පෙර පුහුණු තරගයට SLC වෙතින් 15 දෙනෙකුගේ සංචිතයක්

බටහිර ඉන්දීය කෙ‍ාදෙව් යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

1890
බටහිර ඉන්දීය කෙ‍ාදෙව් යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

හෙට (25) කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී, ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත පුහුණු තරගය සඳහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් තෝරාගෙන තිබෙනවා.

සංචිතයේ නායකත්වය සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩක හිරාන් ජයසුන්දර වෙත ලබා දී තිබෙනවා. මෙම පුහුණු තරගයට පසුව කණ්ඩායම් දෙකම එක්දින තරග 3කින් සහ සිව්දින ටෙස්ට් තරග 2කින් යුත් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතයි. එම තරගාවලිය දඹුල්ලේ දී පැවැත්වීමට නියමිතයි.

පුහුණු තරගයට සහභාගී වන සංචිතය: හිරාන් ජයසුන්දර (C), හිරුණ කපුරුබණ්ඩාර, විමත් දිනසර, සුපුන් වඩුගේ, විශේන් හැලඹගේ, ගයන වීරසිංහ, ප්‍රවීන් මනීෂ, ගීතික ද සිල්වා, දිනුර අබේවික්‍රමසිංහ, තරණ විමලධර්ම, දිනුක තෙන්නකෝන්, යූරි කොත්තිගොඩ, තිසර ඒකනායක, ජනිත් ප්‍රනාන්දු, මනුල කුලරත්න

තරගාවලියේ කාලසටහන

  • අගෝස්තු25 – පුහුණු තරගය (CCC)
  • අගෝස්තු 27 – පළමු එක්දින තරගය (දඹුල්ල)
  • අගෝස්තු 30 – දෙවැනි එක්දින තරගය (දඹුල්ල)
  • සැප්තැම්බර් 01 -තෙවැනි එක්දින තරගය (දඹුල්ල)
  • සැප්තැම්බර් 5 සිට 8 – පළමු ටෙස්ට් තරගය (දඹුල්ල)
  • සැප්තැම්බර් 12 සිට 15 – දෙවැනි ටෙස්ට් තරගය (දඹුල්ල)

තරගාවලියේ උණුසුම සඳහා රැඳෙන්න ThePapare.com සමඟින්ම.

>>තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<