොඒෂියාව
  • Didier Deschamps – ප්‍රංශය
  • සිඩෑන් – රියාල් මැඩ්රිඩ්

කාන්තා පුහුණුකරු

  • Reynald Pedros – ලියොන්
  • Asako Takakura – ජපානය
  • Sarina Wiegman – නෙදර්ලන්තය

ගෝල රකින්නා

  • Thibaut Courtois – රියාල් මැඩ්රිඩ්, බෙල්ජියම
  • Hugo Lloris – ටෝටන්හැම්, ප්‍රංශය
  • Kasper Schmeichel – ලෙස්ටර්, ඩෙන්මාර්කය

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<