ශ්‍රී ලංකා ක්‍රිකට් වලට නව තාක්ෂණික කමිටුවක්

416

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව තාක්ෂණික කමිටුව නම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කර තිබෙනවා.

ජාතික ක්‍රීඩා පනතේ 25 වැනි ක්‍රීඩා නීතියට අනුව මෙම නව තාක්ෂණික කමිටුව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම් කර තිබෙන අතර එහි සභාපති ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා නම් කර තිබෙනවා.

සාමාජිකයින් පස් දෙනෙකුගෙන් යුත් මම නව තාක්ෂණික කමිටුව සඳහා සනත් ජයසූරියට අමතර ෆර්වීස් මහරුෆ්, කපිල විජේතුංග, චරිත් සේනානායක සහ අසන්ත ද මෙල් යන මහත්වරුන් නම් කර තිබෙනවා.

සනත් ජයසූරිය, අසන්ත ද මෙල් සහ කපිල විජේතුංග මීට පෙර ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටු සභාපතිවරුන් ලෙස කටයුතු කර තිබෙන අතර ෆර්වීස් මහරුෆ් ශ්‍රී ලංකා 19න් පහළ කළමනාකරු ලෙස ද කටයුතු කළා.

ඒ අනුව මාර්තු 27 වැනි සඳුදා නිකුත් කළ අංක 2325/05 දරන ගැසට් නිවේදනය යටතේ මෙම නව තාක්ෂණික කමිටුව බලාත්මක වෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<