රමේෂ්, අශේන් සහ අකිල සැමරුම්වලට

අන්තර් ක්‍රීඩා සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලිය 2023

436
SLC Major Clubs 3-Day Tournament 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ ආරම්භක සතිය අද (25) නිමා වුනේ තරග 5ක ජයග්‍රහණ තීරණය වෙමින්. ඒ අතරින් දිනයේ වාර්තා වූ ඉහළ ම ජයග්‍රහණය වාර්තා කිරීමට මූවර්ස් ක්‍රීඩකයෝ සමත් වුනා.  

ඔවුන් කුරුණෑගල යොවුන් කණ්ඩායමට එරෙහිව ඉනිමක සහ ලකුණු 62ක ජයග්‍රහණයක් ලබා ගත්තා. එම ජයග්‍රාහී කණ්ඩායමේ නියමුවා වූ 27 හැවිරිදි දකුණතින් පිට දඟපන්දු යවන රමේෂ් මෙන්ඩිස් අද තම පළමු පෙළ 200 වැනි කඩුල්ල දවා ගැනීමේ සතුට ද සැමරුවා.   

මේ අතර පොලිස් කණ්ඩායම නියෝජනය කරන අශේන් බණ්ඩාර එක් තරගයක දී පිට පිට ශතක 2ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වීමට ද සමත් වුනා. ඔහු තම දෙවැනි ඉනිමේ දී පන්දු 146කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 100ක් ලබා ගත්තා.  

දිනයේ කැපී පෙනෙන පන්දු යවන්නා බවට නැවත වතාවක් පත් වීමට කෝල්ට්ස් කණ්ඩායමේ අකිල ධනංජය සමත් වුනා. ඔහු ප්‍රතිවාදී දෙවැනි ඉනිමේ දී ද ලකුණු 74කට කඩුලු 7ක් දවා ගත්තා. ඒ අනුව තරගයේ දී ලකුණු 135කට කඩුලු 15ක් දවා ගැනීමට සමත් වෙනවා. එය ඔහුගේ පළමු පෙළ තරග 63ක තරගයක හොඳම පන්දු යැවීමයි. 

මේ අතර දිනයේ තවත් ශතක 4 වාර්තා වුනා. ඒ අනුව පොලිස් කණ්ඩායමේ ප්‍රියමාල් පෙරේරා පන්දු 172කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 101ක් වාර්තා කළා.  

පානදුර කණ්ඩායමේ රොෂාන් විජේනායක තම මංගල පළමු පෙළ ශතකය වාර්තා කිරීමට ද අද සමත් වුනා. ඔහු පන්දු 137කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 101ක් ලබා ගත්තා.  

බ්ලූම්ෆීල්ඩ් නායක නිපුන් කරුණානායක පන්දු 176කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 100ක් ද සහ මනෙල්ක ද සිල්වා පන්දු 139කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 116ක් ද ලබා ගත්තා.  

මේ අතර අද දවසේ අර්ධ ශතකලාභීන්ගේ ලැයිස්තුවට කුරුණෑගල කණ්ඩායමේ නවීන් ප්‍රනාන්දු, ගාල්ල කණ්ඩායමේ ඕෂධ ප්‍රනාන්දු, NCC කණ්ඩායමේ ලහිරු උදාර, මීගමුව කණ්ඩායමේ හිමාෂ ලියනගේ සහ සචිඳු කොළඹගේ, නුගේගොඩ රාහුල් ගුණසේකර, ගුවන් හමුදාවේ කෙමිර විජේනායක සහ මොවින් සුබසිංහ  සමත් වුනා. 

පන්දු යැවීමේ දී හලාවත මේරියන්ස් කණ්ඩායමේ අවිඳු තීක්ෂණ කඩුලු 6ක් ද, යුද හමුදාවේ කෞමාල් නානායක්කාර, රාගම කණ්ඩායමේ ශෂික දුල්ෂාන් සහ බදුරලිය කණ්ඩායමේ චානක කොමසාරු කඩුලු 5 බැගින් දවා ගත් අතර  මූවර්ස් කණ්ඩායමේ මිලාන් රත්නායක, NCC කණ්ඩායමේ ලහිරු උදාර, බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමේ වනුජ සහන්, ලසිත් ලක්ෂාන්, යුද හමුදාවේ ෂෙහඳ සොයිසා සහ ගුවන් හමුදාවේ ලසඳ රුක්මාල් කඩුලු 4 බැගින් දවා ගත්තා.  

