වෙළඳසේවා සුපිරි තරගාවලිය ඇරඹේ; Fairfirst, HNB A, CDB A සහ Hayleys A ජයග්‍රහණ අතරට

Singer – MCA Super Premier League 2023

580
Singer – MCA Super Premier League 2023

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සහ සිංගර් ශ්‍රී ලංකා සමාගම එක්ව 30 වැනි වරටත් සංවිධානය කරන Singer – MCA Super Premier League 2023 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (08) තරග 4ක් පැවතියා.

එම තරගවල දී පිතිකරුවන් ලෙසින් දක්ෂතා දැක්වීමට ක්‍රිශාන් සංජුල, සඳුන් වීරක්කොඩි සහ මුදිත ලක්ෂාන් සමත් වූ අතර පන්දු යැවීමේ දී නවෝද් පරණවිතාන, මධුක ලියනපතිරණගේ සහ අකිල ධනංජය සමත් වුනා.

කෝල්ට්ස් ක්‍රීඩාංගණය

Fairfirst Insurance සහ CL Synergy Limited අතර පැවති මෙම තරගයෙන් ලකුණු 136ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Fairfirst Insurance කණ්ඩායම සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් CL Synergy ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත් අතර  ඒ අනුව පිටියට පිවිසි Fairfirst Insurance ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 253ක් ලබා ගත්තා.

එම ඉනිමේ වැඩිම ලකුණුලා භියා වූයේ ආරම්භක පිතිකරු ක්‍රීශාන් සංජුල. ඔහු පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තා.

ඊට අමතර ව අසේල් සිගේරා පන්දු 45ක දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 45ක් ද සහ නායක අනුක් ප්‍රනාන්දු පන්දු 70ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 45ක් ද රැස් කළා. ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට ලකුණු 78ක සබඳතාවක් එක් කළා.

පන්දු යැවීමේ දී නවෝද් පරණවිතාන ලකුණු 38කට කඩුලු 4ක් දවා ගත්තා.

Fairfirst Insurance කණ්ඩායමට පිළිතුරු ලෙසින් CL Synergy Limited කණ්ඩායමට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 117ක් පමණයි.

හඹා යන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ පවන් රත්නායක. ඔහු පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 23ක් ලබා ගත්තා. කඩුලු දවා ගැනීමේ දී වනුජ සහන් කුමාර ලකුණු 29කට කඩුලු 3ක් දවා ගත් අතර අනුක් ප්‍රනාන්දු සහ අසේල් සිගේරා කඩුලු 2 බැගින් දවා ගත්තා.

  • Fairfirst Insurance – කඩුලු 9ක් දැවී 253 (50) ක්‍රිශාන් සංජුල 50, මිනෝද් භානුක 24, අසේල් සිගේරා 45, අනුක් ප්‍රනාන්දු 45, වනුජ සහන් කුමාර 30, නවෝද් පරණවිතාන 4/38

  • CL Synergy Limited – සියලුම දෙනා දැවී 117 (28) පවන් රත්නායක 23, ප්‍රියමාල් පෙරේරා 17, වනුජ සහන් කුමාර 3/29, අනුක් ප්‍රනාන්දු 2/24, අසේල් සිගේරා 2/05

Fairfirst Insurance කණ්ඩායමට ලකුණු 136ක ජයක්.

NCC ක්‍රීඩාංගණය

John Keels A සහ HNB A කණ්ඩායම් අතර පැවති මෙම තරගයෙන් කඩුලු 2ක ජයග්‍රහණයක් ලබා ගැනීමට HNB A ක්‍රීඩකයෝ සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් HNB A ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි John Keels A ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 137ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් HNB A තවත් පන්දුවාර 22ක් සහ කඩුලු 2ක් ඉතිරිව තිබිය දී එම ඉලක්කය සපුරා ගත්තා.

John Keels A වෙනුවෙන් ධනංජය ලක්ෂාන් පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 41ක් ලබා ගැනීමට ධනංජය ලක්ෂාන් සමත් වුනා.

පන්දු යැවීමේ දී මධුක ලියනපතිරණගේ ලකුණු 22කට කඩුලු 4ක් දවා ගත්තා.

හඹා යන HNB A ඉනිමේ දී අර්ධ ශතකයක් වාර්තා කිරීමට ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි සමත් වුනා. ඔහු පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අකිල ධනංජය ලකුණු 43කට කඩුලු 4ක් දවා ගත්තා.

