බෙන් ස්ටෝක්ස්ට IPL අත්හරින්න වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

204

Punjab Kings සහ Rajasthan Royals අතර පසුගිය 12 වැනිදා පැවති ඔවුන්ගේ පළමු තරගයේ දී Chris Gayle දවා ගැනීම වෙනුවෙන් Ben Stokes සුපිරි උඩපන්දුවක් රැකගත් අතර එම අවස්ථාවේ දී Stokesගේ වම් අතෙහි ඇඟිල්ලක් ආබාධයකට ලක්වුනා. 

එම ආබාධය නිසාවෙන් Rajasthan Royals කණ්ඩායමේ මේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා හට 2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි සියලු තරග මඟ හැරෙන බව වාර්තා වනවා.

එසේම ඔවුන්ගේ ප්‍රධානතම වේගපන්දු යවන්නා වන එංගලන්ත ක්‍රීඩක Jofra Archer ද මේ වන විට ආබාධයකට ලක්ව සිටින නිසාවෙන් තවමත් ඔහු Rajasthan Royals සමඟ එක්වී නැහැ. කෙසේ නමුත් ඔහු සිය මූලික පුහුණුවීම් ආරම්භ කර තිබෙන නමුත් කණ්ඩායම සමඟ එක්වන නිශ්චිත දිනයක් පැවසීමට නොහැකිව තිබෙන්නේ කණ්ඩායම සමඟ එක්වීමට පෙර ස්වයං නිරෝධායන කටයුතු සඳහා ඔහුව යොමු කිරීමට සිදුවන නිසයි.

තවත් ක්‍රිකට් පුවත්:

 

ගියවර පැවති IPL තරගාවලියේ දී Steve Smithගේ නායකත්වයෙන් ක්‍රීඩා කළ Rajasthan Royals කණ්ඩායම තරගාවලිය නිමා කළේ 8 වැන්නා ලෙසයි. තවද Stokes හට ගියවර තරග වාරය තුල ද අවසානය තෙක් ක්‍රීඩා කිරීමට නොහැකි වූයේ ඔහුගේ පියාගේ අසනීප තත්වය නිසාවෙන් සිය උපන් රට වන නවසීලන්තය බල පිටත්ව යාමට සිදුවුණු නිසයි.

David Miller සහ Liam Livingstone Rajasthan Royals කණ්ඩායමේ සිටින අමතර විදෙස් පිතිකරුවන් වන අතර Ben Stokes වෙනුවෙන් ආදේශ කරනු ලබන ක්‍රීඩකයා පිළිබඳව Rajasthan Royals කළමනාකාරිත්වය තවමත් අවසන් තීරණයක් ලබාගෙන නැහැ,

කෙසේ නමුත් Rajasthan Royals සහ Punjab Kings අතර පැවති වැඩි ලකුණු ප්‍රමාණයක් වාර්තා වූ මේ තරගයේ ජයග්‍රහණය හිමිවුනේ Punjab Kings කණ්ඩායමටයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන කුමාර් සංගක්කාර Rajasthan Royals කණ්ඩායමේ අධ්‍යක්ෂ ධූරය හොබවන අතර ඔවුන් සහභාගී වන මීළඟ තරගය අප්‍රේල් 15 වැනිදා Delhi Capitals කණ්ඩායම සමඟින් Mumbai හිදී පැවැත්වෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<