ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටය නියෝජනය කිරීම සඳහා කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ කඳාන මැසිනෝද් විද්‍යාලය සුදුසුකම් ලබා ගත්තා.
අර්ධ අවසන් පූර්ව වටයේ තරගවල දී ඔවුන් වෙතින් පරාජයට පත් වුයේ කොළඹ ආනන්ද විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලයයි.
>>මාතර සාන්ත තෝමස් විද්‍යාලය අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගනී
- කඳාන ද මැසිනෝද්විද්යාලය සහ මොරටු මහාවිද්‍යාලය අතර තරගය මොරටු මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier B)
කාසියේ වාසිය දිනා ගත් මොරටු මහා විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ද මැසිනෝද් විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු 152ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මොරටු මහා විද්‍යාලයට සියලුම දෙනා දැවී ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 127ක් පමණයි.
පරාජිත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ ආරම්භක වමත් පිතිකරු ඔෂඳ දිනියුරු. ඔහු පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තා. ඊට අමතර ව සඳුන් සුවාරිස් පන්දු 65කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ද සහ සවිඳු ශෙහාර පන්දු 38කට මුහුණ දෙිමන් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 21ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී දකුණතින් පා දඟ පන්දු යැවූ බිපුන් අල්විස් ලකුණු 20කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව සිනෙත් ඉඳුවර ද ලකුණු 20කට කඩුලු 3ක් දවා ගත් අතර චාමික ප්‍රනාන්දු, උශාන් ආදිත්‍ය සහ අවිශ්ක සඳරුවන් කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ද මැසිනෝද් විද්‍යාලයේ දනිඳු අශේල් පන්දු 132කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 57ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වුණා.
ඊට අමතර ව තිසඟ සෙමිත් පන්දු 44කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී දකුණතින් මඳ වේග පන්දු යැවූ දිනරු ප්‍රනාන්දු ලකුණු 15කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව විසල් සත්සර ලකුණු 21කට කඩුලු 3ක් ද සහ සත්සර මිහිරංග ලකුණු 28කට කඩුලු 3ක් ද ලෙසින් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ද මැසිනෝද් විද්‍යාලය – සියලුම දෙනා දැවී 152 (49.4)දනිඳු අශේල් 57, තිසඟ සෙමිත් 28, සත්සර මිහිරංග 3/28, දිනරු ප්‍රනාන්දු 4/15, විසල් සත්සර 3/21
- මොරටු මහා විද්‍යාලය – සියලුම දෙනා දැවී 127 (44.4)සවිඳු ශෙහාර 21, ඔෂඳ දිනියුරු 42, සඳුන් සුවාරිස් 23, සිනෙත් ඉඳුවර 3/20, බිපුන් අල්විස් 4/20
කඳාන මැසිනෝද් විද්‍යාලයට ලකුණු 25ක ජයක්.
- තක්ෂිලාවේ නවාංජන දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කරයි
- ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දෙසැම්බරයේ මෙරටට
- Lemonade Sixes කුසලානය වේල්ස් කුමරුවන්ට
- රාජකීයයන් 17න් පහළ 2 වැනි පෙළ ශූරතාවත් දිනා ගනී
කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරගය අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු ක්‍රීඩාංගණයේ දී. (Tier B)
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ආනන්ද විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 204ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සාන්ත බෙනඩික්ට් විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 206ක් ලබා ගනිමින් තරගයෙන් ජය ගන්නවා.
ජයග්‍රාහී එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ විහඟ රත්නායක. ඔහු පන්දු 70කට මුහුණ දෙමින් ලකුණු 29ක් ලබා ගන්නවා. ඊට අමතර ව ලිතික ජයසුන්දර පන්දු 27ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 26ක් ද සහ සිතුම් හසරංග පන්දු 71ක දී ලකුණු 25ක් ද ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී දනිඳු සෙල්ලපෙරුම සහ තිනුර සනුදිත කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව නෙතුල එදිරිමාන්න, ශාරද ජයරත්න සහ දසිත් බටුගහගේ කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ආනන්ද විද්‍යාලය වෙනුවෙන් අර්ධ සබඳතා ත්‍රිත්වයක් එක් වූවා.
එහි දී මිශික අබේවර්ධන සහ හිමරු කුඩාගම එක් ව 3 වැනි කඩුල්ලට ලකුණු 66ක සබඳතාවක් ද, මිශික අබේවර්ධන සහ ශාරද ජයරත්න එක් ව 4 වැනි කඩුල්ලට ලකුණු 58ක සබඳතාවක් ද, ශාරද ජයරත්න සහ රශාන් විජේරත්න එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 51ක සබඳතාවක් ද එක් කළා.
ආනන්ද ඉනිම අවසන් වෙද්දී ශාරද ජයරත්න පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 55ක් ලබා සිටි අතර ඊට අමතර ව හිමිර කුඩාගම පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 45ක් ද, මිශික අබේවර්ධන පන්දු 109කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 43ක් ද සහ රශාන් විජේරත්න පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් බැගින් ලකුණු 34ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී දිනත් සෙනිල ලකුණු 34කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව සිතුම් හසරංග, රුමේන් පීරිස් සහ මානික්‍ය දේශප්‍රිය කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ආනන්ද විද්‍යාලය – කඩුලු 6ක් දැවී 204 (50.0)මිශික අබේවර්ධන 43, හිමිර කුඩාගම 45, ශාරද ජයරත්න නොදැවී 55, රශාන් විජේරත්න 34, දිනත් සෙනිල 2/34
- සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – කඩුලු 9ක් දැවී 206 (48.5)ටෙහාන් බීටර් 23, මිහිල ජයවීර 21, විහඟ රත්නායක 29, සිතුම් හසරංග 25, ලිතික ජයසුන්දර 26, පමෝද් සාරංග නොදැවී 23, තිනුර සනුදිත 2/34, දනිඳු සෙල්ලපෙරුම 2/30
කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට කඩුල්ලක ජයක්.
අන්තර් පාසල් පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.





















