Home Sinhala 118 වැනි ආදරවන්තයින්ගේ සටන ජය පරාජයෙන් තොරයි!

118 වැනි ආදරවන්තයින්ගේ සටන ජය පරාජයෙන් තොරයි!

Lover's Quarrel 2023

634
Lover's Quarrel 2023

118 වැනි ආදරවන්තයින්ගේ සටනේ දෙවැනි සහ අවසන් දිනය අද (18)  පැවැත්වුණු අතර දිනය නිමා වුනේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙමිනුයි.

දෙවැනි දිනය ආරම්භ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය කඩුලු තුනක් දැවී ලකුණු 74ක් ලබා සිටි අතර දිනයේ පළමු කඩුල්ල ලෙස රිච්මන්ඩ් ඉනිමට තවත් ලකුණු 11ක් එකතු වන විට ලකුණු 11ක් ලබා සිටි තමිඳු ප්‍රදීප්ත දුවද්දී දැවී යාමකට හසු වුනා.

>>MARCH MADNESS 2023<<

පසුව කණ්ඩායම් නායකයා තරින්ද නිර්මාල් විසින් ලකුණු 16ක් ලබා සිටිය දී දවා ගැනීමට මහින්ද විද්‍යාලයේ හිරුණ ගාල්ලගේ සමත් වූ අතර ඒ වන විට රිච්මන්ඩ් ඉනිම කඩුලු 5කට ලකුණු 89 ලෙස දිස් වුනා.

දිනයේ පළමු සැසියේ දී ම රිච්මන්ඩ් විදුහල නොසිතූ විරූ අභාග්‍යයකට එසේ මුහුණ දුන් අතර, ඒ වන විට මහින්ද පන්දු යවන්නන් විසින් සිය උපරිමයේ සිටි බව නොරහසක්.

නමුත් ඉන්පසුව පිටියේ එකතු වූ කවිඳු නිර්මාණ සහ මල්ෂ තරුපති විසින් අගාධයකට වැටී තිබූ රිච්මන්ඩ් ඉනිම කෙමෙන් ගොඩ නැංවීමට සමත් වුනා.

කවිඳු සහ මල්ෂ විසින් රිච්මන්ඩ් ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 92ක විශිෂ්ට සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර පන්දු 72ක් තුල ලකුණු 50ක් ලබා සිටි කවිඳු නිර්මාණගේ දැවී යාමෙන් එම සබඳතාව බිඳ වැටුණා.

කෙසේ වෙතත් කවිඳුගේ දැවී යාමෙන් පසුව රිච්මන්ඩ් ඉනිමේ බිඳ වැටීම නැවතත් ආරම්භ වූ අතර, පවතින තත්වය මනා ලෙස තේරුම් ගත් මල්ෂ තරුපති විසින් සිය ලකුණු ලබා ගැනීමේ වේගය තරමක් ඉහළ නැංවීමට පියවර ගත්තා.

ඒ අනුව දිනයේ පළමු සැසිය හෝ නිමා වන තුරු ක්‍රීඩා කිරීම අවිනිශ්චිතව සිටි ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය දිවා ආහාරයෙන් පසුවත් සිය ඉනිමට තවත් ලකුණු 8ක් එකතු කර ගන්නා තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් ඉනිමේ අවසන් කඩුල්ල ලෙස මල්ෂ තරුපති දැවී යද්දී ඔහු විසින් පන්දු 85කින් ලකුණු 80 ක් ලබා ගෙන තිබුණා. ඔහුගේ ඉනිමට හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් ද අන්තර්ගත වුනා.

ඒ අනුව ගාල්ල මහින්ද විද්‍යාලය සිය ප්‍රථම ඉනිමට ලබා ගත් ලකුණු 316ට පිළිතුරු ලෙස රිච්මන්ඩ් විද්‍යාලයට සියලු දෙනාම දැවී ගොස් ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 220ක් පමණයි.

