ලසිත් සහ සාලින්ද Plate පිටිය වර්ණවත් කරයි

166

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Major League ක්‍රිකට් තරගාවලියේ පළඟ (Plate) තරග පිටියේ අද (18) ආරම්භ වූ තරග අතුරින් ශතක වාර්තා කිරීමට  මීගමුව ක්‍රිකට් සමාජයේ ලසිත් කෘස්පුල්ලේ සහ සාලින්ද උෂාන් සමත් වූහ.

ප්‍රමෝද් මධුවන්තගෙන් ද්විත්ව ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේ මංගල ද්විත්ව ශතකය ලබා ගැනීමට සැරසන්ස් කණ්ඩායමේ….

මීගමුව සහ රාගම අතර තරගය

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ රාගම ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මීගමු ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය අවසන් වෙද්දී කඩුලු 3ක් දැවී ලකුණු 312ක් ලබා ගත්තේ ය.

>>Photos: Moors SC v BRC – Major Plate Tournament 2018/19

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ලසිත් කෘස්පුල්ලේ පන්දු 205කට මුහුණ දී හතරේ පහර 20ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 157ක් ලබා ගත්තේය. ඊට අමතරව මේ වන විට පන්දු 150කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 63ක් ලබා ගනිමින් ඉනිම ගොඩ නැංවීමට උදව් දුන්නේය.

මීගමුව ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 3ක් දැවී 312 (90) ලසිත් කෘස්පුල්ලේ 157, අශේන් සිල්වා 46, ප්‍රසංසන ජයමාන්න නොදැවී 63, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 21

රාජකීයේ මිශාරගෙන් රාජකීය ඉනිමක්

පාසල් ක්‍රිකට් වාර්තා පොත් අලුත් වන 2018/19 සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක්ම ඊයේත් (18) සාර්ථක ලෙස…

මුවර්ස් සහ බී. ආර්. සී. අතර තරගය

කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බී. ආර්. සී. නායකයාගේ ආරාධනාවෙන් පිටියට පිවිසි මුවර්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 321ක් ලබා ගත්හ.

එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ චාමර සිල්වා ය. ඔහු පන්දු 69කට මුහුණ දී හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 81ක් ලබා ගත්තේ ය. ඊට අමතරව පබසර වඩුගේ (68), අනුක් ප්‍රනාන්දු (53) අර්ධ ශතක ලබා ගනිමින් මුවර්ස් ඉනිම ශක්තිමත් කළහ.

පන්දු යැවීමේ දී දුවිඳු තිලකරත්න සහ ටී. එන්. සම්පත් කඩුලු 3 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන බී. ආර්. සී. ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 47ක් ලබා සිටිය හ.  

මුවර්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 321 (75.5) පබසර වඩුගේ 68, චරිත කුමාරසිංහ 21, චාමර සිල්වා 81, ලහිරු අත්තනායක 45, අනුක් ප්‍රනාන්දු 53, මොහොමඩ් ෂිරාස් 2/85, දුවිඳු තිලකරත්න 3/41, ටී. එන්. සම්පත් 3/93

බී. ආර්. සී. කණ්ඩායම; පළමු ඉනිම කඩුල්ලක් දැවී 47 (12) දේශාන් ඩයස් නොදැවී 21

දෙවැනි දිනය නිමා වෙද්දී කැන්ගරුවන් සුක්කානම අතට ගනියි

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන තුන්දින පුහුණු තරගයේ දෙවැනි දිනය අද (18) ගෙවී ගියේ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තරගයේ වැඩි වාසි හිමිකර දෙමිනි.

බදුරලිය සහ වරාය අධිකාරිය කණ්ඩායම අතර තරගය

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින බදුරලිය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 338ක් ලබා සිටිය හ.

එම ඉනිම වෙනුවෙන් වැඩි වෙහෙසක් දැරුවේ සාලින්ද උෂාන් ය. ඔහු පන්දු 179කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 103ක් ලබා ගත්තේ ය. ඊට අමතරව දෙනුවන් රාජකරුණා ද ලකුණු අතරට පිවිසෙමින් 102කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 102ක් ලබා දුන්හ.

කඩුලු ලබා ගැනීමේ දී ඉමේෂ් උදයංග ලකුණු 106කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

බදුරලිය ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 338 (91) සාලින්ද උෂාන් 103, ටටෙන්ඩා තායිබු 45, සචිත් පතිරණ 23, දෙනුවන් රාජකරුණා නොදැවී 88, කෝසල කුලසේකර නොදැවී 29, චානක කොමසාරු 2/116, ඉමේෂ් උදයංග 4/106

මේ සියලු තරග අද (19) දෙවැනි දිනයට ක්‍රියාත්මක ය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<