ගාල්ල මහින්ද විද්‍යාලය පූර්ණ ජයක් ලබා ගනී

U19 Division 1 Schools Cricket Tournament 2023/24

218
U19 division 1 schools cricket

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (28) ක්‍රියාත්මක වුනා. 

අද පැවැත්වුණු තරගවලින් ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුනේ ගාල්ල මහින්ද විද්‍යාලය පමණයි. කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව ලකුණු 99ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මහින්ද විද්‍යාලය විසින් මෙහි දී සමත් වුනා. මීට අමතරව අද පැවැත්වුණු තරගවල දී ද ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුනා. 

එම දක්ෂතා පිළිබඳ තොරතුරු සැකෙවින්, 

කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙ මහීෂ සිතුම් කඩුලු 6 දස්කමක් දක්වද්දී, ගාල්ල මහින්ද විද්‍යාලයේ ජයග්‍රහණය තහවුරු කළ කවීන් රුක්ශාන් කඩුලු 5 දස්කමක් ප්‍රදර්ශනය කිරීමට සමත් වුනා. 

ගාල්ල සාන්ත ඇලෝශියස් විද්‍යාලය වෙනුවෙන් ඊයේ (27) දිනයේ කඩුලු 5 දස්කමක් ප්‍රදර්ශනය කළ දුල්සත් නිම්විරු අද දිනයේ කඩුලු 6 දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව පැවැත්වුණු සමස්ත තරගයේ දී කඩුලු 11ක් දවා ගැනීමට සමත් වුනා. 

පළමු කොටසේ Tier A තරග 

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය  

කටුනායක BOI ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 27 – 28) 

  • මහනුවර ත්‍රිත්ව විද්‍යාලය – 196/10 (73.5) දිමන්ත මහවිතාන 50, සුපුන් වඩුගේ 39, සිහත් රාමනායක 3/31 & 39/2 (23) 
  • ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය – 311/8 (96.2) තමිඳු ප්‍රදීප්ත 82, චෙහාන් සුභසිංහ 57, මලිත් රත්නායක 4/107 

තරගය ජය පරාජයෙන් තොරයි, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්. 

පළමු කොටසේ Tier B තරග  

ගාල්ල මහින්ද විද්‍යාලය සහ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය  

මහින්ද විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 27 – 28) 

  • ගාල්ල මහින්ද විද්‍යාලය – 89/10 (38.5) ප්‍රමේශ් මදුභාශණ 27, නිම්න ප්‍රනාන්දු 5/35, තාරුක මනරම් 3/15 & 186/10 (51) අරෝශ උදයංග 45, දෙනෙත් කෞශල්‍ය 32, මහීෂ සිතුම් 6/26 
  • කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 75/10 (26.1) මලීෂ සිතුම් 14, සදෙව් නෙත්මින 4/36 & 101/10 (38.2) හසිත් කාවින්ද 33, කවීන් රුක්ශාන් 5/30, අරෝශ උදයංග 3/6 

ගාල්ල මහින්ද විද්‍යාලයට ලකුණු 99ක ජයක්. 

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ ගාල්ල සාන්ත  ඇලෝශියස් විද්‍යාලය  

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 27 – 28)  

  • අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය – 183/10 (55.4) චනුක ද සිල්වා 48, රන්දුල් සමරහේවා 30, දුල්සත් නිම්විරු 5/62 & 169/10 (74.4) රන්දුල් සමරහේවා 28, දුල්සත් නිම්විරු 6/58 
  • ගාල්ල සාන්ත ඇලෝශියස් විද්‍යාලය – 170/10 (55.1) දෙනෙත් දෙව්මිණ 56, ඉශාන් අනුරාධ 3/29, පැතුම් මලිත 3/60 & 22/1 (4)  

තරගය ජය පරාජයෙන් තොරයි, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්. 

සාම්ප්‍රදායික දෙදින තරග  

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ සාන්ත පීතර විද්‍යාලය  

සාන්ත තෝමස් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 27 – 28)  

  • ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය – 300/8d (87.3) ආකාශ් ප්‍රනාන්දු 65, මහිත් පෙරේරා 47 
  • කොළඹ සාන්ත පීතර විද්‍යාලය – 177/10 (59.1) ඔවීන් සල්ගාදු 73, අභීත් පරණවිදාන 4/49 & 178/6 (f/o) (49) ශෙන්නන් රොද්‍රිගෝ 42, රුසඳ ගමගේ 38, මහිත් පෙරේරා 2/27, නාතන් කල්දේරා 2/26 

තරගය ජය පරාජයෙන් තොරයි, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්. 

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<