ගුවන් හමුදාවට, සීතාදේවි බාලිකාවන්ට සහ ධර්මරාජයට ශූරතා

1069

මහනුවර හොකී තරගාවලියේ (Kandy sixes) දෙවන සහ අවසන් දිනය පසුගිය ජනවාරි 29 වැනි දා (ඊයේ) නිමාවට පත්විය. චාම් ත්‍යාග ප්‍රදානෝත්සවයකින් දිනය නිමාවූයේ ඇලන් ෂෝෆීල්ඩ් මහතාගේ ප්‍රධානත්වයෙනි. ඇලන් ෂෝෆීල්ඩ්, හිටපු ඉන්දියානු හොකී නායකයෙකුද වන අතර ඔහු 1980 ඔලිම්පික් රන් පදක්කම් ලාභී ඉන්දියානු කණ්ඩායමේ සාමාජිකයෙකුද වේ.

ප්‍රථම දිනයේ වැඩි ගෞරවය ආරක්ෂක සේවාවන්ට

මහනුවර සය සාමාජික හොකී තරගාවලිය (කැන්ඩි හොකී සික්සස්) ඊයේ (28) පේරාදෙණිය විශ්ව විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී ආරම්භ විය.

ඔහු පැවසූ පරිදි ඔහු මහනුවර ප්‍රදේශයට පැමිණීම ගැන සතුටු විය. ලබන වසරේදීත් ඔහු එහි පැමිණෙන්නට හේතුව වන්නේ කාන්තා හොකී ක්‍රීඩිකාවන් සිය උපරිම දක්ෂතා දැක්වීම සහ නිසි ආකාරව ඔවුන්ව පුහුණු කරන්නේ නම් ඔවුනට දීප්තිමත් අනාගතයක් ඇතිවීම බවද ඔහු පැවසුවේය.

තරගාවලියේ දෙවන දිනය ආරම්භ වූයේ පෙර දින වර්ෂාව හේතුවෙන් අත්හැරදමන ලද තරග වලින් වන අතර පසුව කොටස් හයේම පිලිමළුන් පිටුදැකීමේ තරග ආරම්භ විය. නමුත් එදිනද පැයක පමණ කාලයක් වර්ෂාවෙන් සේදී ගියේය. වර්ෂාවෙන් පසුව නැවතත් තරග ආරම්භ විය.

පිරිමි “සුපර් 9” තරගාවලිය අවසන් වූයේ ගුවන් හමුදා A කණ්ඩායමට යුධ හමුදාව හමුවේ ගෝල 3-0ක් වශයෙන් ජයග්‍රහණය හිමිකර දෙමිනි. කුසල් චන්ද්‍රසිරි, දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වූ අතර ගුවන් හමුදාවේ චමල්ක ප්‍රනාන්දු හොඳම ගෝල රකින්නා බවට පත්විය. කාන්තා අංශයෙන් ශූරතාවය හිමිවූයේ ගුවන් හමුදා කාන්තා කණ්ඩායමටය. අවසන් තරගයේදී නාවික හමුදා කණ්ඩායමට එරෙහිව දඬුවම් පහර වලින් ඔවුන් ජයගත්තේ 2-1ක් ලෙසයි. ගුවන් හමුදාවේ ඉරේෂා වීරබාහු, දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූ අතර ගුවන් හමුදාවේම ජීවන්තිකා කීර්තිරත්න හොඳම ගෝල රකින්නිය බවට පත්විය.

15න් පහල බාලිකා ශූරතාවය දිනාගත්තේ අපරාජිත සීතාදේවි බාලිකාවන්ය. ස්වර්ණමාලි බාලිකාවන්ට එරෙහිව ගෝල 3-0ක් ලබමින් අවසන් තරගය ජයගන්නට ඔවුනට හැකිවිය. දක්ෂතම ක්‍රීඩිකාව සහ හොඳම ගෝල රකින්නිය බවට පත්වූයේ පිළිවෙලින් දිල්හානි රාජපක්ෂ සහ කේශිකා ගුණරත්නයි. දෙදෙනාම නියෝජනය කළේ සීතාදේවි විද්‍යාලයයි.

දඬුවම් පහර මඟින් සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයන් 3-1ක් ලෙස පරාජය කළ ධර්මරාජ විද්‍යාලය 15න් පහල බාලක ශූරතාවය දිනාගැනීමට සමත් විය. හර්ෂ වීරකෝන් සහ රඳුන් ධර්මරත්න දක්ෂතම ක්‍රීඩකයන්ගේ සම්මාන වලට හිමිකම් කීවේය. පිරිමි “ටොප් 14” අංශයේ ජයග්‍රහණය ලබාගත්තේ විද්‍යාර්ථ විද්‍යාලයයි. ජාතික ක්‍රීඩකයන් කිහිපදෙනෙකුගෙන්ද සමන්විත වූ ඔවුන් තරගාවලිය පුරා අපරාජිත විය. කසුන් ජයරත්න සහ ජනිත් සමරකෝන්, පිළිවෙලින් දක්ෂතම ක්‍රීඩකයා සහ හොඳම ගෝල රකින්නා බවට පත්විය.

තරගාවලිය නිමාකරමින් හොකී සංගම් සභාපතිවරුන් අදහස් දක්වා සිටියේ මෙම තරගාවලිය වසරක් පාසා පවත්වන බවත් එය ශ්‍රී ලංකාවේ හොකී ක්‍රීඩාවට වැදගත් බවත්ය.