A කාණ්ඩය  

කැන්ඩි කස්ටම්ස් සහ කෝල්ට්ස් තර්ස්ටන් පිටියේ දී 

  • කෝල්ට්ස්පළමු ඉනිම සියලුම දෙනා දැවී 263 (74.3) ධනංජය ලක්ෂාන් 69, ඇන්ජලෝ මැතිව්ස් 124, ගයාන් සිරිසෝම 3/66, මිතුන් ජයවික්‍රම 3/83, යොහාන් මද්දගේ 3/67 
  • කැන්ඩි කස්ටම්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 172 (44) සදීශ් ජයවර්ධන 22, අභිශේක් ගුප්තා 45, මධුර මධුශංක නොදැවී 44, අකිල ධනංජය 8/61 
  • කෝල්ට්ස් – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 275 (61) යශෝධ ලංකා 47, සංගීත් කුරේ  129, ධනංජය ලක්ෂාන් 56, විශාද් රන්දික  29, මුදිත ලක්ෂාන් නොදැවී 28, ගයාන් සිරිසෝම 3/92, මිතුන් ජයවික්‍රම 2/115 
  • කැන්ඩි කස්ටම්ස් – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 182 (51.2) යොහාන් මද්දගේ 22, සදීශ් ජයවර්ධන 21, අභිශේක් ගුප්තා 104, කවිශ්ක අංජුල 2/32, අකිල ධනංජය 7/74 

කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට ලකුණු 222ක ජයක්.  

BRC සහ රාගම – BRC  

  • රාගම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 305 (83.3) ජනිත් ලියනගේ 76, සංජය චතුරංග 102, මොහොමඩ් ශිරාෂ් 3/47, ඩිල්රුවන් පෙරේරා 3/67 
  • BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 143 (42.1) ලියෝ ෆ්‍රැන්සිස්කෝ 27, ලක්ෂාන් ගමගේ 52, කල්හාර සේනාරත්න 3/23, ශෂික දුල්ශාන් 2/45, ජනිත් ලියනගේ 4/18 
  • රාගම – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 302 (72) සමින්ද ප්‍රනාන්දු 23, ලහිරු තිරිමාන්න 109, රන්මිත් ජයසේන 34, අවිශ්ක තරිඳු 49, සංතුශ් ගුණතිලක නොදැවී 39, සංජුල බණ්ඩාර නොදැවී 26, උමේෂ්ක මොරායස් 3/60 
  • BRC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 128 (25.1) භානුක රාජපක්ෂ 26, ඩිල්රුවන් පෙරේරා 43, ශෂික දුල්ෂාන් 5/44, එශාන් මාලිංග 2/13 

රාගම ක්‍රීඩා සමාජයට ලකුණු 336ක ජයක්. 

SSC සහ ගාල්ල – SSC  

  • ගාල්ලපළමු ඉනිම සියලුම දෙනා දැවී 244 (73.3) රුවන්ත කැල්ලෙපොත 87, නිසල තාරක 5/58 
  • SSC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 421 (96) නුවනිඳු ප්‍රනාන්දු 157, ෂෙවෝන් ඩැනියෙල් 64, නිපුන් ධනංජය 69, රනුද සෝමරත්න 33, ලක්ෂිත මනසිංහ 22, නිසල තාරක නොදැවී 30, උමේග චතුරංග 3/76, රුවන්ත කැල්ලෙපොත 3/101 
  • ගාල්ල – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 216 (56) ඕෂධ  ප්‍රනාන්දු 67, කවිඳු එදිරිවීර 30, බුද්ධික හසරංග නොදැවී 21, ප්‍රභාත් ජයසූරිය 3/48, දිනුර කළුපහන 3/16, නිපුන් ධනංජය 2/13 
  • SSC – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 33 (3.2) 

SSC කණ්ඩායමට කඩුලු 10ක ජයක්.  

