ThePapare ජනප්‍රියතම රග්බි ක්‍රීඩකයා මෙවරත්

192

ඩයලොග් රග්බි ලීගය හා සමගාමීව පවත්වනු ලබන “ThePapare ජනප්‍රියතම ක්‍රීඩා සමාජ රග්බි ක්‍රීඩකයා” තේරීමේ තරගය මෙවරත් අඛණ්ඩව සිව්වැනි වරට පැවැත්වීමට නියමිතව ඇත. මේ වසරේදීත් ප්‍රේක්ෂක ඔබ කැමතිම රග්බි ක්‍රීඩකයා ThePapare ජනප්‍රියතම රග්බි ක්‍රීඩකයා ලෙස පත්කිරීමේ අවස්ථාව රසිකයන් වෙත පවරා තිබේ.

පාසල් රග්බි ලීගයේ කාලසටහන නිකුත් වෙයි

ශ්‍රී ලංකා රග්බි පිටියේ ප්‍රමුඛ ස්ථානයක් ගෙන තිබෙන “පාසල් රග්බි ලීගය” මේ වසරේ දී ද පැවැත්වීමට…

පසුගිය වසර 3 තුළ පැවති “ThePapare ජනප්‍රියතම රග්බි ක්‍රීඩකයා” තේරීමේ තරගවලින් CR&FC ක්‍රීඩා සමාජයේ සුපුන් වර්ණකුලසූරිය 2018 වසරේදීත්, නාවික හමුදා ක්‍රීඩා සමාජයේ දුලංජන විජේසිංහ 2017 වසරේදීත්, CR&FC ක්‍රීඩා සමාජයේ රෝචන හෙට්ටිආරච්චි 2016 වසරේදීත් ජයග්‍රහණය කිරීමට සමත් විය.

නිමාවට පත්වූ ඩයලොග් රග්බි ලීගයේ පළමු වටයේ තරගවල දී එක් එක් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා මත මෙවර “ThePapare ජනප්‍රියම ක්‍රීඩා සමාජ රග්බි ක්‍රීඩකයා” තේරීමේ තරගය සඳහා සුදුසු ක්‍රීඩකයින් 8 දෙනෙකු තෝරාගත හැකි විය.

තෝරාගත් නාමයෝජනා

  • දුෂ්මන්ත ප්‍රියදර්ශන – හැව්ලොක් ක්‍රීඩා සමාජය
  • බුවනෙක උඩංගමුව – මහනුවර ක්‍රීඩා සමාජය
  • තරින්ද රත්වත්තේ –  CR&FC ක්‍රීඩා සමාජය
  • බුද්ධිම පියරත්න – නාවික හමුදා ක්‍රීඩා සමාජය
  • සුදම් සූරියආරච්චි – CH&FC ක්‍රීඩා සමාජය
  • සචිත් සිල්වා – පොලිස් ක්‍රීඩා සමාජය
  • අශාන් බණ්ඩාර – යුධ හමුදා ක්‍රීඩා සමාජය
  • ගයන්ත ඉද්දමල්ගොඩ – ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

අපරාජිත වාර්තාව තවදුරටත් මහනුවර යටතට

2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ තමන් මුහුණ දුන් …

මෙම වසරේ “ThePapare ජනප්‍රියතම ක්‍රීඩා සමාජ රග්බි ක්‍රීඩකයා” තේරීමේ තරගය සඳහා මනාප පළකිරීම ජනවාරි මස 09 වැනිදා ප.ව. 2.30 සිට ආරම්භ වන අතර එය පෙබරවාරි මස 08 වැනිදා ප.ව. 12.00 දක්වා සිදු කළ හැක.

පහත සඳහන් Link එක හරහා ඔබට මනාපය ප්‍රකාශ කළ හැක.

VOTE NOW: ThePapare Most Popular Club Rugby Player 2019

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<