එහි දී මහින්ද විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ ශෙහාන් හසරංග සහ දිනුර කළුපහන විසින් කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වුනා. ඊට අමතරව කවීන් රුක්ශාන් කඩුලු දෙකක් සහ හිරුණ ගාල්ලගේ විසින් එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව සිය ප්‍රථම ඉනිමෙන් ලත් ලකුණු 96ක වාසිය ද සමඟින් නැවතත් මහින්ද විද්‍යාලය සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පිවිසුණා.

සිය දෙවැනි ඉනිම තීරණාත්මක මොහොතක ආරම්භ කිරීමට සිදු වූ මහින්ද විද්‍යාලයට හැකි ඉක්මනින් රිච්මන්ඩ් විදුහලට අභියෝගයක් විය හැකි ඉලක්කයක් නිර්මාණය කිරීම මෙන්ම, අනවශ්‍ය ලෙස කඩුලු පූජා නොකර සිටීමේ අභිප්‍රාය ද තිබූ බව පෙනී ගියා.

මහින්ද විද්‍යාලයේ දෙවැනි ඉනිමේ දී කිසිදු පිතිකරුවෙකු ඉහළ ලකුණු කරා යාමට සමත් නොවුනත්, සෑම පිතිකරුවෙකුම සිය වගකීම සිහි තබා ගනිමින් කණ්ඩායමේ ජයග්‍රහණය පතා ලකුණු රැස් කළ ආකාරය කැපී පෙනුණා. එහි දී හිරුණ ගාල්ලගේ විසින් ලකුණු 35ක් සහ තරගය පුරාවටම තුන් ඉරියව්වෙන් කැපී පෙනුණු දිනුර කළුපහන විසින් ලකුණු 26ක් ලබා ගැනීමට සමත් වුනා.

මහින්ද විද්‍යාලය විසින් පන්දුවාර 47යි පන්දු 4කට මුහුණ දෙමින් කඩුලු 8ක් දැවී ලකුණු 170ක් ලබා ගැනීමෙන් පසුව සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

මෙහි දී රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් ගෞරවනීය ඉනිමක් දියත් කළ මල්ෂ තරුපති විසින් නැවත වරක් පන්දුවෙන් සාර්ථක වෙමින් ලකුණු 70කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වූ අතර, රිච්මන්ඩ් නායක තරින්ද නිර්මාල් විසින් කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ වන විට දිනය අවසන් වීමට තවත් සීමිත කාල සීමාවත් ඉතිරිව තිබූ අතර තරගය ජයග්‍රහණය කිරීමට නම් රිච්මන්ඩ් විද්‍යාලය විසින් ලකුණු 267ක් ලබා ගත යුතු වුනා.

සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට සුපුරුදු රිච්මන්ඩ් ආරම්භක පිතිකරුවන් යුගලය වන චෙහාන් සුභසිංහ සහ භානුක මනෝහර විසින් පිටියට පිවිසි නමුත් චෙහාන් සුභසිංහ ලකුණු 9ක් ලබා සිටිය දී දවා ගැනීමට ශෙහාන් හසරංග සමත් වුනා.

පසුව පිටියට පිවිසි තරගයේ නිල නොලත් වීරයකු ලෙස සැලකිය හැකි මල්ෂ තරුපති වේගයෙන් ලකුණු රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණයක් වෙත ගෙන යාමට උත්සාහ කළත්, ඔහුගේ උත්සාහය ව්‍යර්ථ වී ගියේ ලකුණු 7කට එම ඉනිම නිමා වීමත් සමඟයි.

පසුව භානුක සමඟ පිටියේ එක් වුනේ තමිඳු ප්‍රදීප්තයි. ඔවුන් දෙදෙනා එක් වී රිච්මන්ඩ් ඉනිම ලකුණු 71ක් තෙක් රැගෙන ඒමට සාමත් වූ අතර ඒ වන විට රිච්මන්ඩ් ඉනිම මුහුණ දී තිබුණේ පන්දුවාර 16කට පමණයි.