යුද හමුදාව සහ නුගේගොඩ ක්‍රීඩා සමාජය පනාගොඩ  

  • නුගේගොඩපළමු ඉනිම සියලුම දෙනා දැවී 151 (47.3) රාහුල් ගුණසේකර 49, ෂෙහඳ සොයිසා 6/45 
  • යුද හමුදාව – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 277 (85) අශාන් රන්දික 41, ලක්ෂාන් එදිරිසිංහ 76, දිනේෂ් චන්දිමාල් 76, ෂෙහඳ සොයිසා 52, චලන ද සිල්වා 4/75, තරිඳු කෞෂාල් 3/88 
  • නුගේගොඩ – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 218 (82.2) තිලකරත්න සම්පත් 22, රාහුල් ගුණසේකර 83, තරිඳු කෞෂාල් 35, කෞමාල් නානායක්කාර 5/70, ෂෙහඳ සොයිසා 4/77 
  • යුද හමුදාව – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 49 (9) අශාන් රන්දික 23, ලහිරු ගමගේ 3/21 

තරගයේ විසඳුමක් නෑ.  

පානදුර සහ මීගමුව ක්‍රිකට් සමාජ පානදුර  

  • මීගමුවපළමු ඉනිම සියලුම දෙනා දැවී 239 (72.1) දිමුතු සඳරුවන් 97, නිමේෂ් විමුක්ති 4/58, කොෂාන් දනුශ්ක 4/70 
  • පානදුර – පළමු ඉනිම සියලුම දෙනා දැවී 158 (46.2) රොශාන් විජේනායක 35, සුකිත මනෝජ් 54, චනුර ප්‍රනාන්දු 2/14, නිශාන් පීරිස් 3/59, ධනුශ්ක සඳරුවන් 3/50 
  • මීගමුව – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 207 (74.2) හිමාෂ ලියනගේ 69, සචිඳු කොළඹගේ 50, කොෂාන් දනුශ්ක 2/37, නිමේෂ් විමුක්ති 2/88, විශ්ව ලහිරු 3/44 
  • පානදුර – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 215 (55) රොෂාන් විජේනායක 101, නිශාන් පීරිස් 4/54, දනුශ්ක සඳරුවන් 3/69 

තරගයේ විසඳුමක් නෑ. 

B කාණ්ඩය 

මූවර්ස් සහ කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජමූවර්ස්  

  • කුරුණෑගල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 90 (33.3) ඩිල්හාර පොල්ගම්පොළ 26, මිලාන් රත්නායක 3/18, ලහිරු සමරකෝන් 3/24 
  • මූවර්ස් – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 404 (80.3) සොහාන් ද ලිවේරා 96, මොහොමඩ් ෂමාස් 79, ජනිශ්ක පෙරේරා 28, ලහිරු සමරකෝන් 79, ඩිලංක අවර්ඩ්ට් 3/108, සනෝජ් දර්ශික 2/67 
  • කුරුණෑගල – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 252 (69.1) ඩිල්ශාන් කොල්ලුරේ 21, සමිට් ගොහෙල් 69, සනෝජ් දර්ශික 51, අසන්ත බස්නායක 34, නවින් ප්‍රනාන්දු 50, මිලාන් රත්නායක 4/50, ප්‍රවීන් ජයවික්‍රම 2/73, රමේෂ් මෙන්ඩිස් 2/68 

මූවර්ස් ක්‍රීඩා සමාජය ඉනිමක සහ ලකුණු 62ක ජයක්.  

NCC සහ පොලිස් – NCC  

  • පොලිසියපළමු ඉනිම සියලුම දෙනා දැවී 370 (107.1) කුසල් පෙරේරා 62, ගිටන්ස් කෙහෙරා 68, අශේන් බණ්ඩාර 112, චාමික ගුණසේකර 2/63, නිපුන් රන්සික 3/68, ලසිත් ඇඹුල්දෙණිය 2/104, අසේල් සිගේරා 2/46 
  • NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 359 (73.4) නිරෝෂන් දික්වැල්ල 99, ලහිරු උදාර 37, අහන් වික්‍රමසිංහ 81, අසෙල් සිගේරා 54, ලසිත් ඇඹුල්දෙණිය 28, නිපුන් රන්සික 24, මාලින්ද පුෂ්පකුමාර 3/107, නලින් ප්‍රියංකර 4/108, ප්‍රියමාල් පෙරේරා 2/16 
  • පොලිසිය – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 225 (67) ප්‍රියමාල් පෙරේරා 101, අශේන් බණ්ඩාර 100, නිපුන් රන්සික 2/45, චාමික ගුණසේකර 2/15, ලහිරු උදාර 4/07 
  • NCC – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 83 (16) ලහිරු උදාර නොදැවී 52 

තරගයේ විසඳුමක් නෑ. 

