යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරග පෙබරවාරි මාසයේ දී

යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය 2023

309

මෙම වසරේ අගෝස්තු මාසයේ උස්බෙකිස්තානයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති 18න් පහළ (යොවුන්) ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා පැවැත්වෙන අවසන් තේරීම් තරගාවලිය පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව මෙම තරගාවලිය පෙබරවාරි 21 සහ 23 යන දෙදින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා 2006 සහ 2007 වර්ෂවල උපන්, අවශ්‍ය පරිසාධන සුදුසුකම් සම්පූර්ණ කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා අයැදුම් කළ හැකි බව ද මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශ කළා.

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයේ පෙර පැවති අදියරවල දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූ අතර මෙවර තරගාවලිය සඳහා වන පරිසාධන සීමා ද ආසියානු මලල ක්‍රීඩා සංගමය විසින් නිකුත් කර තිබුණා.

2023 ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයේ පරිසාධන සීමාවන්

ජාතික යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<