19න් පහළ පාසල් ක්‍රිකට් පිටියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග තීන්දුයි

පාසල් ක්‍රිකට් තරගාවලිය 2021

376
U19 Division 1 Schools Cricket

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ මූලික වටය පසුගිය දා අවසන් වුනා. ඒ අනුව පාසල් කණ්ඩායම් 8 බැගින් Tier A සහ Tier B කාණ්ඩවලින් කණ්ඩායම් 16ක් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගෙන තිබෙනවා.

තරගාවලියේ මූලික වටය සුදු ඇඳුමින් සහ රතු පන්දුවෙන් ක්‍රීඩා කළ නමුත්, මෙතැන් සිට තරගාවලිය ක්‍රියාත්මක වන්නේ වර්ණ ඇඳුම් සහ සුදු පන්දුව භාවිතා කරමිනි. මෙහි අර්ධ අවසන් පූර්ව, අවසන් පූර්ව සහ අවසන් මහා තරග අප්‍රේල් 19 සිට මැයි 2 දක්වා කාලය තුල පවත්වා අවසන් කිරීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සැලසුම් සකස් කර තිබෙනවා.

කොරෝනා වසංගත තත්වය නිසාවෙන් නියමිත කාලයේ දී පාසල් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට නොහැකි වූ නිසාවෙන් සාම්ප්‍රදායිකව පැවැත්වෙන දෙදින තරග රටාවෙන් මිදී එක්දින තරග රටාවකට අනුව තරගාවලිය දියත් කිරීමට තීරණය කළා. ඒ අනුව පසුගිය මාර්තු 16 වැනිදා ආරම්භ වූ මේ එක්දින තරගාවලිය සඳහා පාසල් කණ්ඩායම් 36ක් Tier A සහ Tier B යන කාණ්ඩ දෙකෙන් තරග වැදුණා. එහි මූලික වටයේ දී ඔවුන් සියලුම දෙනාම තරග 5 බැගින් ක්‍රීඩා කළා.

තවත් ක්‍රිකට් පුවත්:

මූලික වටයේ දී ඒ ඒ පාසල් කණ්ඩායම් දැක්වූ දස්කම්වලට අනුව Tier A කාණ්ඩයේ X, Y සහ Z යන කාණ්ඩ තුලින් රාජකීය, මහානාම, රිච්මන්ඩ් විද්‍යාලයන් අපරාජිතව මේ අවසන් පූර්ව වටය සඳහා පැමිණෙන විට, ත්‍රිත්ව, සාන්ත සෙබස්තියන්, කටුගස්තොට සාන්ත අන්තෝනි, සාන්ත ජෝසප් (හොඳම තුන්වැනි ස්ථානයෙන්) සහ නාලන්ද (හොඳම තුන්වැනි ස්ථානයෙන්) Tier A කාණ්ඩයේ අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් සපුරාගෙන තිබෙනවා.

සාන්ත පීතර, ඉසිපතන සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාල Tier B කාණ්ඩයෙන් අපරාජිතව ඉදිරියට පැමිණි අතර මහින්ද, සාන්ත ජෝසප් වාස්, දේවපතිරාජ, ආනන්ද (හොඳම තුන්වැනි ස්ථානයෙන්) සහ ධර්මාශෝක (හොඳම තුන්වැනි ස්ථානයෙන්) අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් සපුරාගෙන තිබෙනවා.

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ Tier A සහ Tier B පිළිමළුන් පිටුදැකීමේ තරග කාලසටහන

Tier A අර්ධ අවසන් පූර්ව තරග

  • QF 1 – රාජකීය සහ නාලන්ද- අප්‍රේල් 19 – ගල්කිස්ස සාන්ත තෝමස් පිටියේ දී
  • QF 2 –  මහානාම සහ කටුගස්තොට සාන්ත අන්තෝනි – අප්‍රේල් 20 – වෙලගෙදර පිටියේ දී
  • QF 3 – ත්‍රිත්ව සහ සාන්ත සෙබස්තියන් – අප්‍රේල් 19 – රාජකීය පිටියේ දී
  • QF 4 – රිච්මන්ඩ් සහ සාන්ත ජෝසප් – අප්‍රේල් 20 වැනිදා – ඩී. එස්. සේනානායක පිටියේ දී

Tier B අර්ධ අවසන් පූර්ව තරග

  • QF 1 – සාන්ත පීතර සහ ධර්මාශෝක – අප්‍රේල් 21 – ගාලු ජාත්‍යන්තර පිටියේ දී
  • QF 2 – ඉසිපතන සහ දේවපතිරාජ – අප්‍රේල් 22 – ඩී. එස්. සේනානායක පිටියේ දී
  • QF 3 – මහින්ද සහ සාන්ත ජෝසප් වාස් – අප්‍රේල් 22 – වේල්ස් කුමර පිටියේ දී
  • QF 4 – වත්තල සාන්ත අන්තෝනි සහ ආනන්ද – අප්‍රේල් 21 – සාන්ත පීතර විදුහල් පිටියේ දී

Tier A අවසන් පූර්ව තරග

  • SF 1 – QF 1 ජයග්‍රාහකයා vs QF 2 ජයග්‍රාහකයා – අප්‍රේල් 28 – ටිරෝන් ප්‍රනාන්දු පිටිය
  • SF 2 – QF 3 ජයග්‍රාහකයා vs QF 4 ජයග්‍රාහකයා– අප්‍රේල් 28 – මග්ගොන

Tier B අවසන් පූර්ව තරග

  • SF 1 – QF 1 ජයග්‍රාහකයා vs QF 2 ජයග්‍රාහකයා – අප්‍රේල් 25 – BRC
  • SF 2 – QF 3 ජයග්‍රාහකයා vs QF 4 ජයග්‍රාහකයා – අප්‍රේල් 25 – තර්ස්ටන්

Tier A අවසන් තරගය– මැයි 1 – NCC

Tier B අවසන් තරගය – මැයි 2 – NCC

තරගාවලියේ සියලු තරග තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින්, රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<