ගුවන් හමුදාව සහ හලාවත මේරියන්ස් කටුනායක   

  • ගුවන් හමුදාවපළමු ඉනිම සියලුම දෙනා දැවී 242 (86.2) සහීල් ඩයස් 94, ලසිත් ලක්ෂාන් 4/53 
  • හලාවත මේරියන්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 327 (92.2) ලසිත් ලක්ෂාන් 22, කසුන් විදුරංග 35, නිනාද් කාදම් 86, පුලින තරංග 88, ධම්මික ප්‍රසාද් 20, ලසඳ රුක්මාල් 4/76, මොවින් සුබසිංහ 4/76 
  • ගුවන් හමුදාව – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 250 (66.1) කෙමිර විජේනායක 75, මොවින් සුබසිංහ 94, අවිඳු තීක්ෂණ 6/104, ලසිත් ලක්ෂාන් 4/57 
  • හලාවත මේරියන්ස් – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 49 (15) කසුන් විදුර නොදැවී 28 

තරගයේ විසඳුමක් නෑ. 

බදුරලිය සහ සෙබස්තියනයිට්ස්මග්ගොන  

  • බදුරලියපළමු ඉනිම සියලුම දෙනා දැවී 137 (43) තරිඳු සිරිවර්ධන 28, මොහොමඩ් ඩිල්ශාඩ් 5/47 
  • සෙබස්තියනයිට්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 136 (51.3) ඉසිවර දිසානායක 36, චාමිකර එදිරිසිංහ 35, චානක කොමසාරු 3/55, අලංකාර අසංක 2/16 
  • බදුරලිය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 178 (50.4) යසිත් රූපසිංහ 63, අනුක් ප්‍රනාන්දු 24, මොහොමඩ් ඩිල්ශාඩ් 2/08, තරිඳු රත්නායක 3/64, චාමිකර එදිරිසිංහ 5/69 
  • සෙබස්තියනයිට්ස් – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 162 (50.1) තුලින ඩිල්ශාන් 27, තරිඳු රත්නායක නොදැවී 27, චානක කොමසාරු 5/59, අලංකාර අසංක 2/18 

බදුරලිය ක්‍රීඩා සමාජයට ලකුණු 17ක ජයක්.  

බ්ලූම්ෆීල්ඩ් සහ ACE කැපිටල් බ්ලූම්ෆීල්ඩ්  

  • බ්ලූම්ෆීල්ඩ්පළමු ඉනිම සියලුම දෙනා දැවී 304 (85.3) හසිත බෝයගොඩ 93, රොෂාන් ජයතිස්ස 6/70 
  • ACE කැපිටල් – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 479 (108) පවන්ත වීරසිංහ 125, රවිඳු රත්නායක 77, හර්ෂ කුරේ 68, සකුන් ලියනගේ 79, රොෂාන් ජයතිස්ස 29, නිම්සර අතරගල්ල නොදැවී 24, සිතුම් දිසානායක නොදැවී 25, හිමේෂ් රාමනායක 2/50, රජේන්ද්‍ර අරවින්ත් 4/124 
  • බ්ලූම්ෆීල්ඩ් – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 272 (72) නිපුන් කරුණානායක 100, මනෙල්ක ද සිල්වා 116, වනුජ සහන් 4/94, රවිඳු රත්නායක 2/08 

තරගයේ විසඳුමක් නෑ. 

තරගාවලියේ උණුසුම ඒ ආකාරයෙන් විඳ ගැනීමේ අවස්ථාව ThePapare.com විසින් සපයනවා. රැඳී සිටින්න ThePapare.com සමඟින්.  

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<