ඇෆ්ගනිස්තානයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි

Afghanistan Tour of Sri Lanka 2024

216
Afghanistan Tour of Sri Lanka 2024

ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් නම් කර තිබෙනවා.

මහනුවර පල්ලේකැලේ හිදි හෙට (09) ආරම්භ වීමට නියමිත මෙම තරගාවලිය සඳහා නම් කළ සංචිතයේ නායකත්වය සුපිරි පරිදි කුසල් මෙන්ඩිස් හට හිමි තිබෙනවා.

නමුත් සිම්බාබ්වේ සමඟ එක්දින තරගාවලියට සහභාගී වූ හිටපු නායක දසුන් ශානක මෙම සංචිතයෙන් ඉවත් කර ඇති අතර, ඒ වෙනුවට තවත් තුන් ඉරියව් ක්‍රීඩකයකු වන චාමික කරුණාරත්න සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම සිම්බාබ්වේ සමඟ තරගාවලියේ මුල් තරග ද්විත්වය තුළ ශ්‍රී ලංකාවේ පා දඟපන්දු යවන්නාගේ වගකීම ඉටු කළ ජෙෆ්‍රි වැන්ඩසේ හට මෙම කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබීමත් විශේෂත්වයක්.

මේ අතර සිම්බාබ්වේ සමඟ එක්දින තරගාවලිය අහිමි වී ගිය ඇන්ජලෝ මැතිව්ස්, දිනේශ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා යන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් හට මෙම සංචිතයේ ද දොරගුළු වැසී ගොස් තිබෙනවා.

ඇෆ්ගනිස්තානය සමඟ එක්දින තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය මෙසේයි;

කුසල් මෙන්ඩිස් (නායක), චරිත් අසලංක (උප නායක), අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, සදීර සමරවික්‍රම, සහන් ආරච්ච්ගේ, ශෙවෝන් ඩැනියෙල්, ජනිත් ලියනගේ, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, අකිල ධනංජය, දුශ්මන්ත චමීර, ඩිල්ශාන් මදුශංක, ප්‍රමෝද් මදුශාන්

හෙටින් ආරම්භ වීමට ඇෆ්ගන් – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<