රොෂාන් ජයතිස්ස කඩුලු ත්‍රිත්වයක් ලබා ගනී

SLC Major League Tournament 2023

868
SLC Major League Tournament 2023

සති දෙකක විරාමයකින් අනතුරුව අද (25) ආරම්භ වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන පළමු පෙළ Major League තුන් දින ක්‍රිකට් තරගාවලියේ දී  ACE කැපිටල් ක්‍රිකට් සමාජයේ දකුණතින් පිට දඟපන්දු යවන රොෂාන් ජයතිස්ස සෙබස්තියනයිට් ක්‍රිකට් කණ්ඩායමට එරෙහි ව කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් වුනා.

ඔහු තරගයේ 21 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවේ දී සචිත ජයතිලක ද, 5 වැනි පන්දුවේ දී තරිඳු රත්නායක ද සහ අවසන් පන්දුවේ දී ඉසිත විජේසුන්දර ද දවා ගනිමින් මේ දක්ෂතාව සිදු කළා.

මෙම දක්ෂතාවත් සමඟින් ප්‍රතිවාදීන්ගේ ඉනිම ලකුණු 56කට සීමා වූ අතර එම ඉනිම අවසන් වන විට රොෂාන් ජයතිස්සගේ පන්දු යැවීම පන්දුවාර 3.4ක දී නිලකුණු පන්දුවාරයක් සමඟින් ලකුණු 9කට කඩුලු 6ක් ලෙසින් දැක්වුණා.

මේ අතර BRC නායක ඩිල්රුවන් පෙරේරා CCC කණ්ඩායමට එරෙහිව පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 124ක් ලබා ගනිමින් දිනයේ කැපී පෙනෙන පිතිකරු බවට පත්වුනා. මෙය ඔහුගේ පළමු පෙළ 5 වැනි ශතකයයි.

මේ අතර කුරුණෑගල Youth කණ්ඩායමේ ආරම්භක වමත් පිතිකරු දිල්හාර පොල්ගම්පොළ තම පළමු පෙළ තරග දිවියේ හොඳම ඉනිම අද වාර්තා කළා. NCC කණ්ඩායමට එරෙහිව පන්දු 238කට මුහුණ දුන් ඔහු හතරේ පහර 9ක් සමඟින් ලකුණු 93ක් ලබා ගනිමින් එම දක්ෂතාවට පිවිසියා.

එමෙන් ම CCC කණ්ඩායමේ නායක අශාන් ප්‍රියංජන් පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 91ක් ලබා ගනිමින් මේ වෙද්දී පිටියේ නොදැවී රැඳී සිටිනවා.

දිනයේ අර්ධ ශතක වාර්තා කළ පිතිකරුවන් ලෙසින් ගාල්ල කණ්ඩායමේ බුද්ධික හසරංග (55), හලාවත මේරියන්ස් කණ්ඩායමේ රවීන් යසස් (86), පොලිස් ක්‍රීඩා සමාජයේ හේෂාන් ධනුෂ්ක (68*), මීගමුව ක්‍රිකට් කණ්ඩායමේ උමේෂ් ලක්ෂාන් (74), රාගම ක්‍රිකට් කණ්ඩායමේ නිශාන් මධුශ්ක (57), Tamil Union ක්‍රිකට් සමාජයේ ශිරාන් ප්‍රනාන්දු (57) බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජයේ කසුන් අබේරත්න (72*) සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ මොවින් සුබසිංහ (61) දැක්වෙනවා.

පන්දු යැවීමේ දී CCC කණ්ඩායමේ චතුරංග ද සිල්වා ලකුණු 44ක් ද, පොලිස් ක්‍රීඩා සමාජයේ මාලින්ද පුෂ්පකුමාර ලකුණු 62කට කඩුලු 5ක් ද, බ්ලුම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජයේ අදීශ තිලංචන ලකුණු 22කට කඩුලු 5ක් ද සහ ගුවන් හමුදාවේ මලිත් ද සිල්වා ලකුණු 30කට කඩුලු 5ක් ද දවා ගනිමින් දවසේ දක්ෂතා දැක්වූ පන්දු යවන්නන් අතරට එක්වූවා.

Group A

BRC සහ CCC අතර තරගය හැව්ලොක් ටවුන් BRC පිටියේ දී.

  • BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 207 (54.1) අභිෂේක් රාමන් 41, ඩිල්රුවන් පෙරේරා 124, චතුරංග ද සිල්වා 5/44, අශාන් ප්‍රියංජන් 2/49
  • CCC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 175 (35) සොනාල් දිනූෂ 44, අශාන් ප්‍රියංජන් නොදැවී 91, මොහොමඩ් ශිරාෂ් 2/42, ඩිල්රුවන් පෙරේරා 2/45

ගාල්ල සහ කෝල්ට්ස් අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • ගාල්ල- පළමු ඉනිම සියලුම දෙනා දැවී 242 (77.1) සනුක ගලගොඩ 23, රාගව් ධවාන් 31, ඔෂඳ ප්‍රනාන්දු 38, කවිඳු එදිරිවීර 37, බුද්ධික හසරංග 55, අකිල හසරංග 4/60, මල්ක මධුශංක 3/36
  • කෝල්ට්ස් – පළමු ඉනිම කඩුල්ලක් දැවී 25 (4.5)

මීගමුව සහ රාගම අතර තරගය කටුනායක FTZ ක්‍රීඩාංගණයේ දී.

  • මීගමුව- පළමු ඉනිම සියලුම දෙනා දැවී 172 (55) උමේෂ් ලක්ෂාන් 74, සචිඳු කොළඹගේ 48, ඒෂාන් මාලිංග 4/33, ශෂික දුල්ශාන් 4/45
  • රාගම පළමු ඉනිම කඩුලු 3ක් දැවී 112 (30.5) නිශාන් මධුශ්ක 57, ජනිත් ලියනගේ නොදැවී 36, උපුල් ඉන්ද්‍රසිරි 2/33

Group B

පොලිස් සහ හලාවත මේරියන්ස් අතර තරගය බම්බලපිටිය පොලිස් පිටියේ දී.

  • හලාවතමේරියන්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 175 (57.2) කසුන් විදුර 26, රවීන් යසස් 86, කවිඳු නිර්මාල් 21, දනාල් හේමන්ත 2/32, මාලින්ද පුෂ්පකුමාර 5/62, සුපුන් මධුශංක 2/31
  • පොලිසිය – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 112 (32) ධනුජ ඉඳුවර 34, හේෂාන් ධනුෂ්ක නොදැවී 68, ලසිත් ලක්ෂාන් 3/16

Tamil Union සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය බොරැල්ල P. Sara Oval පිටියේ දී.

  • Tamil Union – පළමු ඉනිම සියලුම දෙනා දැවී 158 (44) දිලුම් සුධීර 32, ශිරාන් ප්‍රනාන්දු 57, අදීශ තිලංචන 5/22, මනෙල්ක ද සිල්වා 2/18
  • බ්ලූම්ෆීල්ඩ් – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 124 (41.2) හසිත බෝයගොඩ 30, කසුන් අබේරත්න නොදැවී 72, රවිඳු ප්‍රනාන්දු 3/14

සෙබස්තියනයිට්ස් සහ ACE කැපිටල් අතර තරගය දොඹගොඩ යුද හමුදා පිටියේ දී.

  • ACE කැපිටල් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 175 (52.3) පවන්ත වීරසිංහ 37, සිතාර ගිම්හාන් 21, හර්ෂ කුරේ 23, වනුජ සහන් 33, රොෂාන් ජයතිස්ස 34, ඉසිත විජේසුන්දර 3/35, චාමිකර එදිරිසිංහ 3/53, දුශාන් විමුක්ති 2/13
  • සෙබස්තියනයිට්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 56 (24.4) චාමිකර එදිරිසිංහ නොදැවී 12, සිතුම් දිසානයක 2/08, රොෂාන් ජයතිස්ස 6/09
  • ACE කැපිටල් – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 28 (6)

NCC සහ කුරුණෑගල Youth අතර තරගය NCC පිටියේ දී

  • කුරුණෑගලYouth – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 232 (90) කෝසල රවින්ද්‍ර 20, දිල්හාර පොල්ගම්පොළ 93, සනෝජ් දර්ශික 48, අරවින්ද ප්‍රේමරත්න නොදැවී 36, අසේල් සිගේරා 3/30

බදුරලිය සහ ගුවන් හමුදාව අතර තරගය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී.

  • ගුවන්හමුදාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 164 (56.1) මොවින් සුබසිංහ 61, සෙනාශ් ප්‍රනාන්දු 32, Pravez Rasool 5/75, චානක කොමසාරු 4/50
  • බදුරලිය – කඩුලු 7ක් දැවී 151 (31) විශ්ව ප්‍රනාන්දු 27, අනුක් ප්‍රනාන්දු 37, Pravez Rasool නොදැවී 68, මලිත් ද සිල්වා 5/30

මෙම සියලු තරග හෙට (26) දෙවැනි දිනයට ක්‍රියාත්මකයි. තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<