ලහිරු අචින්ත Youth Olympic රිදී පදක්කමක් දිනයි!

Summer Youth Olympics 2026

1
Athletics

2026 Youth Olympics ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කමක් දිනා දීමට ලහිරු අචින්ත සමත් වුනා.

2026 යෞවන ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 1500 ඉසව්ව නියෝජනය කළ ලහිරු විසින් මිනිත්තු 3.59.08ක තරග නිමි කාලයක් සමඟ දෙවැනි ස්තානය දිනා ගැනීමට සමත් වූ අතර, මිනිත්තු 3.58.73ක තරග නිමි කාලයක් වැය කැල ඉතියෝපියානු ක්‍රීඩක Seblega Wabi ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුනා.

එමෙන්ම ලෝකඩ පදක්කම දිනා ගැනීමට ස්පාඤ්ඤ ක්‍රීඩකයකු සමත් වුනා.

මෙය ශ්‍රී ලංකාව විසින් යොවුන් ඔලිම්පික් උළෙලක දී ලැබූ දෙවැනි පදක්කම වන අතර, මීට පෙර පාරමී වසන්ති විසින් 2018 යොවුන් ඔලිම්පික් උළෙලේ දී ලෝකඩ පදක්කමක් ජය ගැනීමට සමත් වුනා.

ඒ අනුව ලහිරුගේ මෙම රිදී පදක්කම මෙතෙක් යොවුන් ඔලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලද විශිෂ්ට ජයග්‍රහණය ලෙස සටහන් වන අතර, මෙම පදක්කමත් සමඟ ශ්‍රී ලංකාව මෙවර පදක්කම් සටහනේ 60 වැනි ස්ථානයට පැමිණීමට ද සමත් වී තිබීම විශේෂත්වයක්.

2026 යොවුන් ඔලිම්පික් තරගාවලිය පිළිබඳ සම්පූර්ණ තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>