Home Sinhala ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2024

120

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එකම ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද (5) SSC පිටියේ දී ක්‍රියාත්මක වුනා. එහිදී ඇෆ්ගනිස්තානය කඩුලු 10කින් පරාජය කරමින් ශ්‍රී ලංකාව මේ එකම ටෙස්ට් තරගය ජයගත්තේ දෙරටේ ක්‍රිකට් ඉතිහාසයේ පැවති පළමු ටෙස්ට් තරගය දින 4කින් අවසන් කරමිනි.

අද සිව්වැනි දිනය සඳහා තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඇෆ්ගනිස්තානය කඩුල්ලක් පමණක් දැවී ලකුණු 199ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල මට්ටමක සිටියේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 42ක් පසුපසින් සිටිමින්.

ඒ වන විට නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටි Ibrahim Zadran සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරගනිමින් ලකුණු 101*ක් ලබාගෙන සිටි අතර Rahmat Shah නොදැවී ලකුණු 46*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටියා.

දිනයේ පළමු පන්දුවාර 5 ක්‍රියාත්මක කළ සැනින් ශ්‍රී ලංකාව දෙවැනි නව පන්දුව ලබාගත් අතර 82 වැනි පන්දුවාරයේ දී දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු ලකුණු 108 ශතක සබඳතාවය බිඳ දමමින් ලකුණු 54ක් ලබාගත් Rahmat Shah කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගෙන දවාගන්නට කසුන් රාජිත සමත් වුනා.

සිව්වැනි දිනයේ පළමු සැසිය තුල ක්‍රියාත්මක කෙරුණු පන්දුවාර 24ක් තුල ඇෆ්ගනිස්තාන දෙවැනි ඉනිමේ කඩුලු 6ක් ලකුණු 52ක් තුල දවාගන්නට ප්‍රභාත් ජයසූරිය (සැසියේ කඩුලු 4ක්) ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනා. සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ මංගල ශතකය ලබාගත් Ibrahim Zadran ලකුණු 114කට දැවී ගිය අතර ඔහු 4 පහර 12කින් සිය ඉනිම වර්ණවත් කරගත්තා. ඔහුගේ කඩුල්ල දවාගැනීමට තිබුණු අවස්ථාවන් දෙකක් (ලකුණු 68 දී නිශාන් මදුෂ්ක විසින් සහ ලකුණු 109දී දිනේෂ් චන්දිමාල්) ශ්‍රී ලංකාවෙන් ගිලිහී යාම යම් පාඩුවක් වුනා.

ශ්‍රී ලංකාවට හිසරදයක් වුනු Rahmat Shah සහ Ibrahim Zadranගේ කඩුලු 2 දිනය ආරම්භයේ දීම දවාගන්නට කසුන් රාජිත සහ ප්‍රභාත් ජයසූරිය සමත් වීම ශ්‍රී ලංකාවට විශාල සහනයක් වුනා.

දිවා ආහාරය සඳහා තරගය නවතාලන විට, ඇෆ්ගනිස්තානය සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 251ක් ලබාගෙන සිටියේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 10ක් ඉදිරියෙන් සිටිමිනි. දිවා ආහාරයෙන් අනතුරුව ක්‍රියාත්මක වුනු පන්දුවාර 13කුත් පන්දු 3ක් තුල ඔවුන්ගේ අවසන් කඩුලු 3 ලකුණු 45ක් තුල බිඳ දැමීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා.

ඒ අනුව ඇෆ්ගනිස්තාන දෙවැනි ඉනිම ලකුණු 291කට සීමා වීමත් සමඟම ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලකුණු 56ක ඉලක්කයක් ලැබුනා. ඇෆ්ගනිස්තාන දෙවැනි ඉනිමේ පසුපෙළ සවිමත් කිරීම වෙනුවෙන් අංක 5 පිතිකරණ ස්ථානයෙන් ක්‍රීඩා කළ Nasir Jamal නොදැවී ලකුණු 41*ක් ලබාගෙන ඉනිමේ සිව්වැනි වැඩිම ලකුණු ලාභියා වුනා.

පන්දු යැවීමේ දී පළමු ඉනිමේ දී කඩුලු 3ක් දවාගත් ප්‍රභාත් දෙවැනි ඉනිම තුල කඩුලු 5ක් දවාගෙන තරග පුරාවට කඩුලු 8ක් දවාගෙන දස්කම් අතරට පැමිණියා. එය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබාගත් 7 වැනි කඩුලු 5 අවස්ථාවයි.

ලකුණු 56ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලය දිමුත් කරුණාරත්න සහ නිශාන් මදුෂ්ක පන්දුවාර 7කුත් පන්දු 4ක් තුල සිය ආරම්භක කඩුල්ලේ සබඳතාවය රැකගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණ කරා මෙහෙයවීමට වග බලාගත්තා. ඒ අනුව කරුණාරත්න නොදැවී ලකුණු 32*ක් සහ නිශාන් නොදැවී ලකුණු 22*ක් ලබාගෙන මේ ලකුණු 56 ඉලක්කය වෙත යාමට ශ්‍රී ලංකා මුල් පෙළ සවිමත් කළා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින සහ විස්සයි විස්ස තරගාවලියේ පළමු එක්දින තරගය මේ මස 9 වැනිදා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වීමට නියමිත අතර, තරගාවලියේ සවිස්තරාත්මක තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Sri Lanka
439/10 (109.2) & 56/0 (7.2)

