ගෙවුණු දවස ජනවාරි 04 – තිසරගේ වගකීම් වෙනත් අයෙක්ට!

309

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

    ක්‍රිකට්    

ඕෂදගේ ශතකයෙන් හලාවතට ජය

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් Tier A ක්‍රිකට් තරගාවලියේ හලාවත මේරියන්ස් ක්‍රිකට් කණ්ඩායම සහ බදුරලිය ක්‍රීඩා සමාජය අතර කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් ලකුණු 320ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ ඊයේ (04දා) සමත් වූහ.

මේ අතර කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ සිංහල ක්‍රීඩා සමාජය අතර කෝල්ට්ස් පිටියේ පැවති අනෙක් තරගය ඊයේ ජය පරාජයෙන් තොරව අවසන් විය. කෙසේ නමුත් තරගයේ පළමු ඉනිමේ ජයග්‍රාහී ප්‍රසාද ලකුණු සත්කාරක කෝල්ට්ස් ක්‍රීඩකයන්ට හිමි විය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවි 371 (85.2):  (පළමු දිනය නිමා වන විට පන්දු වාර 84ක දී කඩුලු 9ක් දැවී 356; කසුන් විදුර 23, සචිත්‍ර සේරසිංහ 103, පුලින තරංග 70, ඉසුරු උදාන 41, මාලින්ද  පුෂ්පකුමාර 31, තීක්ෂිල ද සිල්වා 20) ඩිලේෂ් ගුණරත්න 3/91, අලංකාර අසංක 5/74, දුවිඳු තිලකරත්න 2/80

බදුරලිය ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවි 162 (47.3): පැතුම් නිශ්ශංක 42,  නදීර නාවල 22, සංජය චතුරංග 39, මාලින්ද පුෂ්පකුමාර 5/40

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 267 (58.0): (දෙවැනි දිනය නිමා වන විට පන්දු වාර 36ක දී කඩුලු 2ක් දැවී 163; කසුන් විදුර 78) ඔසඳ ප්‍රනාන්දු නොදැවී 103, සචිත්‍ර සේරසිංහ 51

බදුරලිය ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 156 (52.1) පැතුම් නිශ්ශංක 50, නදීර නාවල 26, මධුර ලක්මාල් 28, අසිත ප්‍රනාන්දු 3/22, සචිත්‍ර සේරසිංහ 3/49, මාලිංග පුෂ්පකුමාර 3/55

සම්පූර්ණ වාර්තාව: සැක සංකා දුරලමින් හලාවත මේරියන්ස් ජය ලබයි


ඇලෝසියස් මහානාම සටනින් මහානාමට ජය

සිංගර් වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු පෙළ කාණ්ඩය යටතේ ඊයේ (4) දිනය තුල අවසන් වූ ක්‍රිකට් තරග 3ම ජයග්‍රාහීව අවසන් විය. එහි දී මහානාම විද්‍යාලය, මහින්ද විද්‍යාලය හා සාන්ත තෝමස් විද්‍යාලය එම ජයග්‍රහණ ලබා ගන්නා ලදි.

සාන්ත ඇලෝසියස්  විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 139 (45.1): රවිඳු සංජන 92, නිලුක්ෂ දුල්මිණ 24, ලහිරු කාවින්ද 3/33, හෂාන් සංදීප 3/38.

මහානාම විද්‍යාලය පළමු ඉනිම – 107/10 (42.3): පැතුම් බොතේජු 31, විනුක රූපසිංහ 25, රවිඳු සංජන 5/27, දිනුක ලක්මාල් 3/21.

සාන්ත ඇලෝසියස්  විද්‍යාලය දෙවන ඉනිම – 54/10 (34.2): පසිඳු අංජන 15, හෂාන් සංදීප 4/09, වත්සර පෙරේරා 3/09.

මහානාම විද්‍යාලය දෙවන ඉනිම – 88/4 (36.1): පැතුම් බොතේජු 30*, බිශාන් මෙන්ඩිස් 26, දිනුක ලක්මාල් 3/19.

සම්පූර්ණ වාර්තාව: ජයග්‍රහණය මහානාම, මහින්ද හා සාන්ත තෝමස් ක්‍රීඩකයින්ට


මැතිව්ස් ද, චන්දිමාල් ද නව නායකයා?

ඉදිරි කාලයේ දී එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් තරගවල දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වීම සඳහා නායකයෙකු පත් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් ඊයේ (ජනවාරි 3) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති විශේෂ හමුවක දී තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා එම තනතුරින් ඉවත් කිරීමට තීරණය වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල, ජාත්‍යන්තර ක්‍රිකට් කටයුතු සම්බන්ධ උප සභාපති කේ. මතිවානන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා, ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ග්‍රැහැම් ලැබ්රෝයි, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ සහ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ යන මහත්වරුන් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී තිබේ.

සම්පූර්ණ වාර්තාව: තිසරගේ ඔටුන්න ගැලවෙද්දී මැතිව්ස් – චන්දිමාල් ද්වන්ද සටනක

දිනයක නිමාව