කෙසේ වෙතත් ඒ වන විට ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට සැඳෑ අඳුර ගලා එමින් පැවති අතර තව දුරටත් තරගය පවත්වා ගෙන යාමට හැකියාවක් තිබුණේ නැහැ.

තරගය නිමා වන විට රිච්මන්ඩ් විදුහලට තරගය ජයග්‍රහණය කිරීමට නම් කඩුලු 8ක් දවා ගත යුතුව තිබූ අතර, රිච්මන්ඩ් විද්‍යාලයට ජයග්‍රහණය සඳහා ලකුණු 197ක් ලබා ගත යුතුව තිබුණා.

එමෙන්ම දිනය නිමා වන විට රිච්මන්ඩ් දෙවන ඉනිම වෙනුවෙන් භානුක මනෝහර විසින් පන්දු 39කින් ලකුණු 43ක් ලබා ගෙන සිටියා. මහින්ද විද්‍යාලය වෙනුවෙන් නායක ධනුජ ඉඳුවර සහ ශෙහාන් හසරංග විසින් එක් කඩුල්ල බැගින් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව 118 වැනි රිච්මන්ඩ් – මහින්ද ආදරවන්තයින්ගේ මහා ක්‍රිකට් සටන ජය පරාජයෙන් තොරව නිමා වුනා.

මෙම තරගයේ පළමු දිනයේ වැඩි වාසි මහින්ද විද්‍යාලය ලබා ගැනීමට සමත් වුනත්, දෙවැනි දිනයේ දී නැවතත් සටන්කාමී තරග විලාශයක් පෙන්නුම් කරමින් තරගයට අවතීර්ණ වීමට රිච්මන්ඩ් විදුහල සමත් වුනා.

Result

Match drawn

Richmond College
220/10 (52.4) & 71/2 (16)

Mahinda College
316/8 (73.5) & 170/8 (47.4)

Batsmen R B 4s 6s SR
Dinura Kalupahana c Tharindu Nirmal b Sharon Abhishek 75 69 11 1 108.70
Pramesh Madubashana lbw b Malsha Tharupathi 38 84 4 0 45.24
Danuja Induwara lbw b Malsha Tharupathi 101 129 8 1 78.29
Ranmina Hettiarachchi lbw b Yuri koththigoda 16 40 2 0 40.00
Hiruna Mandila c Bhanuka Manohara b Tharindu Nirmal 30 49 5 0 61.22
Hareen Achintha b Tharindu Nirmal 3 17 0 0 17.65
Tharusha Dilshan run out (Janeth Kaushal) 5 26 1 0 19.23
Chandupa De Silva not out 20 22 3 0 90.91
Shehan Hasaranga st Janeth Kaushal b Tharindu Nirmal 18 12 0 2 150.00


Extras 10 (b 0 , lb 2 , nb 5, w 3, pen 0)
Total 316/8 (73.5 Overs, RR: 4.28)
Bowling O M R W Econ
Kavindu Nirmana 11 0 43 0 3.91
Sihath Ramanayaka 7 0 36 0 5.14
Yuri koththigoda 9 1 46 1 5.11
Malsha Tharupathi 19 3 78 2 4.11
Sharon Abhishek 6 0 33 1 5.50
Tharindu Nirmal 21.5 2 78 3 3.63
Batsmen R B 4s 6s SR
Chehan Sri Subasinghe lbw b Kaveen Rukshan 50 86 6 0 58.14
Bhanuka Manohara c Arosha Udayanga b Shehan Hasaranga 0 3 0 0 0.00
Thamindu Pradeeptha run out (Pramesh Madubashana) 10 40 0 0 25.00
Sharon Abhishek c Danuja Induwara b Kaveen Rukshan 0 2 0 0 0.00
Tharindu Nirmal lbw b Hiruna Mandila 16 13 0 0 123.08
Kavindu Nirmana c Hareen Achintha b Dinura Kalupahana 50 73 0 0 68.49
Malsha Tharupathi lbw b Shehan Hasaranga 80 84 0 0 95.24
Mahesha De Silva c Hareen Achintha b Dinura Kalupahana 0 2 0 0 0.00
Janeth Kaushal b Shehan Hasaranga 2 15 0 0 13.33
Sihath Ramanayaka c Danuja Induwara b Dinura Kalupahana 0 3 0 0 0.00
Yuri koththigoda not out 0 0 0 0 0.00


