Home Sinhala සුලෝහිත සංග්‍රාමයේ වැඩි ගෞරවය නාලන්දාවට

සුලෝහිත සංග්‍රාමයේ වැඩි ගෞරවය නාලන්දාවට

93 වැනි ආනන්ද - නාලන්ද සුලෝහිත සංග්‍රාමය

604
93 වැනි ආනන්ද - නාලන්ද සුලෝහිත සංග්‍රාමය

කොළඹ ආනන්ද සහ නාලන්දා විද්‍යාල අතර පැවති 93 වැනි සුලෝහිත මහා සංග්‍රාමය අද (5) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

දිනය ආරම්භ වන විට සිය පිළිතුරු පළමු ඉනිම දියත් කරමින් සිටි ආනන්ද විද්‍යාලය කඩුල්ලක් දැවී ලකුණු 65ක් ලබාගෙන සිටියා. ඒ නාලන්දා විද්‍යාලය ලබා ගත් ලකුණු 280ට පිළිතුරු ලෙසයි.

ආනන්ද පළමු ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 48ක සබඳතාවයක් ගොඩනැංවීමට කාංචන සහ අශිංස සමත් වුනා. කාංචන ලකුණු 44කට දැවී ගියා.

නාලන්දා දඟපන්දු යවන්නන් හමුවේ එල්ල වුනු පීඩනය නිසා ලකුණු 60ක් තුල ආනන්ද කඩුලු 4ක් බිඳ වැටුණා. ලකුණු 128කට කඩුලු 6ක් බිඳ වැටී තිබිය දී 14 හැවිරිදි කිත්ම විදානපතිරණ අයේෂ් ශෂීමාල් එක්ව ලකුණු 64ක සබඳතාවයක් ගොඩනංවමින් ආනන්දයේ අවදානම විශාල ලෙස අවම කළා.

සිය මංගල මහා තරගයේ දී අර්ධ ශතකයක් ලබා ගත් කිත්ම පන්දු 184ක් තුල ලකුණු 90ක් ලබා ගත්තේ 4 පහර 10ක් එල්ල කරමින්. කෙසේ නමුත් ජනුලගේ පන්දුවක් හමුවේ දැවී යාම නිසා ශතකය සම්පූර්ණ කරගන්නට හැකි වුනේ නැහැ. අවසානයේ දී ආනන්ද පළමු ඉනිම ලකුණු 235කට සීමා කරමින් මිනෝද් සහ ජනුල් කඩුලු 3 බැගින් දවා ගත්තා.

ලකුණු 45ක පළමු ඉනිමේ වාසියක් සහිතව සිය දෙවැනි ඉනිම දියත් කළ නාලන්දා පිතිකරුවන් මුල සිටම වේගයෙන් පන්දුවට පහර දීම සිදු කළා. අවසානයේ දී ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 121ක් ලබාගෙන සිය දෙවැනි ඉනිම අත්හිටවූවා.

එහි දී රුසිරු සහ යසිරු පිළිවෙළින් ලකුණු 38ක් සහ ලකුණු 29ක් ලබාගෙන දස්කම් දැක්වූවා. පන්දු යැවීමේ දී සිය මංගල මහා තරගයට ක්‍රීඩා කළ කවීෂ කඩුලු 3ක් දවා ගත්තේ මහා තරගය තුල සමස්ත කඩුලු 5ක් දවාගෙනයි.

පන්දුවාර 11ක් තුල ලකුණු 167ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ආනන්ද කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 22ක් ලබාගෙන සිටිය දී තරගය අවසන් කිරීමට විනිසුරුවරුන් තීරණය කළා. ඒ අනුව 74 වැනි වරටත් ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරව නිමාව දුටුවා. මිනෝද් දෙවැනි ඉනිමේ කඩුලු 2ක් දවා ගත්තේ සමස්ත තරගයේ කඩුලු 5ක් දවාගෙනයි.

  • දක්ෂතම පන්දු රකින්නා – චනුල් අතුකෝරල (නාලන්දා විද්‍යාලය)
  • දක්ෂතම පන්දු යවන්නා – කවීෂ මෙන්ඩිස් (ආනන්ද විද්‍යාලය)
  • දක්ෂතම පිතිකරු – කිත්ම විදානපතිරණ (ආනන්ද විද්‍යාලය)
  • තරගයේ වීරයා – එරංග ජයකොඩි (නාලන්දා විද්‍යාලය)

Result

Match drawn

Ananda College
235/10 (87.4) & 22/2 (9)

Nalanda College
280/5 (61) & 121/5 (25)

