හිටපු සුපිරි පිතිකරුවෙකුගෙන් ඉන්දියාව ගැන ඉඟියක්

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

498

ඉන්දියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක VVS Laxman ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දී ක්‍රීඩා කළ යුතු ඉන්දීය එක්දින ක්‍රීඩකයින් 11 දෙනා නම් කර තිබෙනවා.

Star Sports හි වැඩසටහනක් සමඟ එකතු වෙමින් VVS Laxman විසින් මේ තේරීම සිදු කළ අතර එහි දී ඔහු විසින් පිතිකරුවන් පස් දෙනෙක්, තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙක්, සහ නිත්‍ය පන්දු යවන්නන් සිව්දෙනෙකු ඇතුළත් කරමින් සිය කණ්ඩායම මෙසේ තෝරා තිබුණා.

Shikhar Dhawan (C), Prithvi Shaw, Suryakumar Yadav, Sanju Samson (WK), Manish Pandey,. Hardik Pandya, Krunal Pandya, Bhuvneshwar Kumar, Deepak Chahar, Kuldeep Yadav, Yuzvendra Chahal

තවත් ක්‍රිකට් පුවත්

ශ්‍රී ලංකා – ඉන්දීය තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – ජූලි 13
  • දෙවැනි එක්දින තරගය – ජූලි 16
  • තුන්වැනි එක්දින තරගය – ජූලි 18
  • පළමු විස්සයි විස්ස තරගය – ජූලි 21
  • දෙවැනි විස්සයි විස්ස තරගය – ජූලි 23
  • තුන්වැනි විස්සයි විස්ස තරගය – ජූලි 25

තරග සියල්ලම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර එක්දින තරග තුන දිවා/රාත්‍රි තරග ලෙසත් (පස්වරු 2.30 සිට), විස්සයි විස්ස තරග රාත්‍රි තරග (පස්වරු 7 සිට) ලෙසත් පැවැත්වෙනවා.

තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<