Extras 12 (b 0 , lb 2 , nb 5, w 5, pen 0)
Total 220/10 (52.4 Overs, RR: 4.18)
Bowling O M R W Econ
Shehan Hasaranga 10.4 1 28 3 2.69
Dinura Kalupahana 10 1 39 3 3.90
Danuja Induwara 11 3 54 0 4.91
Tharusha Dilshan 4 0 14 0 3.50
Arosha Udayanga 5 0 15 0 3.00
Kaveen Rukshan 8 0 45 2 5.62
Hiruna Mandila 4 0 23 1 5.75
Batsmen R B 4s 6s SR
Dinura Kalupahana st Janeth Kaushal b Malsha Tharupathi 26 64 0 0 40.62
Pramesh Madubashana c Sihath Ramanayaka b Malsha Tharupathi 13 29 1 0 44.83
Hiruna Mandila b Tharindu Nirmal 35 41 4 0 85.37
Danuja Induwara lbw b Sihath Ramanayaka 4 22 0 0 18.18
Ranmina Hettiarachchi lbw b Malsha Tharupathi 26 47 3 0 55.32
Tharusha Dilshan c Bhanuka Manohara b Malsha Tharupathi 24 48 3 0 50.00
Hareen Achintha not out 7 17 0 0 41.18
Chandupa De Silva c Malsha Tharupathi b Tharindu Nirmal 15 18 2 0 83.33
Shehan Hasaranga c Bhanuka Manohara b Tharindu Nirmal 8 6 1 0 133.33


Extras 12 (b 6 , lb 0 , nb 6, w 0, pen 0)
Total 170/8 (47.4 Overs, RR: 3.57)
Bowling O M R W Econ
Malsha Tharupathi 19 1 70 4 3.68
Sihath Ramanayaka 9 3 26 1 2.89
Kavindu Nirmana 5 0 18 0 3.60
Tharindu Nirmal 9.4 2 29 3 3.09
Sharon Abhishek 2 0 10 0 5.00
Yuri koththigoda 3 0 11 0 3.67


Batsmen R B 4s 6s SR
Chehan Sri Subasinghe b Shehan Hasaranga 9 24 1 0 37.50
Bhanuka Manohara not out 43 39 5 1 110.26
Malsha Tharupathi c Ranmina Hettiarachchi b Danuja Induwara 7 4 1 0 175.00
Thamindu Pradeeptha not out 5 34 0 0 14.71


Extras 7 (b 0 , lb 1 , nb 5, w 1, pen 0)
Total 71/2 (16 Overs, RR: 4.44)
Bowling O M R W Econ
Danuja Induwara 5 0 32 1 6.40
Shehan Hasaranga 5 0 18 1 3.60
Tharusha Dilshan 2 0 4 0 2.00
Hiruna Mandila 1 0 5 0 5.00
Arosha Udayanga 1 0 1 0 1.00
Ranmina Hettiarachchi 1 0 1 0 1.00
Kaveen Rukshan 1 0 9 0 9.00



  • දක්ෂතම පන්දු රකින්නා – ජනිත් කෞෂාල් (රිච්මන්ඩ් විද්‍යාලය)
  • දක්ෂතම පන්දු යවන්නා – මල්ෂ තරුපති (රිච්මන්ඩ් විද්‍යාලය)
  • දක්ෂතම පිතිකරුවා – ධනුජ ඉඳුවර (මහින්ද විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – දිනුර කළුපහන (මහින්ද විද්‍යාලය)

මෙවර පාසල් මහා තරග පිළිබඳ සියලුම තොරතුරු සවිස්තරාත්මකව ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<