Home Sinhala දික්වැල්ල, රවිඳු සහ පවන් රත්නායක ශතක ලාභීන් අතරට

දික්වැල්ල, රවිඳු සහ පවන් රත්නායක ශතක ලාභීන් අතරට

ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය 2023

221

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ජාතික සුපර් ලීග් තරගාවලියේ අද (03) පැවති මූලික වටයේ අවසන් තරගවලින් ජයග්‍රහණ වාර්තා කිරීම​ට දඹුල්ල සහ මහනුවර කණ්ඩායම් සමත් වුනා.

දඹුල්ල සහ යාපනය

තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම්  ලබා ගත් කණ්ඩායම් දෙක අතර පැවති මෙම තරගය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය කිරීමට දඹුල්ල ක්‍රීඩකයින් සමත් වුනා.

කොළඹ පී. සර​වනමුත්තු ක්‍රීඩාංගණයේ දී පැවති ​මේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් යාපනය ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 233ක් පමණයි.

ආරම්භයේ සිටම යාපනය ක්‍රීඩකයින්ට ලකුණු අතරට ඒමට ඉඩ නොදුන් දඹුල්ල ක්‍රීඩකයින් විසින් නවෝද් පරණවිතාන (04), කසුන් අබේරත්න (18) සහ ජනිත් ලියනගේ (03) දවා ගැනීමට සමත් වුනේ ලකුණු 38ක් තුළයි.

කණ්ඩායමේ බලාපොරොත්තු සහගත පිතිකරුවෙකු වූ නිෂාන් මදුෂ්ක ලකුණු 20කට නුවන් තුෂාර හමුවේ දැවී ගිය අතර අනෙක් පිතිකරුවන්ට ද වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ඉඩ නොදෙමින් පළමු කඩුලු 7 ලකුණු 89ක් තුල දවා ගැනීමට දඹුල්ල ක්‍රීඩකයින්ට හැකි වුනා.

නමුත් අටවැනි කඩුල්ල සඳහා දිලුම් සුදීර සහ රවිඳු ප්‍රනාන්දු ලකුණු 59ක සම්බන්ධතාවක් ගොඩ නැගූ අතර දිලුම් සුදීර ලකුණු 16ක් ලබා සිටින විට දවා ගැනීමට දුෂාන් හේමන්ත සමත් වුනා.

යාපනය ඉනිමට තරමක ජීවයක් එක් කරමින් අටවැනි කඩුල්ල සඳහා ජෙෆ්රි වැන්ඩර්සේ සහ රවිඳු ප්‍රනාන්දු ලකුණු 68ක සම්බන්ධතාවක් ගොඩ නැගූ අතර අගනා ඉනිමක් ක්‍රීඩා කළ රවිඳු ප්‍රනාන්දු පන්දු 89ක් තුළ හතරේ පහර 11ක් සහ හයේ පහර 5ක් සමඟ ලකුණු 100ක් රැස් කළා.

පන්දු යැවීමේ දී දඹුල්ල වෙනුවෙන් අසිත ප්‍රනාන්දු සහ ලහිරු සමරකෝන් කඩුලු තුන බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස මිනෝද් භානුක ලකුණු 08ක් ලබා සිටිය දී දැවී ගිය අතර දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 40ක සම්බන්ධතාවක් ගොඩ නැගීමෙන් පසු කමිඳු මෙන්ඩිස් ලකුණු 14කට දැවී ගියා.

ලසිත අබේරත්න ලකුණු 10කට දවා ගනිමින් තරමක පීඩනයක් දඹුල්ල ක්‍රීඩකයින්ට එල්ල කිරීමට යාපනය කණ්ඩායමට හැකි වූවත්, සිව්වැනි කඩුල්ලට ලකුණු 82ක සම්බන්ධතාවක් ගොඩනගමින් කණ්ඩායම ජයග්‍රහණය​ට ආසන්න කිරීමට සොනාල් දිනූෂ සහ පවන් රත්නායක සමත් වුනා.

සොනාල් ලකුණු 38ක් ලබා සිටිය දී දිලුම් සුදීරගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර අගනා ඉනිමක් ක්‍රීඩා කළ පවන් රත්නායක නොදැවී ලකුණු 107ක් රැස් කළා.