  • John Keels A – සියලුම දෙනා දැවී 137 (31.5) විනුර දුල්සර 25, ධනංජය ලක්ෂාන් 41, අහන් වික්‍රමසිංහ 27, මධුක ලියනපතිරණගේ 4/22, චලන ද සිල්වා 2/19

  • HNB A – කඩුලු 8ක් දැවී 138 (28) සඳුන් වීරක්කොඩි 51, රන්මිත් ජයසේන 20, මනෙල්ක ද සිල්වා නොදැවී 19, අකිල ධනංජය 4/43

HNB A කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

පී. සරා Oval ක්‍රීඩාංගණය

Mode Engineering සහ CDB A කණ්ඩායම් අතර පැවති මෙම තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට CDB A සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් CDB A නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Mode Engineering ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 171ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමේ දී CDB A ක්‍රීඩකයෝ කඩුලු 7ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තා.

Mode Engineering වෙනුවෙන් කවිඳු පතිරත්න පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තා. කඩුලු දවා ගැනීමේ දී නිම්සර අතරගල්ල සහ තරිඳු රත්නායක කඩුලු 2 බැගින් බෙදා ගත්තා.

පිළිතුරු ජයග්‍රාහී CDB A කණ්ඩායමේ ඉනිමේ දී අර්ධ ශතකයක් වාර්තා කිරීමට මුදිත ලක්ෂාන් සමත් වුනා. ඔහු පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා ගත්තා. ඊට අමතර ව චානක රුවන්සිරි ලබා ගත් ලකුණු සංඛ්‍යාව 31ක්.

කඩුලු දවා ගැනීමේ දී දනාල් හේමානන්ද සහ අශාන් ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවා ගත්තා.

  • Mode Engineering – සියලුම දෙනා දැවී 171 (43.5) විනුක රූබසිංහ 32, සංජුල බණ්ඩාර 19, රනිත ලියනාරච්චි 29, කවිඳු පතිරත්න 35, නිම්සර අතරගල්ල 3/15, තරිඳු රත්නායක 3/45, ලක්ෂිත මනසිංහ 2/19, චානක රුවන්සිරි 2/24

  • CDB A – කඩුලු 7ක් දැවී 173 (26.5) චානක රුවන්සිරි 31, මුදිත ලක්ෂාන් නොදැවී 52, මොවින් සුබසිංහ 19, දනාල් හේමානන්ද 2/42, අශාන් ප්‍රනාන්දු 2/37

CDB A කණ්ඩායමට කඩුලු 3ක ජයක්.

කටුනායක FTZ ක්‍රීඩාංගණය

Hayleys Group A සහ BBK Partnership කණ්ඩායම් අතර පැවති මෙම තරගයෙන් ලකුණු 38ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Hayleys Group A ක්‍රීඩකයෝ සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් BBK Partnership නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Hayleys Group A ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 185ක් ලබා ගත්තා.

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 47ක් ලබා ගත්තා. කඩුලු ලබා ගැනීමේ දී ඉසිත විජේසුන්දර ලකුණු 39කට කඩුලු 3ක් දවා ගත්තා.

හඹා යන ඉනිමේ දී BBK Partnership කණ්ඩායමට සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 147ක් පමණයි.

එම ඉනිම වෙනුවෙන් නායක සංගීත් කුරේ පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා ගත් අතර සොහාන් ද ලිවේරා පන්දු 22ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට ලකුණු 58ක සබඳතාවක් එක් කළා.

කඩුලු දවා ගැනීමේ දී ට්‍රෙවීන් මැතිව් ලකුණු 28කට කඩුලු 3ක් දවා ගත්තා.

  • Hayleys Group A – සියලුම දෙනා දැවී 185 (42.4) අවිශ්ක ප්‍රනාන්දු 47, ටී. එම්. සම්පත් 20, විශාද් රන්දික 28, සංතුශ් ගුණතිලක 26, ඉසිත විජේසුන්දර 3/39, සරාන් ඇන්ටන් 2/39

  • BBK Partnership – සියලුම දෙනා දැවී 147 (39) සොහාන් ද ලිවේරා 20, සංගීත් කුරේ 34, ෂෙරන් ෆොන්සේකා 22, ටී. එම්. සම්පත් 2/21, ට්‍රෙවීන් මැතිව් 3/28

Hayleys Group A කණ්ඩායමට ලකුණු 38ක ජයක්.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<