Batsmen R B 4s 6s SR
Rusiru Vilochana c Viduna Wijebandara b Yehan Gunasinghe 32 57 5 0 56.14
Yasiru Samarakoon lbw b Kaveesha Mendis 0 1 0 0 0.00
Sadew Samarasinghe c Yehan Gunasinghe b Kaveesha Mendis 11 27 1 0 40.74
Kushmitha Silva c Ashinsa Nainayake b Ayesh Sashimal 57 91 5 1 62.64
Eranga Jayakodi c Iruth Gimshan b Ayesh Sashimal 83 77 8 3 107.79
Chanul Athukorala not out 44 68 5 0 64.71
Senesh Wijesinghe not out 40 51 3 2 78.43


Extras 13 (b 5 , lb 0 , nb 6, w 2, pen 0)
Total 280/5 (61 Overs, RR: 4.59)
Bowling O M R W Econ
Nethma Samaraweera 9 3 35 0 3.89
Kaveesha Mendis 15 1 61 2 4.07
Isuru Weerasooriya 5 0 17 0 3.40
Yehan Gunasinghe 8 0 32 1 4.00
Kithma Sithmal 5 0 36 0 7.20
Ashinsa Nainayake 7 1 39 0 5.57
Ayesh Sashimal 12 1 53 2 4.42
Batsmen R B 4s 6s SR
Viduna Wijebandara c Yasiru Samarakoon b Janula Indusara 13 18 1 0 72.22
Kanchana De Livera run out (Janula Indusara) 44 66 7 0 66.67
Ashinsa Nainayake c Chanul Athukorala b Eranga Jayakodi 16 59 2 0 27.12
Kenul De Soyza b Janula Indusara 3 19 0 0 15.79
Kithma Sithmal c Senesh Wijesinghe b Janula Indusara 90 184 10 0 48.91
Iruth Gimshan c Yasiru Samarakoon b Minod Caldera 19 30 1 2 63.33
Kaveesha Mendis c Thisara Dewdunu b Chanul Athukorala 8 21 0 0 38.10
Ayesh Sashimal lbw b Chanul Athukorala 19 60 3 0 31.67
Nethma Samaraweera c Kushmitha Silva b Minod Caldera 17 49 1 0 34.69
Isuru Weerasooriya c Thisara Dewdunu b Minod Caldera 0 14 0 0 0.00
Yehan Gunasinghe not out 2 7 0 0 28.57


Extras 4 (b 2 , lb 0 , nb 1, w 1, pen 0)
Total 235/10 (87.4 Overs, RR: 2.68)
Bowling O M R W Econ
Chanul Athukorala 15 7 29 2 1.93
Thisara Dewdunu 6 0 27 0 4.50
Janula Indusara 24 8 44 3 1.83
Sajitha Vithanage 12 0 49 0 4.08
Yasiru Samarakoon 3 0 6 0 2.00
Eranga Jayakodi 5 1 9 1 1.80
Minod Caldera 14.4 2 53 3 3.68
Sadew Samarasinghe 8 1 16 0 2.00
Batsmen R B 4s 6s SR
Yasiru Samarakoon run out (Yehan Gunasinghe) 29 28 3 1 103.57
Rusiru Vilochana c Iruth Gimshan b Kaveesha Mendis 38 43 3 0 88.37
Chanul Athukorala c Kenul De Soyza b Isuru Weerasooriya 12 25 0 0 48.00
Eranga Jayakodi not out 21 27 2 2 77.78
Senesh Wijesinghe b Kaveesha Mendis 0 1 0 0 0.00
Sajitha Vithanage c Kanchana De Livera b Kaveesha Mendis 3 6 0 0 50.00
Sadew Samarasinghe not out 12 21 1 0 57.14


Extras 6 (b 5 , lb 0 , nb 1, w 0, pen 0)
Total 121/5 (25 Overs, RR: 4.84)
Bowling O M R W Econ
Nethma Samaraweera 3 0 18 0 6.00
Kaveesha Mendis 6 0 34 3 5.67
Isuru Weerasooriya 9 0 32 1 3.56
Ayesh Sashimal 2 0 18 0 9.00
Yehan Gunasinghe 3 0 10 0 3.33
Ashinsa Nainayake 2 0 5 0 2.50


Batsmen R B 4s 6s SR
Viduna Wijebandara c Kushmitha Silva b Minod Caldera 3 6 0 0 50.00
Kanchana De Livera not out 13 22 0 0 59.09
Iruth Gimshan b Minod Caldera 6 18 0 0 33.33
Ashinsa Nainayake not out 0 8 0 0 0.00


Extras 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0)
Total 22/2 (9 Overs, RR: 2.44)
Bowling O M R W Econ
Minod Caldera 5 1 11 2 2.20
Janula Indusara 3 0 10 0 3.33
Chanul Athukorala 1 0 1 0 1.00



ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමයේ 46 වැනි එක්දින මහා තරගය, මාර්තු 12 වැනිදා උදෑසන 9 සිට ThePapare.com, Dialog TV නාලිකා අංක 22 සහ Dialog ViU app හරහා සජීව ලෙස නැරඹීමට හැකි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<