පන්දුවාර 37ක් අවසානයේ දඹුල්ල ක්‍රීඩකයින් කඩුලු 4ක් දැවී ලකුණු 187ක් ලබා සිටිය දී අයහපත් ආලෝක තත්වය නිසා තරගය නතර කිරීමට විනිසුරුවරුන් කටයුතු කළ අතර ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ඔවුන් ලකුණු 34ක් පෙරමුණේ පසු වුනා.

Result


Team Dambulla
186/4 (37)

Team Jaffna
233/10 (46.1)

Batsmen R B 4s 6s SR
Navod Paranavithana c Minod Bhanuka b Asitha Fernando  4 7 0 0 57.14
Nishan Madushka c Sonal Dinusha b Nuwan Thushara 20 20 4 0 100.00
Kasun Abeyratne c Ashan Priyanjan b Asitha Fernando  18 11 2 1 163.64
Janith Liyanage c & b Lahiru Samarakoon 3 14 0 0 21.43
Avishka Tharindu b Lahiru Samarakoon 2 4 0 0 50.00
Lahiru Madushanka c Lahiru Samarakoon b Asitha Fernando  11 22 0 1 50.00
Raveen De Silva b Lahiru Samarakoon 13 33 1 0 39.39
Ravindu Fernando  c Kamindu Mendis b Nuwan Thushara 100 89 11 5 112.36
Dilum Sudeera  c Minod Bhanuka b Dushan Hemantha 16 31 0 0 51.61
Jeffrey Vandersay  b Dushan Hemantha 18 40 0 0 45.00
Yasiru Rodrigo not out 0 8 0 0 0.00


Extras 28 (b 4 , lb 10 , nb 0, w 14, pen 0)
Total 233/10 (46.1 Overs, RR: 5.05)
Bowling O M R W Econ
Asitha Fernando  6 0 31 3 5.17
Nuwan Thushara 7.1 0 41 2 5.77
Lahiru Samarakoon 10 2 41 3 4.10
Sonal Dinusha 8 0 23 0 2.88
Lakshan Sandakan 6 0 40 0 6.67
Dushan Hemantha 9 1 43 2 4.78


Batsmen R B 4s 6s SR
Minod Bhanuka b Yasiru Rodrigo 8 13 1 0 61.54
Pavan Rathnayake  not out 107 102 13 2 104.90
Kamindu Mendis c Avishka Tharindu b Lahiru Madushanka 14 23 2 0 60.87
Lasith Abeyrathne c Avishka Tharindu b Raveen De Silva 10 10 1 0 100.00
Sonal Dinusha c Ravindu Fernando  b Dilum Sudeera  38 54 3 0 70.37
Dushan Hemantha not out 7 20 0 0 35.00


Extras 2 (b 0 , lb 0 , nb 0, w 2, pen 0)
Total 186/4 (37 Overs, RR: 5.03)
Bowling O M R W Econ
Yasiru Rodrigo 6 0 41 1 6.83
Janith Liyanage 6 0 41 0 6.83
Navod Paranavithana 1 0 9 0 9.00
Dilum Sudeera  5 0 22 1 4.40
Lahiru Madushanka 3 0 13 1 4.33
Raveen De Silva 6 0 16 1 2.67
Ravindu Fernando  4 0 15 0 3.75
Jeffrey Vandersay  6 0 29 0 4.83



මහනුවර සහ කොළඹ

ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව ලකුණු 48ක ජයග්‍රහණයක් ලබා ගැනීම​ට මහනුවර ක්‍රීඩකයින් සමත් වුනා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 271ක් රැස් කළා.

කොළඹ කණ්ඩායමේ පළමු කඩුලු තුන ලකුණු 25ක් තුළ දවා ගැනීමට මහනුවර ක්‍රීඩකයින් සමත් වූ අතර ලකුණු 31ක් ලබා සිටි දුෂාන් විමුක්ති දුවද්දී දැවී යාමකට හසු වෙමින් දැවී යද්දී මුළු ලකුණු සංඛ්‍යාව දිස් වුණේ ලකුණු 98ක් ලෙසයි.

සිව්වැනි කඩුල්ල සඳහා නායක නිපුන් ධනංජය සම​ඟ එක්ව ලකුණු 114ක සම්බන්ධතාවක් ගොඩ නැගීමෙන් පසු අශේන් බණ්ඩාර අවාසනාවන්ත ලෙස දැවී ගියේ ලකුණු 99ක් ලබා සිටින විටයි.

නායක නිපුන් ධනංජය පන්දු 78ක් තුළ ලකුණු 62ක් රැස් කිරීමට සමත් වූ අතර ඉසිත දෙව් නොදැවී ලකුණු 19යි.

