IPL විස්තර විචාරය මේ පාර ගෙදර ඉඳන්?

243
Cricket Commentary
(espncricinfo)

මෙවර IPL තරගාවලියේ දී නිවෙස්වල සිට විස්තර විචාරය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට IPL විකාශකයින්ගේ අවධානය යොමු වී තිබෙනවා. පසුගිය ඉරිදා දකුණු අප්‍රිකාවේ දී පැවැත්වුණු 3T තරගාවලියේ දී මෙම වැඩපිළිවෙළ අත්හදා බැලුණු අතර සෙන්චූරියන් හිදී පැවැත්වුණු තරගවලට ඉර්ෆාන් පතාන් බරෝදා හි සිටත්, දීප් දාස්ගුප්තා කොල්කටා සිටත්, සංජේ මන්ජේකාර් මුම්බායි හි සිටත් මෙම තරගාවලියේ විස්තර විචාරය කළා. 

කල් ගිය සුපිරි තරගාවලියට නැවතත් බාලගිරි

නෙදර්ලන්තය, අයර්ලන්තය සහ ස්කොට්ලන්තය යන රටවල් තුන එක්ව

හිටපු ඉන්දීය ක්‍රීඩක ඉර්ෆාන් පතාන් පවසා සිටියේ කිලෝමීටර් දහස් ගණනක් දුර පැවැත්වෙන තරගයකට ගෙදර සිට විස්තර විචාරයෙන් එක්වීමට හැකි වීම ඉතා සතුටුදායක බවයි. 

COVID-19 වසංගත තත්වය නිසා ලොව දිනෙන් දින වෙනස් වන පසු බිමක IPL විකාශකයින් වන Star Sports ආයතනය දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන් හිදී පැවති පන්දුවාර 36යේ තරගයේ දී මෙම දුරස්ථ විස්තර විචාර වැඩපිළිවෙළ අත්හදා බැලුවා.

විස්තර විචාරකයින් පමණක් නොව තරගයේ විකාශන කළමනාකරණ කාර්ය මණ්ඩලයේ බොහොමයක් ද නිවෙස්වල සිට සිය කාර්යභාරය ඉටු කළ අතර විකාශනයේ අධ්‍යක්ෂක සිය වගකීම ඉටු කළේ ඉන්දියාවේ මයිසූර් වල සිට වීම විශේෂත්වයක්.

“ඒක අතිවිශේෂ අත්දැකීමක් වුනා. අන්තර්ජාල වේගය වෙනස් වීමෙන් අපේ කටහඬේ තත්වය අඩු වෙයි කියලා අපිට පොඩි බයකුත් තිබුණා. සජීවී තරගවල ඕනේ දෙයක් වෙන්න පුළුවන්. තාක්ෂණයේ හැමදෙයක්ම අපිට පාලනය කරන්න බැහැ. පොඩි ගැටලු තිබෙන්න පුළුවන්, නමුත් Star Sports හොඳ සේවයක් ඉටු කළා” පතාන් PTI වෙත පවසා සිටියා.

IPL මෙවර UAE හි නිසා RCBට වාසි – හිටපු ක්‍රීඩකයෙකුගෙන් අනාවැකි

ICCය විසින් මේ වසරේ දී පවත්වන්නට නියමිතව තිබුණු

“Star Sports ගොඩක් දේවල් හොඳින් සැලසුම් කරනවා. නමුත් ගෙදර ඉඳන් විස්තර විචාරය ලොකු අභියෝගයක් වෙන්න පුළුවන්” පතාන් සිය කාමරයේ අගුළු ලා ගෙන තිබුනත් ඔහුගේ පුතා වරින් වර දොරට තට්ටු කිරීම ප්‍රේක්ෂකයින්ට ද රසවත් සිදුවීමක් වුනා.

Star Sports ආයතනය IPL තරග විවිධ භාෂා 10කින් විවිධ නාලිකා ඔස්සේ විකාශය කර තිබෙන අතර මුළු ප්‍රේක්ෂකයින් ගණනින් තුන් දෙකක් හින්දි භාෂාවෙන් තරග නැරඹීම විශේෂත්වයක්.

දකුණු අප්‍රිකාවේ 3T තරගාවලිය සඳහා විචාරකයින් සියල්ලටම නිවසේ සිට විස්තර විචාරය කිරීම අනිවාර්ය වූ අතර ඉන්දියාවේ අන්තර්ජාල පහසුකම් එතරම් හොඳ නොවුණු නිසා සජීවී වැඩසටහනකට අවශ්‍ය වන පරිදි  5mbps වේගයක සිට 20mbps වේගයකට සිය අන්තර්ජාල පහසුකම් සකසා ගැනීමට විචාරකයින්ට සිදු වුනා.

විස්ඩන් තරුණ ටෙස්ට් කණ්ඩායමට ඔබ නොසිතන ශ්‍රී ලාංකිකයෙක්

පසුගිය දා, ලොව සුප්‍රකට ක්‍රීඩා සඟරාවක් වන විස්ඩන්

“අපි තරගයට කලින් දවසේ පුහුණුවීම් කළා. ඒ අන්තර්ජාල පහසුකම්වල තත්වය මැන බැලීමට. අපිට පරිගණක තිර තිබුනත් හැම වෙලේම අනෙක් විචාරකයින්ව පෙනෙන්නේ නැහැ. ඒ නිසා කතා කරද්දී කොතනින් නවත්තන්න ද අනෙක් කෙනාට ඉඩ දෙන්නේ කොහොමද කියලා හිතා ගන්න පොඩ්ඩක් අපහසුයි”  පතාන් පවසා සිටියා.

“සමහර වෙලාවට අපිට තරගය පෙන්නේ පොඩ්ඩක් වෙලා ගිහින්. ඒ වගේ වෙලාවට අනික් අය කියන ඒවා සමඟ අපි කියන ඒවා සම්බන්ධ නොවෙන්න පුළුවන්. අපි හොඳට කරා කියලා මම හිතනවා. නමුත් අපි ක්‍රීඩා පිටියට ගියාම අපේ විස්තර විචාරය මීට වඩා ගොඩක් හොඳයි.”

HindustanTimes ඇසුරින් 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<