සඳරු මල්ශාන් ද්විත්ව ශතකයක් වාර්තා කරයි

SLSCA U 19 Inter Schools 2 Day Tournament 2026/27

2
SLSCA U 19 Inter Schools 2 Day Tournament 2026/27

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ අද නිමා වූ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර තරගයේ දී දේවපතිරාජ විද්‍යාලයේ සඳරු මල්ශාන් ද්විත්ව ශතකයක් වාර්තා කළා.

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයීය පිටියේ දී පැවැති මෙම තරගයේ දී සඳරු මල්ශාන් පන්දු 156කට මුහුණ දෙමින් හතරේ පහර 27ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 200ක් ලබා ගත්තා.

ඔහු යසිරු ලක්ෂාන් හා එක් ව සිව් වැනි කඩුල්ලට ලකුණු 177ක සබඳතාවක් ද ගොඩ නගනවා. එහි දී යසිරු ලක්ෂාන් පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 61ක් ලබා ගන්නවා.

 මේ අතර පැවැති අනෙක් තරගයේ දී මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ කොශේන්ද්‍ර ප්‍රනාන්දු පන්දු 137කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟින් ලකුණු 101ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී දක්ෂතා දක්වන ඔහු ඉනිම ද්විත්වයේ දී ප්‍රතිවාදී ඉනිමේ කඩුලු 7ක් ලකුණු 107ක දී දවා ගන්නවා.

ඔහුට අමතර ව සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ඉනිමට අදීශ ලක්ෂාන් (71) සහ ලශේන් ප්‍රනාන්දු (61) ද අර්ධ ශතක ඉනිම් වාර්තා කළ අතර පරාජිත කැළණිය ගුරුකුල විද්‍යාලය වෙනුවෙන් ජවිඳු මදුශංක නොදැවී ලකුණු 54ක් ලබා ගත්තා.

පැවැති තරගවල කෙටි ලකුණු පුවරු

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර තරගය වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier B)

කාසියේ වාසිය – දේවපතිරාජ විද්‍යාලය

  • සාන්ත අන්තෝනි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 157 (41.5) විශ්මිත සරෝජ් 23, ගීනෝද් පෙරේරා 33, මෙනෙත් සංකලන 2/03, සඳරු මල්ශාන් 2/37, අදීශ ගෞතම් 2/13
  • දේවපතිරාජ විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 320 (59.2)සඳරු මල්ශාන් නොදැවී 200, යසිරු ලක්ෂාන් 61, පුල්ජිත් වත්සුක 29
  • සාන්ත අන්තෝනිවිද්‍යාලය – දෙවැනිඉනිම කඩුල්ලක් දැවී 23 (11.0) ලිනාත් ආරියසිංහ නොදැවී 10, සඳරු මල්ශාන් 1/06

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය රත්ගම දේවපතිරාජ විද්‍යාලයට.)  

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ කැළණිය ගුරුකුල විද්‍යාලය අතර තරගය මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier A)

කාසියේ වාසිය – ගුරුකුල විද්‍යාලය

  • ගුරුකුල විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 191 (66.1)සහස් ඉඳුවර 20, අදීප පිංසාර 21, ජවිඳු මදුශංක 21, ඉඳුවර ඔශද 27, නෙතුප සංදිව් 37, කොශේන්ද්‍ර ප්‍රනාන්දු 4/67, ශෙනාෂ් හශේන් 2/44, ලශේන් ප්‍රනාන්දු 2/20, නවිනු ප්‍රනාන්දු 2/09
  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 350 (71.0)ලශේන් ප්‍රනාන්දු 61, කොශේන්ද්‍ර ප්‍රනාන්දු 101, තිවංක ප්‍රනාන්දු 30, චමත් වෙල්ලාලගේ 48, අදීශ ලක්ශාන් 71, කලන සුභාශන 2/55, තෙනුක චමිත් 2/58
  • ගුරුකුල විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 120 (40.0)ජවිඳු මදුශංක නොදැවී 54, අතීෂ මලිඳු නොදැවී 24, කොශේන්ද්‍ර ප්‍රනාන්දු 3/40, ලශේන් ප්‍රනාන්දු 3/32

තරගයේ විසඳුමක් නෑ.(පළමු ඉනිමේ ජය මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට.)

අන්තර් පාසල් පළමු පෙළ දෙදින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<