පන්දු යැවීමේ දී නිපුන් රංසික ලකුණු 32​කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූ අතර අම්ෂි ද සිල්වා ලකුණු 59ට කඩුලු දෙකක් දවා ගත්තා.

ලකුණු 272ක තරමක අපහසු ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි මහනුවර කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 38 දී දැවී ගියත්, දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 77ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට සඳුන් වීරක්කොඩිට සහ නිරෝෂන් දික්වැල්ලට හැකි වුනා.

ලකුණු 32ක් ලබා සිටි වීරක්කොඩි ලක්ෂිත මණසිංහගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ දික්වැල්ල පන්දු 81ක් තුළ ලකුණු 101ක් ලබා ගත්තේ හතරේ පහර 12ක් සහ හයේ පහර 4ක් සමඟිනුයි.

ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ ලහිරු උදාර පන්දු 68ක් අවසානයේ නොදැවී ලකුණු 53ක් රැස් කළ අතර අහන් වික්‍රමසිංහ නොදැවී ලකුණු 26ක් ලබා සිටියා.

මහනුවර ක්‍රීඩකයින් පන්දුවාර 40.3ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 244ක් ලබා සිටිද්දී ඇදවැටුණු වර්ෂාව නිසා තරගය නතර කිරීමට සිදු වුනා. තරගය නැවත ආරම්භ කිරීමට නොහැකි වූ නිසා ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය මත ලකුණු 48ක ජයක් මහනුවර ක්‍රීඩකයින්ට හිමි වුනා.

ජාතික සුපර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය දඹුල්ල සහ යාපනය කණ්ඩායම් අතර බ්‍රහස්පතින්දා (06) දිවා-රාත්‍රි තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි. එම තරගයේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ​ම.

Result


Team Kandy
244/4 (40.3)

Team Colombo
271/7 (50)

Batsmen R B 4s 6s SR
Avisha Fernando c Sandun Weerakkody b Amshi De Silva 1 5 0 0 20.00
Sithara Gimhana c Thanuka Dabare b Nipun Ransika 9 13 2 0 69.23
Dushan Vimukthi run out (Wanuja Sahan) 31 62 2 0 50.00
Lakshitha Manasinghe c Wanuja Sahan b Nipun Ransika 5 8 0 0 62.50
Ashen Bandara b Wanuja Sahan 99 98 7 3 101.02
Nipun Dhananjaya c Niroshan Dickwella b Nipun Ransika 62 78 3 1 79.49
Sachitha Jayathilake c Niroshan Dickwella b Amshi De Silva 15 19 1 0 78.95
Isitha Dew Wijesundara not out 19 13 2 0 146.15
Prabath Jayasuriya not out 5 6 0 0 83.33


Extras 25 (b 4 , lb 7 , nb 2, w 12, pen 0)
Total 271/7 (50 Overs, RR: 5.42)
Bowling O M R W Econ
Nipun Ransika 8 2 32 3 4.00
Amshi De Silva 9 0 59 2 6.56
Wanuja Sahan 10 0 44 1 4.40
Sachindu Colombage 10 0 45 0 4.50
Thanuka Dabare 6 0 42 0 7.00
Wanuja Sahan 2.3 0 9 0 3.91
Sandun Weerakkody 4.3 0 29 0 6.74


Batsmen R B 4s 6s SR
Niroshan Dickwella b Udith Madushan 103 81 12 4 127.16
Oshada Fernando c Avisha Fernando b Dushan Vimukthi 19 10 1 2 190.00
Sandun Weerakkody b Lakshitha Manasinghe 32 41 4 0 78.05
Lahiru Udara not out 53 68 3 1 77.94
Thanuka Dabare c Sithara Gimhana b Udith Madushan 0 3 0 0 0.00
Ahan Wickramasinghe not out 26 41 2 0 63.41


Extras 11 (b 4 , lb 4 , nb 1, w 2, pen 0)
Total 244/4 (40.3 Overs, RR: 6.02)
Bowling O M R W Econ
Nuwan Pradeep  7 0 30 0 4.29
Dushan Vimukthi 7 0 66 1 9.43
Isitha Dew Wijesundara 3 0 20 0 6.67
Lakshitha Manasinghe 5 0 35 1 7.00
Prabath Jayasuriya 10 0 42 0 4.20
Udith Madushan 5.3 0 27 2 5.09
Ashen Bandara 3 0 16 0 5.33



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<