මැරතන් ජයක් සොයා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් බංග්ලාදේශයට

Bangabandhu මැරතන් තරගය 2023

221

බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිත 2023 Bangabandhu මැරතන් තරගය නොහොත් ඩකා මැරතන් තරගය සඳහා මෙරට නියෝජනය කරමින් 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පිටත්ව තිබෙනවා.

බංග්ලාදේශයේ ඩකා නුවර මෙම මස 23 වැනිදා පැවැත්වීමට නියමිත මම තරගාවලියේ කාන්තා හා පිරිමි මැරතන් සහ අර්ධ මැරතන් ඉසව් නියෝජනය කරමින් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග බිමට පිවිසීමට නියමිතයි.

තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම,

  • පිරිමි මැරතන් – ප්‍රදීප් ධම්මික (නාවික හමුදාව), තලාවරිගේ රත්නපාල (ගුවන් හමුදාව), එම්. එස්. කුමාර (නාවික හමුදාව).
  • පිරිමි අර්ධ මැරතන් – කුමාර් ශම්මුගේෂ්වරම් (යුද හමුදාව), ඩී, එස්. දිසානායක (යුද හමුදාව), ජී. ඩී. සඳකැලුම් (යුද හමුදාව).
  • කාන්තා මැරතන් – සුජානි පෙරේරා (නාවික හමුදාව), වත්සලා හේරත් (යුද හමුදාව), දිල්හානි ලියනගේ (යුද හමුදාව).
  • කාන්තා අර්ධ මැරතන් – චාමිනි හේරත් (යුද හමුදාව), නිසංසලා බණ්ඩාර (යුද හමුදාව), නිලූෂි ප්‍රනාන්දු (නාවික හමුදාව).

2023 Bangabandhu මැරතන් තරගයේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<