හිටපු සිම්බාබ්වේ නායකයාට වසර අටක තහනමක්

219

දූෂණ විරෝධී නීති පහක් යටතේ වැරදිකරු බව පිළිගත් හිටපු සිම්බාබ්වේ සුපිරි ක්‍රීඩක Heath Streak හට වසර අටක ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලූම ක්‍රියාකාරකම් හී තහනමක් පැනවීමට ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය විසින් තීරණය කර ඇත.

2016 සිට 2018 දක්වා වසර දෙකක කාලය තුළ Heath Streak සිම්බාබ්වේ පළමු පෙළ පිටියේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ කාලසීමාවේ දී ඔහු විසින් කඩ කළ කොන්දේසි නිසාවෙන් මෙම තහනම පනවා ඇත.

අන්තර්ජාතික ක්‍රිකට් දූෂණ විරෝධී ඒකකයේ 2.3.2, 2.3.3, 2.4.2, 2.4.4, සහ 2.4.7 යන වගන්ති උල්ලංඝනය කිරීම නිසා ඔහුට මෙම චෝදනාවන් එල්ල වී තිබුණා.

ඒ අනුව එම චෝදනාවන්ට වැරදිකරු බව ඔහු විසින් පිළිගත් නිසාවෙන් ඔහු හට මෙම වසර 8ක තහනම පැනවෙන අතර ඔහුට නැවතත් 2029 වසරේ මාර්තු 28 වැනිදා සිට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වීමට හැකි වේ.

තවත් ක්‍රිකට් පුවත්:

මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ විධායක නිලධාරි Alex Marshall ප්‍රකාශ කර සිටියේ, Heath Streak අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු ද නිසාවෙන් දූෂණ විරෝධී සංග්‍රහය යටතේ ඔහුගේ ඇති වගකීම් පිළිබඳව පූර්ණ අවබෝධයක් ඇති බවයි.

“හිටපු නායකයෙකු සහ පුහුණුකරුවෙකු ලෙස වගකීම් සහගත තනතුරක් දැරූ ඔහු හට ක්‍රීඩාවේ විනය/ අඛණ්ඩතාව ආරක්ෂා කිරීමේ වගකීමක් තිබෙනවා. ඔහු විසින් මෙම දූෂණ විරෝධී නීති අවස්ථා ගණනක දී උල්ලංඝනය කර තියෙනවා. ඒ වගේම ඔහු අපගේ විමර්ශන ප්‍රමාද කරන්න වගේම ඒවාට බාධා කරන්න කටයුතු කළා.

ඒත් මෙම සිදුවීම් තරග ප්‍රතිඵලවලට බලපෑමක් එල්ල කරලා නැහැ වගේම Heath Streak අපගේ දූෂණ විරෝධී වැඩසටහන සහය වීමට ද එකඟ වුනා. ඒ වගේම ඔහු විසින් එම සිදුවීම්වලට ඔහුගේ කනගාටුව පලකර සිටිමින් මෙම දඬුවම පිළිබඳව තීරණයට සිය එකඟතාව පළකළා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.

මෙම පරීක්ෂණයට හේතු වූ කරුණු,

Image Courtesy: NewsWire

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<