Afghanistan
198/10 (62.4) & 296/10 (112.3)

Batsmen R B 4s 6s SR
Ibrahim Zadran lbw b Asitha Fernando 0 2 0 0 0.00
Noor Ali Zadran c & b Vishwa Fernando 31 46 5 0 67.39
Rahmat Shah c Sadeera Samarawickrama b Prabath Jayasuriya 91 139 13 0 65.47
Hashmatullah Shahidi c Sadeera Samarawickrama b Vishwa Fernando 17 45 1 0 37.78
Nasir Jamal b Prabath Jayasuriya 0 7 0 0 0.00
Ikram Alikhil c Nuwanidu Fernando b Vishwa Fernando 21 50 3 0 42.00
Qais Ahmed lbw b Prabath Jayasuriya 21 44 1 1 47.73
Zia-ur-Rehman lbw b Vishwa Fernando 4 11 1 0 36.36
Nijat Masood c & b Asitha Fernando 12 24 1 1 50.00
Naveed Zadran  not out 0 6 0 0 0.00
Mohammad Saleem b Asitha Fernando 0 2 0 0 0.00


Extras 1 (b 0 , lb 0 , nb 0, w 1, pen 0)
Total 198/10 (62.4 Overs, RR: 3.16)
Bowling O M R W Econ
Asitha Fernando 14.4 1 24 3 1.67
Vishwa Fernando 12 1 51 4 4.25
Chamika Gunasekara 9 1 50 0 5.56
Prabath Jayasuriya 25 7 67 3 2.68
Dhananjaya de Silva 2 0 6 0 3.00
Batsmen R B 4s 6s SR
Nishan Madushka c Noor Ali Zadran b Naveed Zadran  37 53 6 0 69.81
Dimuth Karunaratne c Ibrahim Zadran b Qais Ahmed 77 72 12 0 106.94
Kusal Mendis c Zia-ur-Rehman b Nijat Masood 10 22 1 0 45.45
Angelo Mathews hit-wicket b Qais Ahmed 141 259 14 3 54.44
Dinesh Chandimal c Ikram Alikhil b Naveed Zadran  107 181 10 1 59.12
Dhananjaya de Silva run out (Hashmatullah Shahidi) 0 1 0 0 0.00
Sadeera Samarawickrama c Rahmat Shah b Naveed Zadran  27 33 4 1 81.82
Chamika Gunasekara retired 16 27 2 0 59.26
Prabath Jayasuriya b Naveed Zadran  2 8 0 0 25.00
Vishwa Fernando not out 0 2 0 0 0.00
Asitha Fernando b Nijat Masood 0 1 0 0 0.00


Extras 22 (b 5 , lb 9 , nb 3, w 5, pen 0)
Total 439/10 (109.2 Overs, RR: 4.02)
Bowling O M R W Econ
Nijat Masood 19.2 3 76 2 3.96
Mohammad Saleem 12.1 0 57 0 4.71
Naveed Zadran  22.5 4 83 4 3.69
Zia-ur-Rehman 28 2 90 0 3.21
Qais Ahmed 22 2 98 2 4.45
Rahmat Shah 3 0 10 0 3.33
Hashmatullah Shahidi 2 0 11 0 5.50
Batsmen R B 4s 6s SR
Ibrahim Zadran b Prabath Jayasuriya 114 259 12 0 44.02
Noor Ali Zadran lbw b Asitha Fernando 47 136 5 0 34.56
Rahmat Shah c Sadeera Samarawickrama b Kasun Rajitha 54 119 5 0 45.38
Hashmatullah Shahidi c Sadeera Samarawickrama b Prabath Jayasuriya 18 37 3 0 48.65
Nasir Jamal not out 41 67 5 1 61.19
Ikram Alikhil c Kusal Mendis b Asitha Fernando 1 6 0 0 16.67
Qais Ahmed c Dhananjaya de Silva b Prabath Jayasuriya 1 3 0 0 33.33
Zia-ur-Rehman b Prabath Jayasuriya 0 11 0 0 0.00
Naveed Zadran  b Prabath Jayasuriya 4 14 1 0 28.57
Nijat Masood c Sadeera Samarawickrama b Kasun Rajitha 0 0 0 0 0.00
Mohammad Saleem c Dhananjaya de Silva b Asitha Fernando 2 9 0 0 22.22


Extras 14 (b 1 , lb 6 , nb 1, w 6, pen 0)
Total 296/10 (112.3 Overs, RR: 2.63)
Bowling O M R W Econ
Vishwa Fernando 14 3 37 0 2.64
Asitha Fernando 21.3 2 63 3 2.96
Kasun Rajitha 20 5 59 2 2.95
Prabath Jayasuriya 47 10 107 5 2.28
Dhananjaya de Silva 10 1 23 0 2.30


Batsmen R B 4s 6s SR
Dimuth Karunaratne not out 32 22 3 1 145.45
Nishan Madushka not out 22 23 4 0 95.65


Extras 2 (b 0 , lb 1 , nb 1, w 0, pen 0)
Total 56/0 (7.2 Overs, RR: 7.64)
Bowling O M R W Econ
Zia-ur-Rehman 3 0 12 0 4.00
Naveed Zadran  3 0 30 0 10.00
Nijat Masood 1 0 5 0 5.00
Qais Ahmed 0.2 0 8 0 40.00